- නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නමත්
- පොලීසියට 5000ක්
- ශ්‍රී ලංකා – බංග්ලාදේශ අවසන් එක්දින තරගය අද
- බලශක්ති අමාත්‍යංශයේ සුඛෝපභෝගී වාහන 14ක් විකිණීමට ටෙන්ඩර් කැඳවයි
- අවුරුදු 60 ඉක්මවූ හෙද නිලධාරීන් විශ්‍රම ගැන්වීමට චක්‍රලේඛයක්
- ජුනි මාසයේ නිල සංචිත වත්කම් පහළට
- 2027 වර්ෂයේ සිට අලුත් බද්දක්
- වාහන ආනයනය සිදුවෙන්නේ පවතින විදේශ සංචිතවලින් නෙමෙයි – ධනනාත්
Author: Buzzer Editorial
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබේ. ධවල මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර, නෙතන්යාහු මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මැද පෙරදිග කලාපයේ සාමය සහ ආරක්ෂාව ඇති කිරීම වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දරන උත්සාහය වෙනුවෙන් ඔහුගේ නම මෙලෙස යෝජනා කර තිබේ.
මේ වනවිට පොලිස් සේවයේ පුරප්පාඩු 28,000ක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. අද (08) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මේ වනවිට පොලිස් නිලධාරීන්ගේ හිඟයක් පවතින බවය. ඒ අනුව පොලිස් සේවයේ පුරප්පාඩු 5,000ක් සඳහා කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බවත් ඒ අනුව අදාළ ගැසට් නිවේදනය මේ වනවිට පළ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මේ වනවිට උප පොලිස් පරීක්ෂක සහ පොලිස් කොස්තාපල් යන තනතුරු සඳහා අයදුම්පත් ලැබෙමින් පවතින බව ද සඳහන් කළ අමාත්‍යවරයා, පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් 5,000කට උසස්වීම් ලබාදීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය. මේ අතර, පරීක්ෂණ…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි. තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය. තරග 3කින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා පිල ලකුණු 77කින් ජය ගත් අතර බංග්ලාදේශය දෙවන එක්දින තරගය ලකුණු 16කින් ජය ගත්තේය. ඒ අනුව මෙම තරගාවලිය මේ වන විට පසුවන්නේ 1ට 1ක් ලෙස සම තත්වයේයි. ඒ අනුව දෙපිලම අද තරගයට පිවිසෙන්නේ අද තරගය ජය ගෙන එක්දින තරගාවලියේ ජය ගැනීමේ අරමුණින්ය. ශ්‍රී ලංකාව කණ්ඩායමට අද තරගය ජය ගැනීමට හැකියාව ලැබුණහොත් බංග්ලාදේශයට එරෙහිව වසර 6කට පසුව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට අවස්ථාව උදාවනු ඇත.…
බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී වාහන 14ක් විකිණීමට අදාළව ටෙන්ඩර් පත් කැඳවා තිබේ. අනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්තිය වළක්වන රජයේ ප්‍රතිපත්තියට අනුව මෙලෙස අදාළ වාහන විකිණීමට පියවර ගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ලබාදුන් උපදෙස් මත මෙම පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යංශය පවසයි. ඒ අනුව ඊට අදාළ අයදුම්පත් බලශක්ති අමාත්‍යංශයෙන් ලබා ගැනීමේ හැකියාව පවතින අතර අයදුම්පත් ලබාගත් පුද්ගලයින්ට එම වාහන පරීක්ෂාකර බැලීමේ හැකියාව පවතින බව බලශක්ති අමාත්‍යංශය පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112 574 740 සහ 0112 574 941 යන දුරකතන අංක ඔස්සේ ලබාගත හැකි බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
හෙද නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩුකිරීම හේතුවෙන් ඉදිරියේ දී ගැටලු රැසක් ඇතිවිය හැකි බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි. එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේ, විශ්‍රාම ගැන්වීමේ වයස අඩුකිරීම හේතුවෙන් පවතින හෙද හිඟය තවදුරටත් උග්‍රවනු ඇති බවය. හෙද නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරනු ලැබීය. ඒ අනුව අදාළ නඩු කටයුත්ත අවසන් වන තෙක් අභියාචනාධිකරණයේ තීන්දුව අත්හිටුවීමට පසුගිය මාර්තු මස 6 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. එම නියෝගයට අනුව අවුරුදු 60 සම්පූර්ණ වු සියලු හෙද නිලධාරීන් විශ්‍රාම ගැන්වීමට කටයුතු…
ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080ක් ලෙස දැක්වේ. 2025 මැයි මාසයේ මෙම අගය පැවතියේ ඩොලර් මිලියන 6,286ක් ලෙසිනි. මේ අනුව පසුගිය ජුනි මාසය තුළ දී මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 3.3% කින් එනම් ඩොලර් මිලියන 206කින් පහළ ගොස් ඇත. මේ සඳහා ප්‍රධාන වශයෙන් විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 6,231 සිට ඩොලර් මිලියන 6,023ක් දක්වා පහත වැටීම හේතු වී තිබේ.
2027 වර්ෂයේ සිට දේපොළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. අදාළ බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ පළමු කාර්තුවේ දී හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කළ සිය කාර්ය මණ්ඩල වාර්තාව මඟින් මේ පිළිබඳව දැනුම් දී තිබේ. මෙම නව දේපොළ බද්ද පැනවීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර ඇති අතර දත්ත එක්රැස් කිරීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් පැවතිය ද සැප්තැම්බර් මාසය වන විට එම කටයුතු අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. දේපොළ වටිනාකම තක්සේරු කිරීම සහ බදු ගණනය කිරීම සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිත…
වාහන ආනයන සම්බන්ධයෙන් මේ වන විට නැවත වරක් සාකච්ඡාවට බඳුන් වී ඇති බැවින් වාහන ආනයනය කරනු ලබන්නේ මෙරට තුළ පවතින විදේශ සංචිතවලින් නොවන බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි. මෙරටට ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීමේදි රට තුළ පවතින විදේශ සංචිත ප්‍රමාණය භාවිත කර ආනයනය සිදු නොකරන බවත් ඒ සඳහා භාවිත කරනු ලබන්නේ අපනයනය කර ලබා ගත් මුදල්වලින් බවත් ඔහු පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා, “අපි නිතරම ජනතාව දැනුවත් කරන දෙයක් තමයි සංචිතවලින් නෙමෙයි ආනයනය කරන්නේ. සංවිතවලින් ආනයනය කරනවා නම් අපේ සංචිත ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නෑ ආනයනය සඳහා. මොකද අපේ සංචිත තියෙන්නේ දළ වශයෙන් අමෙරිකානු…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ජාතික ජන බලවේගයේ ලේකම්වරයා විසින් මෙම නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර පසුව ඔහු සිය ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාර ගැනීම…
වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි වාහන ආනයනය සීමා කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය කසිදු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුකර නොමැති බවය. අර්බුදකාරී තත්ත්වයකට තිබූ මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමත් සමග වසර 5කට පසු පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීම ඉකුත් පෙබරවාරි පළමුවනදා සිට සිදු කරනු ලැබීය. එතැන් සිට ජුනි මාසය අවසානය දක්වා මෝටර් රථ 18,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ආනයනය කර තිබේ. ඒ අතරින් අදාළ කාලසීමාව තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති…