Author: Buzzer Editorial

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර් එළඹෙන 4 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරෙන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පළමු හමුව මෙය බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Read More

කුමන හෝ කටයුත්තක් සඳහා ඊශ්‍රායලයට යෑමට සූදානමින් සිටින පුද්ගයෙකු සිටී නම් තාවකාලිකව එම විදෙස්ගතවීම නවතා දමන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ වර්තමානයේ උද්ගත වී ඇති යුදමය තත්ත්වය සම්බන්ධයෙන් අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා මේ බව පැහැදිලි කළේය. ඔහු පැවසුවේ යුදමය තත්ත්වය නිරීක්ෂණය කර අවශ්‍ය කටයුතු සිදුකිරීමට යොමු වන ලෙසය. තවද ඊශ්‍රායලය, ලේබනනය සහ සිරියාව යන රටවල් වෙත යාමට අවශ්‍ය කෙනෙකු වේ නම් ඔවුන් පූර්ණ ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය හා සම්බන්ධ විය යුතු බවද ඒ මහතා පැවසීය. මීට අමතරව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයෙකුට…

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා පූර්ණ සහාය ලබාදීමට සහතික වන බව ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Qi Zhenhong මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවක දී බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. එහිදී ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත තානාපතිවරයා සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනමා තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සඳහා චීනය අඛණ්ඩව සහාය දක්වන බවත්, ශ්‍රී ලංකාව සමග පවතින ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් චීන රජය අඛණ්ඩව කැපවී සිටින බවත් තානාපතිවරයා ප්‍රකාශ කර ඇත. ශ්‍රී…

Read More

දුෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki මහතා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතර හමුව අද (02) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. ‍ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වූ ජපාන තානාපතිවරයා, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට ජපාන රජය කැපවී සිටින බව ද සඳහන් කළේය. එසේම ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් සඳහා ජපන්…

Read More

පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසල එම වාහන නවතා තිබූ පරිශ්‍රයේදී සිදු කෙරුණි. ඒ අනුව අද (01) වාහන 19ක් නිදහස් කිරීමට කටයුතු කෙරුණු අතර එයින් වාහන 15ක් පමණ පූර්ව දැනුම්දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාළ ආයතනවල නිලධාරීන් අද දිනම රැගෙන ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 08ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 03ක්, දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහන 01 බැගින් සම්පූර්ණ වාහන 15ක් අද දින මෙලෙස ආදළ ආයතනවලට නැවත ලබාදීම…

Read More

ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව පවසයි. ඒ අනුව සියලුම ඊශ්‍රායල සිවිල් වැසියන් බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂාවන ස්ථානවල රඳවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙත ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. එහි දැක්වෙන්නේ ඊශ්‍රායලයේ සිටින සියලු දෙනාට නැවත දන්වන තුරු ආරක්ෂාවක් ලැබිය හැකි ස්ථානයක් ආසන්නයේ සිටින ලෙසය. අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළැකි තම ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය හා PIBA ආයතනය විසින් නිකුත් කර ඇති උපදෙස් නිරන්තරයෙන් පිළිපදින්න ලෙසද දැනුම් දී ඇත. අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා ජලය ළඟ තබා ගන්නා ලෙසද වැඩිදුරටත් දැනුම්…

Read More

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ. ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බවය. මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27කි.

Read More

බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි. එස්. එච්. ජේ. ඉලුක්පිටිය මහතා සැප්තැම්බර් 25 වනදා සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇති බැවින් එම තීරණය ගෙන තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස දැනට සේවය කරනු ලබන බාලසූරිය මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි. කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා තවදුරටත් පැවසුවේ ජනාධිපතිවරයාට ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙකු පත්කිරීම සඳහා ද…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එහිදී අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා වී ඇති බව සඳහන් ය. එසේම, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳවද එහිදී විශේෂ අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

Read More

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ. දරුවන් රැකගමු – සමසේ සලකමු යන්න මෙවර ළමා දිනයේ තේමාවයි. ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පැවසුවේ ළමයින්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මව්පියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද යුතුකමක් බවය.

Read More