- ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
- රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
- නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
- බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
- ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
- ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
- ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
- කටුවාන ගින්නෙන් 5ක් මරුට
Author: Buzzer Editorial
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71ක් දෙනෙකුට ඩෙංගු වැලඳී ඇති අතර, සිසුන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසයි. වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් ශාස්ත්‍ර පීඨයේ වන බැවින් ඔවුන්ගේ අධ්‍යන කටයුතු පිළිබඳව අවධානය යොමුකරමින් සතියක කාලයක් පීඨ කිහිපයක දේශන කටයුතු පමණක් ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට සිදුකිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කළ බවද උපකුලපතිවරයා සඳහන් කළේය. ඩෙංගු ව්‍යාප්තිය හමුවේ විශ්වවිද්‍යාලය මඟින් එම තත්ත්වය පාලනයට පියවර ගණනාවක් ගෙන ඇති බවත්, රෝහල්ගත කළ සිසුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂා කරමින් කටයුතු කරන බවද මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා කියා සිටියේය. ඩෙංගු වැලඳීම තුළ විවේකය අත්‍යාවශ්‍ය කරුණක් වන බැවින් මෙලෙස දේශන…
දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාරවල සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන් හෙට (08) පෙරවරු 7.30වන විට විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබේ. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මේ බව පැවසීය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවීමට තීරණය කළ බවය. එමෙන්ම අනෙකුත් බන්ධනාගාරවල මෙවැනි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය.
මීගමුව බන්ධනාගාර ගැටුමට මුලික වූ රැඳවියන් අතට ආයුධ ලැබී තිබී ඇති අතර, ඔවුන් යකඩ ගේට්ටුව කඩාගෙන ඉන් පිටතට පැමිණ තිබූ බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවට හෙළි කළේය. රජය, ගැටුම කිසිදු අවස්ථාවක අවතක්සේරු කර නොමැති බව සඳහන් කර සිටි අමාත්‍යවරයා, බන්ධනාගාර යාන්ත්‍රණය කඩාකප්පල් කිරීම ගැටුමට සම්බන්ධ වූ පිරිසේ අරමුණ වී තිබුණු බවද කියා සිටියේය. ප්‍රහාරයට ලක්ව ඇත්තේ නිරායුධ නිලධාරීන් දෙදෙනෙකු බවත් ඔවුන්ව බේරාගැනීමට අනිකුත් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති බවද අමාත්‍යවරයා, බහුතරයක් නිලධාරීන් ගඩොල් සහ පොලුවලින් අමානුෂික ලෙස පහරකෑමට ලක්ව මියගොස් ඇති බවද සඳහන් කළේය. මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හර්ෂණ නානායක්කාර මහතා මේ බව…
ධාවනය සඳහා ප්‍රමාණවත් බලවේග කට්ටල (Power Sets) නොමැති වීම හේතුවෙන්, දිනපතා ධාවනය වූ කොළඹ – කන්කසන්තුරය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සතියකට දින හතරක් පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව, මීට පෙර දිනපතා උදෑසන 05.15 ට ගල්කිස්සෙන් ආරම්භ වී, උදෑසන 05.45 ට කොළඹ කොටුවෙන් කන්කසන්තුරය බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ පස්වරු 01.50 ට කන්කසන්තුරයෙන් ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රිය, 2027 ජූලි මස 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා යන දින හතරේ පමණක් ධාවනය කිරීමට නියමිතය. යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ද මේ වන විට දිනපතා ධාවනය නොවන අතර, එය ධාවනය වන්නේ…
ඩෙංගු අවදානම් තත්ත්වයක් හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා තිබේ. ඊයේ (06) දිනයේ සිට සති දෙකක කාලයක් සඳහා එම විශ්වවිද්‍යාලය වසා දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන ඇත. මේ දිනවල විශ්වවිද්‍යාලයේ විභාග කටයුතු පැවැත්වෙන අතර උණ රෝග වැළදී ඇති ඇතැම් සිසුන් එම විභාග සඳහා සහභාගි වී ඇති බව ද වාර්තා වේ. ඒ හේතුවෙන් මෙසේ විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. කෙසේවෙතත් එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සදහන් කළේ මාර්ගගත ක්‍රමය ඔස්සේ සිසුන් සඳහා දේශන කටයුතු සිදු කරන බවය. ඒ අනුව ඊයේ දිනයේ සිට සති දෙකක කාලයක් වසා දැමුනු මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු එළඹෙන 21 වනදා යළි ආරම්භ කිරීමට නියමිතය.
වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ජූලි මාසය තුළ පමණක් රෝගීන් 7,038ක් වාර්තා වී ඇති බව එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේය. සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් එනම් සියයට 52.40ක ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් ගණන 12,663කි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,582ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,191ක් වාර්තා වී ඇත.
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු ගැටුමින් තුවාල ලබා ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය,නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (06) පස්වරුවේමීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ගොස් තිබුණි. රෝහල වෙත පැමිණි අමාත්‍යවරයා, තුවාල ලබා සිටින නිලධාරීන්ට සිදුකරන ප්‍රතිකාර සහ අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ එහිදී සාකච්ඡා කර ඇත. මීගමුව බන්ධනාගාරය තුළ ඇති වු ගැටුමෙන් තුවාල ලැබු බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, රැඳවියන් 54 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.
මීගමුව බන්ධනාගාර ගැටුමට මුල් වූ බව පැවසෙන ‘කටුවැල්ලේගම සුරේෂ්’ නැමැත්තාව බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ. පාතාල කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් වන බව පැවසෙන කටුවැල්ලේගම සුරේෂ්ට තියුණු ආයුධවලින් පහරදීම , මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ අලෙවිය යන්නට චෝදනා එල්ල වී තිබුණි. මෙම පුද්ගලයා 2016 වසරේදී නාරම්මල ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමකට හා එහි සහායකයාට පහරදී බැඳ දමා ච්‍යෛයකට හානි කිරීමේ චෝදනාවක්ද එල්ලවී ඇත. මීගමුව මහාධිකරණයේ ඔහුට එරෙහි නඩුවක් විභාග වෙමින් ඇති අතර, ඔහු දැනට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළව බන්ධනාගාරගත කර සිටී. මීගමුව බන්ධනාගාරයේ කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් 2,400කට අධික පිරිසක් රඳවා සිටින අතර, විවිධ අපරාධ…
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු මියගොස් තිබේ. ඒ අනුව මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 7දෙනෙකු සහ රැඳවියන් 20දෙනෙකු සිටින අතර බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 53 දෙනෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්. පසුගිය 05 වන දින මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට විරෝධය දක්වන පිරිසක් අතර කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබුණි. එහිදී දෙපාර්ශ්වයේ ම රැඳවියන් තුවාල ලැබූ අතර ඉන් රැඳවියන් 2දෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය. ඊයේ (06) පෙරවරුවේ නැවතත් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක් හටගත් අතර එහිදී බන්ධනාගාර…
දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබේ. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ භාරදීම සිදුවුණි. ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළේය. ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය. ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙසත් නියම කෙරුණි. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් සේපාලිකා සමන් කුමාරි…

