Author: Buzzer Editorial

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් දේශපාලන සන්ධානයක් යටතේ තරග වැදීමට නියමිත බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර අද (26) දිනයේත් ඒ පිළිබඳ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සහ ලකුණ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරිමට නියමිත අතර සන්ධානගත වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. මේ අතර අද පස්වරු…

Read More

සංචාරක නවසීලන්ත පිල සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පෙරවරු 10ට ආරම්භ වේ. මේ තරගාවලියේ පළමු තරගය ලකුණු 63කින් ජය ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රාහී මනසකින් අද තරගයට පිවිසෙති. කෙසේ වුවද මේ තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් සිදු කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත. තවමත් ටෙස්ට් වරම් ලබා නැති පිට දඟපන්දු යවන නිශාන් පීරිස්ට අද දිනයේ ටෙස්ට් වරම් හිමිවන අතර, තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක යළි කණ්ඩායමට කැඳවා ඇත. ඒ පළමු තරගයට ක්‍රීඩා කළ රමේෂ් මෙන්ඩිස් හා ළහිරු කුමාර වෙනුවටය. 27 හැවිරිදි නිශාන් පීරිස්…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් අද (25) දිවුරුම් දී තිබේ. මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන් මහතා පත්කර ඇත. උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම් මහතා දිවුරුම්දී ඇත. දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජ්‍යේෂ්ඨ පාරිපාලන නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර මහතා දිවුරුම්දී තිබේ. සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස චම්පා ජානකි මහත්මිය පත්කර ඇත. බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස – හනීෆ් යූසුෆ් මහතා දිවුරුම්දී තිබේ. වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස – තිස්ස කුමාරසිරි මහතා දිවුරුම්දී තිබේ. උතුරුමැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස – වසන්ත කුමාර විමලසිරි මහතා දිවුරුම්දී තිබේ. නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස – ජයන්ත…

Read More

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) පැවසීය. බත්තරමුල්ලේ පිහිටි මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් පසුව විජිත හේරත් මහතා අද (25) පෙරවරුවේ එසේ පැවසීය. වර්තමාන ආණ්ඩුව යටතේ එවැනි දේ නොවීම නිසා පරණ සංස්කෘතිය වෙනස් කර අලුත් සංස්කෘතියක් ඇති කළ යුතු බවත් දේශපාලන වශයෙන් ජාතික ජනබලවේගයට හිතවත් කෙනෙක් වරදක් කළත් විශේෂයෙන් සැළකීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඒ මහතා කීය. එවැනි වෙනසක් බලාපොරොත්තුවෙන් මෙරට ජනතාව ජාතික ජනබලවේගයට බලය දුන් බව කී විජිත හේරත් මහතා පොලිසිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ජනතාව තුළ…

Read More

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනුවර අවට ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම අත්හිටවනු ලබන බවද එම අධිකාරිය කියයි . ඒ අනුව මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය, පාතදුම්බර, පූජාපිටිය, හාරිස්පත්තුව, අකුරණ ජල සම්පාදන ක්‍රමයට අයත් ප්‍රදේශවලටද කුණ්ඩසාලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රජවැල්ල, සිරිමල්වත්ත, අම්පිටිය, අමුණුගම, හන්තාන සහ වළල යන ප්‍රදේශ හා විසල් මහනුවර ජල පවිත්‍රාගාරය මගින් ජලය බෙදා හරින මාවතගම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව මහවැලි අධිකාරිය කියයි . පොල්ගොල්ල ජලාශය 27 දින මධ්‍යම රාත්‍රියේ සිට ජලය හිස් කිරීම…

Read More

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබේ. මැතිවරණ කොට්ඨාස සඳහා තෝරා පත් කරගැනීමට නියමිත මන්ත්‍රීවරු සංඛ්‍යාව, නාමයෝජනා පත්‍රයක් මගින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් පිළිබඳ තොරතුරු ද එහි ඇතුළත් ය. ඒ අනුව වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 19කි.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක එච්. ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියෝග කළේය. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ මහතාව බන්ධනාගාරය වෙත රැගෙන ගියේය. විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි. අදාළ අඩුව අද (25) කැඳවු අවස්ථාවේ ආගමන විගමන පාලකවරයාට එරෙහිව චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත. අදාළ පෙත්සම යළි ජනවාරි මස 22 වනදා කැඳවීමට නියමිතය.

Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දිනයේ කැපීපෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59ක් හෙවත් 2.87%ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කර ඇත. මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 148.54 කින් අද දිනය තුළ ඉහළ ගිය අතර එය පූර්ව දිනයට සාපේක්ෂව 4.59% ක දැවැන්ත වර්ධනයකි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,659.71 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 3,383.76 ක් ලෙසත් සටහන් වී තිබේ. මේ අතර දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 3.96ක් වශයෙනි.

Read More

IMF ප්‍රධානියා ජනපති අනුර කෙරෙහි තැබූ විශ්වාසය September 25, 2024 01:54 pm https://www.facebook.com/plugins/like.php?app_id=&channel=https%3A%2F%2Fstaticxx.facebook.com%2Fx%2Fconnect%2Fxd_arbiter%2F%3Fversion%3D46%23cb%3Df0d6890d8548d4d01%26domain%3Dsinhala.adaderana.lk%26is_canvas%3Dfalse%26origin%3Dhttps%253A%252F%252Fsinhala.adaderana.lk%252Ffb85589538df8c1a0%26relation%3Dparent.parent&container_width=384&href=https%3A%2F%2Fwww.facebook.com%2Fsinhala.adaderana.lk&locale=en_US&sdk=joey&send=false&show_faces=true&width=450 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක් කරමින් ලිපියක් යොමුකර තිබේ. වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ස්ථාවරත්වය, සෞභාග්‍ය සහ සුරක්ෂිත අනාගතයක් උදාකරලීමට හැකිවෙනු ඇතැයි තම විශ්වාසය බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. එමෙන්ම දැනට ක්‍රියාත්මක වන IMF වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තිරසාර සහකරුවෙකු සහ පාර්ශවකරුවෙකු ලෙස තවදුරටත් කටයුතු කිරීමට සුදානම් බව ද එහි දැක්වේ.

Read More