- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත ගොඩබිම් ප්‍රහාර එල්ලකිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකාවට දැනුම් දී තිබේ. අද (30) සිට එම ප්‍රහාර ඉක්මනින් දියත් කරන බව ඊශ්‍රායලය විසින් අමෙරිකානු නිලධාරියෙක්ට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ලෙබනනය වෙත ගොඩබිම් ප්‍රහාරයක අවදානම තීව්‍ර කරමින් ලෙබනන් – ඊශ්‍රායල දේශසීමාව වෙත ඊශ්‍රායලය විසින් යුද ටැංකි යොමුකර තිබුණි. මෙවන් පසුබිමක ජාතිය ඇමතූ හිස්බුල්ලා සංවිධානයේ උප නායක ෂෙයික් නයිම් කාසීම් අවධාරණය කළේ ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාරයකට මුහුණදීමට තම සංවිධානය සූදානම් බවය. මේ අතර ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ නායක සායිද් හසන් නස්රල්ලා, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගියේ පසුගිය සති අන්තයේදී ය. ඝාතනය කෙරුණු හිස්බුල්ලා නායකයාගේ සිරුර, ලෙබනන් සෞඛ්‍ය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් ඔක්තෝබර් 2 සිට 4 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි. එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් විසින්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අනෙකුත් නිලධාරීන් හමුවී මෙරට ආර්ථිකය සහ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ගැන සාකව්ඡා කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පැවසීය. එසේම එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ක්‍රියාත්මක ආර්ථික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
නැවත දැනුම් දෙනතුරු ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලීමක් කරයි. එම දෙරටෙහි පවතින ගැටුම්කාරී වාතාවරණය නිසා මෙම සංචාරක උපදේශනය නිකුත්කර තිබේ. දැනට එම දෙරටෙහි සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ දැඩි අවධානයෙන් පසුවන ලෙසත් නවාතැන්වලින් පිටත එහාමෙහා යාමෙන් වළකින ලෙසත් ය. එසේම බේරූට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඩැමස්කස් නුවර පිහිටි කොන්සල් කාර්යාලය සමග නිතරම සම්බන්ධව සිටින ලෙසත් ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දෙයි. ඒ සඳහා [email protected] විද්‍යුත් තැපැල් ලිපිනය භාවිත කරන ලෙසත්, පහත දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි. සනත් බාලසූරිය – 0094 771102510 ප්‍රියංගි දිසානායක – 0094 718381581 ෆාහ්ඩ්…
මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283ක් වනු ඇත. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 319කි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කෙරෙන අතර එහි නව…
ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවමින් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය මහජනතාවගේ ආරක්ෂාව සඳහා වූවක් බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත කියා සිටියේ එය ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල යටතේ සිදුකෙරෙන සාමාන්‍ය ක්‍රියාපටිපාටියක කොටසක් බවයි. “හදිසි නීතියක් නැතත් මහජනතාවගේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපතිවරයාට බලය තිබෙනවා. එය තනිකරම සෑම මසකම නිකුත් කෙරෙන සාමාන්‍ය ගැසට් පත්‍රයක්. කොහොම වුණත් එය සමාජ මාධ්‍යවල ප්‍රචලිත වෙමින් තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසීය. ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි සියලුම ආකාරයේ තර්ජන මේ වන විට හඳුනාගෙන ඇති බව පවසන සම්පත් තුයකොන්ත මේ වන විට මහජනතාව…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අවිය ලබාගෙන ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දන්වා ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් එම ආරක්ෂක ගිනි අවිය ලබාගෙන ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී ඇති සියලුම පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ ම අහෝසි වී යන්නේය. මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩලයට දෙන දීමනා. ඉන්ධන පහසුකම් සහ මුද්දර ගාස්තු මෙසේ අහිමි වන පහසුකම්ය. කෙසේ වෙතත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති නිල නිවාස පමණක් ඡන්දය පැවැත්වෙන දින තෙක් පාවිච්චි කිරීමට ඔවුනට ඉඩ කඩ සලසා දී ඇත. මහ මැතිවරණයෙන්…
මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ සමග සැකකරුවෙකු වැලිවේරිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජනිත් මදුසංඛ නොහොත් “පොඩි ලැසීගේ” සහ මීටියාගොඩ දසුන් රාජකරුණා යන අයගේ ඥාතියෙකු බව සඳහන් වේ. මෙම පුද්ගලයා වසර ගණනාවක් විදෙස් රටක සැඟව සිටින මුවාවෙන් විදෙස් රටවල දුරකථන අංක භාවිත කර තවත් අපරාධ රැසකට සුදානම් වෙමින් සිටින බවට ලද තොරක් මත මෙම වැටලීම සිදුකළ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. 46 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිවේරිය පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ. මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මීගහවත්ත…
ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30) දිනයේ දී ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ යම් තැනැත්තෙක් එම ගෙවීම් පැහැර හරින්නේ නම් හෝ ප්‍රමාද වීම් සිදු කරන්නේ නම් නීති ප්‍රකාරව දණ්ඩනයකට හා පොලියකට යටත් කිරීමක් සිදුකරන බවය. එමෙන්ම කිසියම් තැනැත්තෙකු විසින් ඕනෑම බදු වර්ගයක් සඳහා ගෙවිය යුතු හිඟ බදු පවතින්නේ නම් ඒ සියල්ල ද ඔක්තොබර් මස 30වන දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු ව තිබේ. එදිනට පසුව තවදුරටත් නොගෙවා සිටින හිඟ බදු පවතින්නේ නම් ඒවා අයකර ගැනීම…
ඊශ්‍රායලය ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයින් මිලියනයකට අධික පිරිසකට සිය නිවෙස් වලින් ඉවත් වීමට සිදුව ඇතැයි එරට අග්‍රාමාත්‍ය නජීබ් මිකාති පවසයි. ඔහු සඳහන් කළේ, එය රටක් ලෙස මුහුණපා ඇති දරුණුතම ව්‍යසනය බවයි. අඛණ්ඩව එල්ල වන ප්‍රහාර හමුවේ ජනතාවට පළා යාමට සිදුව ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය. පැය 24 ක් තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් ලෙබනනයේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 105කි. කාන්තාවන්, ළමුන් ඇතුළු තුවාල ලැබූ සංඛ්‍යාව, 500 කට ආසන්නයි. බේරූට් අගනුවරට අමතරව සෙසු ප්‍රදේශ කිහිපයකට ද, ඊශ්‍රායලය බෝම්බ හෙළා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් හිස්බුල්ලා අණදෙන නිලධාරී අලි කරකි සහ ආගමික නායකයෙකු වන ෂෙයික් නබිල්…
බැංකු විසින් එක්වරක් පමණක් ලබාදෙන මුරපද (OTP) කිසිදු හේතුවක් මත හුවමාරු කර නොගන්නා ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලිමක් කරයි. මෑත කාලීනව බරපතළ මූල්‍ය වංචාවන් වාර්තාවන බව පෙන්වා දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය.

