- ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
- IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
- ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
- කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
- ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
- පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක්
- එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
- අද කාලගුණය
Author: Buzzer Editorial
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව ඊයේ (15) දිනයේදී රෝගීන් 1,195 දෙනෙකු වාර්තාවී ඇති බව සඳහන්ය. ජූලි මස පළමු දින 15 තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 17,051ක් හඳුනාගෙන ඇත. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම පිරිස 38,160කි. දකුණු පළාතෙන් රෝගීන් 11,274ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 6,073ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,026ක් වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේය. ජූලි මාසයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,082ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,447ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5124ක් හඳුනාගෙන ඇත. ඩෙංගු ආසාදනයවීම…
බ්‍රිතාන්‍ය රජය විසින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ ඊට අනුබද්ධ කණ්ඩායමක් බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජනයක් ලෙස නිල වශයෙන් නම් කර තිබේ. බ්‍රිතාන්‍යයේ “රාජ්‍ය තර්ජන මර්දන පනත” යටතේ මෙම නම් කිරීමට පියවර ගැනීමත් සමඟ, ඉරානයේ සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා කැඳවා ඒ සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කර ඇති බව සඳහන් වේ. පසුගිය මාස කිහිපය තුළ යුරෝපය පුරා ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරානය විසින් සිය සටන්කාමී කණ්ඩායම් මෙහෙයවා ඇති බවට බ්‍රිතාන්‍ය රජය චෝදනා කරයි. එම චෝදනාව මත පදනම්ව, ලන්ඩන් නුවර සිටින ඉරාන තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී අලි නසීම්ෆර් කැඳවීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබුණි. ඉරානය විසින් බ්‍රිතාන්‍ය තානාපතිවරයා කැඳවා ඇත්තේ ඉන්…
“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් සිදුවන හානි අවම කිරීම සඳහා රජය පූර්ව සැලසුම් ක්‍රියාත්මක නොකිරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් 30 වනදා කරුණු සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයෙකු විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම, ජනක් ද සිල්වා සහ අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන් වේ.…
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ සමස්ත ලංකාවාසී ජනතාවගේ බලවත් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (16) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් යළි දිවයිනට පැමිණියා ය. කටාර් රාජ්‍යයේ දෝහා නුවර පිහිටි ලුසයිල් මාලිගය වෙත ගිය අග්‍රාමාත්‍යවරිය, එරට වත්මන් එමීර්වරයා වන අමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල්-තානි මහතා හමුවී සිය බලවත් කණගාටුව පළ කළාය. අනතුරුව අල් වජ්බා මාලිගය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, කටාර් රාජ්‍යයේ එමීර්වරයාගේ මෑණියන් මෙන්ම කටාර් පදනමේ සභාපතිනිය ද වන ෂෙයිකා මෝසා බින්ට් නසාර් මහත්මිය වෙත ශ්‍රී ලංකා රජයේ ශෝකය පිරිනැමුවාය. මීට අමතරව අභාවප්‍රාප්ත හිටපු එමීර්වරයාගේ දියණියන් වන…
පවතින කාලගුණික තත්ත්වයත් සමඟ එළැඹෙන අගෝස්තු මාසයේ මැද භාගය දක්වා ඩෙංගු රෝග ව්‍යාප්තියේ ඉහළ අවදානම් තත්ත්වයක් පැවතිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. එබැවින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ දියත් කරන මර්ධන වැඩසටහන්වලට උපරිම සහාය දක්වන ලෙසත්, තමන් ජීවත් වන නිවෙස්, පාසල් සහ සේවා ස්ථාන අවට පරිශ්‍රයන් මදුරුවන් බෝ නොවන පරිදි පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි. එහිදී අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගී වර්තාවීම ඉහළ ගොස් ඇති බවය. මේ අතර දිවයින පුරා පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික් 11ක් ඉලක්ක කර ගනිමින් අද (16) සිට…
කටුනායක පොලිස් වසමේදී පොලිස් නිලධාරියෙකු සමග පොරබැද නිලධාරියාගේ ගිනිඅවිය උදුරාගෙන තවත් නිලධාරියෙකුට වෙඩි තබා තුවාල සිදුකර ගිනිඅවිය රැගෙන පලාගිය සැකකරුවෙකු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ඒ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් විශේෂ මෙහෙයුම් ආරම්භ කළ අතර මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් දිවුලපිටිය ප්‍රදේශයෙදී වෙඩිතැබීම සිදුකල සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31 ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී සැකකරු භාරයේ තිබූ පොලිස් නිලධාරියාගේ ගිනිඅවියද කොල්ලකන ලද යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 41 ක් වන දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සිවිල් ආරක්ෂක බළකායේ කටුනායක…
එංගලන්තය සමඟ ඊයේ (15) පැවති තියුණු තරගයෙන් ගෝල 2-1 ක් ලෙස විශිෂ්ට ජයක් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත් විය. ලියොනොල් මෙසීගේ සුවිශේෂී දස්කම් සහ ලුටාරෝ මාර්ටිනස් තරගයේ 92 වැනි මිනිත්තුවේදී ලබාගත් ජයග්‍රාහී ගෝලය හේතුවෙන් මෙම පෙරළිකාර ජයග්‍රහණය වාර්තා වූ අතර, ඒ සමඟින් යුරෝපීය ශූර ස්පාඤ්ඤය සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමටද ආර්ජන්ටිනාවට අවස්ථාව හිමි විය. ඇට්ලන්ටා හි ප්‍රේක්ෂකයින් 68,239 ක් ඉදිරියේ පැවැති මෙම අර්ධ අවසන් පූර්ව තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 55 වැනි මිනිත්තුවේදී ඇන්තනි ගෝර්ඩන් ලබාගත් ගෝලයත් සමඟ එංගලන්තය 1-0 ක් ලෙස පෙරමුණ ගත්තේය. ඒ අනුව 1966 න් පසු තම පළමු ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසීමට එංගලන්තයට කදිම අවස්ථාවක්…
අද (16) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50 පමණ තද සුළං ද ඇති විය හැකි බව දැනුම්දෙයි.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 7 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ මෙම නඩු විභාගය අද (15) පැවැත්වූ අතර, එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 07 වනදා දක්වා කල් තැබීමට නියම කළේය. 2014 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරමින් එහි ගබඩා සංකීර්ණයේ කාපට් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට පැවරීමේදී එම සමාගමට වාසිදායක ආකාරයකට ක්‍රියා කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම…
මුදල් වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ. සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000/= මුදලක් වංචාකිරීම සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලද පැමිණිල්ලක් මත එම කොට්ඨාසයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඒ අනුව අදාළ විමර්ශන නිලධාරින් විසින් සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (14) උදෑසන හඟුරන්කෙත ප්‍රදේශයේදී ජයලත් බණ්ඩාර දිසානායක අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 58ක් වන ඒ මහතාව අද (15) දින නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු…

