- වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
- විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
- දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
- ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
- ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
- අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
- ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
- IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
Author: Buzzer Editorial
ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද (13) සිට යළි ආරම්භ වේ. ඩෙංගු සහ වෛරස් උණ රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම විශ්ව විද්‍යාලය පසුගිය 2 වැනිදා සිට සති දෙකකට ආසන්න කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී ආචාර්ය චානි ඉඹුල්ගොඩ මහත්මිය, “අපිට තාවකාලිකව අධ්‍යයන කටයුතු නවත්තන්න සිදු වුණා මේ පවතින ඩෙංගු උවදුරත් එක්ක. මං ඇත්තටම අපේ ආදරණීය සිසු දරු දැරියන්ගෙන් ඉල්ලා සිටිනවා, මේක ඔබගේ විශ්වවිද්‍යාලය. රජයේ මැදිහත් වීමෙන් දැන් අපි නැවත වතාවක් පිරිසිදු තත්ත්වයක් ඇති කරලා තියෙනවා, ඩෙංගු මර්ධනය කරලා තියෙනවා. ඉතින් ඔබගේත් වගකීම තමන්ගේ…
විශ්‍රාම වයස වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ලැබෙන බවත් මෙම ඉල්ලීම් සම්බන්ධව රජය සලකා බලමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඊයේ (12) පැවැති මීරිගම රෝහලේ වකුගඩුවල ගල් ඉවත් කිරීමේ නව ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ විවිධ වෘත්තිකයින් විසින් මේ සම්බන්ධව රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව මෙම ඉල්ලීම් සලකා බලා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවය. එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, “දැනටමත් විවිද වෘත්තිකයින්ගේ පැත්තෙන් ඉල්ලීම් ලැබිලා තියෙනවා. අභියාචනාධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ, මහාධිකරණයේ පමණක් නෙමෙයි…
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව ඊයේ (12) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 68,672ක් වාර්තා වී ඇති බවද එම ඒකකය සඳහන් කළේය. එමෙන්ම පසුගිය 11 වැනි දින සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය 68,071ක් වාර්තා වී ඇති අතර ඊයේ (12) දින වන විට එම රෝගීන් සංඛ්‍යාව 601කින් වැඩිවී තිබේ. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 36,118ක් ලෙස සටහන් වී තිබේ. එමෙන්ම බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන…
ඉරානය විසින් ගල්ෆ් කලාපයේ රටවලට එල්ල කරන ප්‍රහාර පුළුල් කිරීමත් සමඟ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහනයට තර්ජන එල්ල වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 2.34කින් හෙවත් 3.08%කින් ඉහළ ගොස් ඩොලර් 78.35ක් ලෙස සටහන්ව ඇත. එමෙන්ම WTI බොරතෙල් මිල ඩොලර් 2.21කින් හෙවත් 3.09%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 73.62ක් ලෙස සටහන්ව තිබේ. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය නිකුත් කළ මාසික වාර්තාවේ දැක්වෙන්නේ, ජූනි මාසයේදී ගෝලීය තෙල් සැපයුම දිනකට බැරල් මිලියන 4.1කින් ඉහළ ගියද, එය යුද්ධයට පෙර පැවති මට්ටමට වඩා දිනකට බැරල් මිලියන 9.4කින් අඩුවෙන් පවතින බවය. “සති අන්තයේදී තත්ත්වය වඩාත් උග්‍ර…
මීගමුව බන්ධනාගර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන් 8 දෙනාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් වීම් ලබාදී තිබේ. මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකයෙන් බන්ධනාගාර නිලධාරීන් 8දෙනෙක් හා රැඳවියන් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි. සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරුණු අතර ඒ අනුව මේ වනවිට විමර්ශන මීගමුව රෝහලේ හා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගෙන් හා රැඳවියන්ගේ ප්‍රකාශ ලබාගැනීම ආරම්භ කර තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නිලධාරීන් හා රැඳවියන් 29 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන්කරගෙන ඇත. ඒ අතර සිටින සියලුම රැඳවියන් කටුවැල්ලේගම සුරේෂ්ගේ පාර්ශ්වයෙන් පහරකෑමට ලක්වී ඇති බව පොලිසිය පවසයි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බන්ධනාගාර නිලධාරීන්ගෙන්ද මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති…
බස්නාහිර පළාතේ මදුරු කීට ඝනත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් එම නිසා ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි සති 2 අතිශය අවදානම් බවත් ඩෙංගු කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවයි. දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ දැනට සිදුවන ඩෙංගු ව්‍යාප්තියට අනුව මෙම තත්ත්වය 2017 වසරටත් වඩා අවදානම් වනු ඇති බවය. රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් බස්නාහිර පළාතේ රෝහල්වල ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති අතර, ඇතැම් රෝහල්වල එකම ඇඳෙහි රෝගීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු බැගින් රඳවා ප්‍රතිකාර කිරීමට සිදුව ඇති බවද ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය…
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ශික මංගල්‍ය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ. කොළඹ සිට කතරගම දක්වා සහ නැගෙනහිර පළාතේ සිට කතරගම දක්වා මෙන්ම කඳුකර ප්‍රදේශවල සිට ද මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක වේ. ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ නිල වෙව් අඩවිය වෙත පිවිසීමෙන් මේ සඳහා ආසන වෙන් කර ගැනීමේ හැකියාව පවතියි. එමෙන්ම මගීන්ගේ පහසුව වෙනුවෙන් කතරගම බස් නැවතුම්පොළේ ආසන වෙන් කර ගැනීමේ කවුළු දෙකක් ද මේ වන විට ස්ථාපිත කර ඇති බව සඳහන්. නැගෙනහිර සහ කඳුකර ප්‍රදේශවල සිට පාද යාත්‍රාවේ කතරගමට පැමිණෙ බැතිමතුන් මෙන්ම කොළඹ මහනුවර ඇතුළු ප්‍රදේශවල සිට සාමාන්‍ය ලෙස පැමිණෙන බැතිමතුන් වෙනුවෙන්…
මෙරට සහල් පරිභෝජනය බත් සඳහා පමණක් සීමා නොකර සහල් ආශ්‍රිත අනෙකුත් අතුරු නිෂ්පාදන සඳහා ද යොදා ගැනීමෙන් සහල් සඳහා වූ වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නව ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමිනි. පසුගිය කාලසීමාවේදී මෙරට වී නිෂ්පාදනය අවම මට්ටමක පැවතීම හේතුවෙන් සහල්වලින් වෙනත් නිෂ්පාදන සිදු කිරීම තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ බවත් සිය රජය විසින් එම ගැසට් නිවේදනය ඉවත් කිරීමට පියවර ගත් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය. වී අතිරික්තයක් පවතින අවස්ථාවලදී ගොවියා මුහුණ දෙන අර්බුද මඟහරවා…
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 5 දෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබේ. අද (10) පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති අතර ගැටුමින් රැඳවියන් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳව විමර්ශණ ආරම්භ කර තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ගලගෙදරින් අවසන් කරන්නේ යම් කාලයකදී එම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම් සහිතව බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අද (09) පාර්ලිමේන්තුවේ දී අනුරාධ ජයරත්න මන්ත්‍රීවරයා විසින් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ මහනුවර නගරයේ තවත් මාර්ග සංවර්ධන කටයුතු රැසක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවය. එමෙන්ම දිට්වා නිසා හානි වු කොළඹ – මහනුවර උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතුද මෙම වසර අවසනයේ හෝ 2027 වසරේ පළමු මාස දෙක වනවිට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. “අපි සංචාරක සහ අනෙකුත් සියලු ක්ෂේත්‍ර එක්ක ගත්තහම, මේ නුවර…

