Author: Buzzer Editorial

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබේ. සිය X ගිණුමේ ඔහු එම පණිවුඩය සටහන් කර තිබේ. එහි දැක්වෙන්නේ, “ශ්‍රී ලංකා වාසීන් විසින් ඔබව ඔවුන්ගේ ජනාධිපතිවරයා ලෙස නිදහස්, සාධාරණ සහ සාමකාමී මැතිවරණයකින් තෝරාගෙන තිබේ.” “ඔවුන් ඉන් අභිමානයට පත්වන බව නොඅනුමානය.” “ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය සඳහා ඔබ සමග කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.” යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා සිය X පණිවුඩයේ සඳහන් කර තිබේ.

Read More

ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කරමින් ශ්‍රී ලාංකිකයින් නව යුගයකට එළැඹ ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ මහජන චීනය පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් වූ ඊයේ (25) පස්වරුවේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති උත්සවයක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ චීනයේ සහාය තවදුරටත් ශ්‍රී ලංකාවට හිමිවන බවය. මෙම උත්සවය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට, මෙරට චීන තානාපති, චී ෂෙන්හොන්ග්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ව්‍යවසායක දිලිත් ජයවීර යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක්…

Read More

සංචාරක නවසීලන්ත – ශ්‍රී ලංකා කණ්ඩායම් අතර අද (26) පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී කමිඳු මෙන්ඩිස් නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ ටෙස්ට් තරග අටකදී අඛණ්ඩව ලකුණු 50ට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා බවට පත්වෙමිනි. තවද, මෙම වාර්තාව ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත් වීමටද අද දිනයේ ඔහු සමත්විය. සංචාරක නවසීලන්ත – ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 306ක් රැස් කර ගැනීමට සමත් වුණි. ඒ කඩුළු 03ක් දැවී තිබියදී ය. අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් සිය ටෙස්ට් දිවියේ…

Read More

ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් රට තුළ පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කර තිබේ. ඒ, අදාළ නිලධාරීන් සමග අද (26) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ය. ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිවරයා විසින් නිලධාරීන් දැනුවත් කර ඇත. වර්ෂයට අදාළව ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ. විදුලිබල අමාත්‍යාංශය සඳහා ඉන්දියානු ආධාර මත ලැබී තිබෙන සූර්ය පැනල කඩිනමින් පිරිවෙන් 800 සඳහා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා විදුලිබල අමාත්‍යාංශය මගින් සකස් කරන…

Read More

නීති විරෝධිව බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් මෙරටට රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ. කිලෝ 43යි ග්‍රෑම් 600කට ආසන්න බරකින් යුත් මෙම මත්ද්‍රව්‍ය තොගය රේගු ඉතිහාසයේ විශාලතම කුෂ් මත්ද්‍රව්‍ය වැටලීම බව රේගු නිලධාරීන් පවසයි. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක මෙම මත්ද්‍රව්‍ය තිබී ඇතැයිද එහි වටිනාකම රුපියල් කෝටි 44කට ආසන්න බවද රේගුව සඳහන් කළේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි අයෙකු වන අතර ඔහු බ්‍රිතාන්‍ය ආරක්ෂක සේවා නිලධාරියෙක් බවද වාර්තා වී තිබේ. සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත.

Read More

මව්බිම ජනතා පක්ෂය මෙරට ශක්තිමත්ම පක්ෂය බවට පත් කිරීම තම අරමුණ බව එහි නව ජාතික සංවිධායක ධුරයට පත් හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස දිලුම් අමුණුගම මහතාව අද (25) පත්කෙරුණු අතර ඊට අදාළ පත්වීම් ලිපිය කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අතින් ලබාදුනි. මෙහිදී අදහස් දක්වමින් මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, මව්බිම ජනතා පක්ෂයේ වැදගත් සංධිස්ථානයක් බවට අද දිනය පත්වූ බවය. “අපගේ මිත්‍ර දිලුම් අමුණුගම සොහොයුරා අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ අපේ පක්ෂයේ, ජාතික සංවිධායක විදියට.” මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම…

Read More

ජනතා සම්පත් භුක්ති විදිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය. ජනාධිපතිවරයා පත්වුණේ තවත් එක් ජනාධිපතිවරණයකින් නොවන බව තේරුම්ගත යුතුව ඇතැයි කී අග්‍රාමාත්‍යවරිය පැවැති රජයකට එරෙහිව පැවැති අරගලයකින් පසුව පැවැත්වූ ජනාධිපතිවරණයක දී බහුතර ජනතාවකගේ කැමැත්තෙන් ජනාධිපතිවරයා පත් වී තිබෙන බව සඳහන් කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව කීවෙි අග්‍රාමාත්‍ය කර්යාලයීය නිලධාරීන් සමඟ කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්‍යලයේ පැවති සාකච්ඡාවක දී ය. ජනතාව තමන්ගේ තීරණය ප්‍රකාශ කළේ පසුගිය වසරවල ලැබුණු අත්දැකීම් හා දුටු දේවල් අනුව බව කී අග්‍රාමාත්‍යවරිය මෙවර පැවැත්වුණු මැතිවරණය පක්ෂවලින් මෙහෙය වූ මැතිවරණයකටත් වඩා ජනතාව විසින් මෙහෙය වු මැතිවරණයක් බව සඳහන් කළාය.…

Read More

දේශීය බිත්තර මිල අඩු වීම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නවතා දමා ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය පසුගිය කාලය තුළ දේශීය බිත්තර මිල රුපියල් 55,65 දක්වා ඉහළ යාම හේතුවෙන් සහන මිලකට ජනතාවට බිත්තර ලබා දීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පසුගිය රජය පියවර ගත්තේය. මාසයකට බිත්තර මිලියන 3 බැගින් ආනයනය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු පවා අවසන් කර තිබූ බවද වාර්තාවේ. මේ වනවිට දේශීය බිත්තර මිල පහළ යාම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම අවශ්‍ය නැතැයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

Read More

වසර 40 කට පමණ පසු චීනය පෙර දැනුම් දීමකින් තොරව, හිටි හැටියේ දිගු දුර අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිලයක් අත්හදා බැලුවේය. අනතර් මහද්වීපික බැලැස්ටික මිසයිල යනු එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට කිලෝ මීටර් දහස් ගණනක් දුරට විදිය හැකි මිසයිල වර්ගයකි. චීනය අත්හදා බැලූ මිසයිලය, න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන, කිලෝ මීටර් 5,500 කට වඩා වැඩි දුරකට විදිය හැකි එකකි. ඒ අනුව, චීනයට මෙවැනි මිසයිලයක් යොදා ගනිමින්, ඇමෙරිකාවටත් හවායි දූපත්වලටත් පහසුවෙන් පහර දීමක් කළ හැකිය. මෙම මිසයිල අත්හදා බැලීම සාමාන්‍ය සිදුවීමක් පමණක් බවත්, කිසිම රටකට තර්ජනයක් වීමේ අරමුණින් හෝ කිසිම කෙනකු ඉලක්ක කර ගනීමේ අරමුණින් කළ අත්හදා බැලීමක් නොවන බවත් චීන රජය අවධාරණය…

Read More

වෙළෙඳපොළෙහි බිත්තර මිල අඩුවීමට සාපේක්ෂව බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩුවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා පැවසුවේ, පසුගිය කාලය තුළ වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවි වූ බිත්තරයක මිල මේ වන විට රුපියල් 28ත් 35ත් අතර මිලක් ගන්නා බවය. ඒ අනුව එම වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට පියවර ගත යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා සඳහන් කළේය.

Read More