මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන හැටකට මිලදී ගැනීම සම්බන්ධයෙන් වු නඩුවට දෙවෙනි වරටත් පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා පැනවූ වරෙන්තු අද (21) නැවතත් දීර්ඝ කර තිබේ.
තවද සැකකාර හිටපු අමාත්‍යවරයාගේ ඇපකරුවන් සිව්දෙනාට අවවාද කළ මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කරවන ලෙසත් එසේ නොවන්නේ නම් ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන්නැයි ඇපකරුවන්ට මහෙස්ත්‍රාත්වරයා දැඩි ලෙස අවවාද කර ඇත.
මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ අද (21) මෙම නඩුව කැදවූ අවස්ථාවේ දී මෙම නියෝග ලබා දී තිබේ.


