Author: Buzzer Editorial

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ගලගෙදරින් අවසන් කරන්නේ යම් කාලයකදී එම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම් සහිතව බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අද (09) පාර්ලිමේන්තුවේ දී අනුරාධ ජයරත්න මන්ත්‍රීවරයා විසින් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ මහනුවර නගරයේ තවත් මාර්ග සංවර්ධන කටයුතු රැසක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවය. එමෙන්ම දිට්වා නිසා හානි වු කොළඹ – මහනුවර උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතුද මෙම වසර අවසනයේ හෝ 2027 වසරේ පළමු මාස දෙක වනවිට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. “අපි සංචාරක සහ අනෙකුත් සියලු ක්ෂේත්‍ර එක්ක ගත්තහම, මේ නුවර…

Read More

පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ හදිසි තත්ත්වයත් සමඟ එම පරිශ්‍රය තුළ රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය විසින් තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කළේ, එම බන්ධනාගාරය අපරාධ ස්ථානයක් බවට සලකන බවය. අදාළ ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් අනතුරුව මීගමුව බන්ධනාගාර පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව තිබේ. එමෙන්ම විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයෙහි ආරක්ෂිතව විමර්ශන කටයුතු සිදු කිරීමට ඉඩ හැරීමටද, රැඳවියන්ගේ ආරක්ෂාව සැලැස්වීමට ද, විමර්ශන කටයුතු අවසාන වීමෙන් පසු මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් ආරම්භ කිරීමටද හැකි වන පරිදි මෙම පරිශ්‍රයේ රඳවා සිටි රැඳවියන් බොහෝමයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍රයන්…

Read More

මෙරට සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය මේ බව සඳහන් කළේය. ඒ අනුව මේ දක්වා රට පුරා මේ වසරේදී වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 65,034කි. ජූලි මාසයේ පළමු දින 08 තුළ පමණක් රෝගීන් 9,654ක් වාර්තා වී ඇති අතර, ඊයේ (08) දිනට පමණක් රෝගීන් 1,300ක් පමණ වාර්තා වු බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසීය. මේ වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,332ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,150ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,600ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,354ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන්…

Read More

බන්ධනාගාර ගතකර සිටි භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය ලබාදුන් දෙදෙනා ඇතුළු සිව්දෙනා අද (09) යළි අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. බන්ධනාගාර ගතකර සිටි නුවරඑළිය ප්‍රදේශයෙදී භෞත චිකිත්සකවරිය ඝාතනය කළ ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය ලබාදුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරා, මැණික්හින්න පොලීසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා මෙලෙස අද නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යොමුකර තිබේ. මෙම සැකකරුවන් නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහෙස්‍ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රදවා ගැනීමේ නියෝග මත විමර්ශන සිදුකර එම සැකකරුවන් ජූනි මස (26) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් අද…

Read More

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ. 2013 වසරේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ආයෝජන මණ්ඩලයේ කටයුත්තක් ඉටු කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දහයක අල්ලසක් ලබාගැනම සම්බන්ධයෙන් මෙම නඩුවෙන් චෝදනා එල්ල කර ඇත. අල්ලස් පනත යටතේ චෝදනා දෙකක් යටතේ මෙම චෝදනා ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

Read More

චර්ම රෝග මේ වන විට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසති. චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නයනී මදරසිංහ මහත්මිය සඳහන් කළේ, චර්ම රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට සායන වෙත පැමිණෙන රෝගීන්ගේ ඉහළයාමක් පෙන්නුම් කරන බවය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ නයනී මදරසිංහ මහත්මිය මේ බව සඳහන් කළාය. “සමේ රෝග කියන එක ඉතාමත් බහුල දෙයක්.ලෝකී ජනගහනයෙන් මිලියන 4කට පමණ ප්‍රමාණයකට සමේ රෝග තිබෙනවා කියන එක දත්ත මගින් තහවුරු වෙලා තියෙනවා. ලංකාවේ කොතරම්ද කියන්න දත්ත නැති වුණාට සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විදියට සමේ රෝග කියන විදියට බරපතළ සෞඛ්‍යම ගැටලුවක්. රෝගියෙකුට සමේ රෝග පිළිබඳ…

Read More

All Ceylon Tamil Congress Member of Parliament G.G. Ponnambalam has requested that the seating position of MP Ramanathan Archchuna in Parliament be changed, alleging that conduct of the Jaffna District Parliamentarian towards him has become disruptive. In a letter directed to the Speaker of House, MP Ponnambalam stated that Parliamentarian Ramanathan Archchuna, who is seated to his left in the chamber, has repeatedly engaged in verbal abuse, made threats of violence and used derogatory remarks against him at public events, District Coordinating Committee meetings, and on social media. MP Ponnambalam said the situation has recently worsened to the extent that…

Read More

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ (08) දිනයේදී අදාළ රැඳවියන් වාරියපොළ සහ බෝගම්බර යන බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති බවය. අදාළ බන්ධනාගාරයේ රඳවා සිටි විදේශීය කාන්තා රැඳවියන් පිරිසක් ද ඒ අතර වන බව සඳහන්ය. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග එහි රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක් ද විරෝධතාවයක නිරතව වී සිටියහ. කෙසේ වෙතත් මේ වන විට එම විරෝධතාවය අවසන් කර ඇති අතර ක්‍රමානුකුලව එම රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත යොමුකරමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සි. ගජනායක මහතා සඳහන් කළේය. මේ අතර මීගමුව බන්ධනාරයේ පිරිමි රැඳවියන් වෙනත් බන්ධනාගාර…

Read More

පැයට කිලෝමීටර 200ක පමණ ප්‍රබල වේගයක් සහිතව ශාන්තිකර සාගරයේ වර්ධනය වූ ‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2024 වසරෙන් පසු ආසියා-පැසිෆික් කලාපයට බලපාන ප්‍රබලම සුළි කුණාටුව මෙය විය හැකි බැවින් සූදානම් වන ලෙස බලධාරීන් ජනතාවට දන්වා ඇත. චීන ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසා ඇත්තේ කිලෝමීටර 1,000ක් පමණ තරම් විශාල වට ප්‍රමාණයකින් යුත් මෙම කුණාටුව, එළැඹෙන සෙනසුරාදා සවස චීනයේ නැගෙනහිර ෆුජියෑන් පළාතට ඇතුළු වීමට පෙර උතුරු තායිවානය ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. තායිවානයේ කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ, ‘බාවි’ යනු 1987 වසරෙන් පසු තායිවානයට බලපාන විශාලතම කුණාටුව වන අතර මෑත වසරවලදී මෙතරම් විශාල…

Read More

ඉදිරියේ දී ඇති විය හැකි එල් නිනෝ තත්ත්වය හමුවේ ජල කළමනාකරණයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, ජල කළමනාකරණයට සම්බන්ධ සියලු ආයතනවලින් සමන්විත යාන්ත්‍රණයක් සකස් කර ඊට අවශ්‍ය පියවර ගන්නා බවය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා, “කොහොමත් අපේ ජුලි – අගෝස්තු මාසවල වියළි කාලගුණයක් තමා තියෙන්නේ. නමුත් ඒ වියළි කාලගුණය ටිකක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුළුවන්. ඊළඟට පටන් ගන්නවා ඊශාන දිග මෝසම. සැප්තැම්බර් 15 ඉඳන් තමා වැස්ස වැටෙන්න නියමිතව තියෙන්නේ. නමුත් සැප්තැම්බර් මාසයේ වැස්ස යම් අඩුවක් තියෙන්න පුළුවන්. නමුත් ඔක්තෝබර් – නොවැම්බර් -…

Read More