- හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
- ඩෙංගු රෝගීන් 78,000 පනී
- ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
- අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
- ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
- විරෝධතා රැල්ලෙන් පසු යුක්රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
- මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
- දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Author: Buzzer Editorial
අද මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (25) රාත්‍රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ. හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය නජිත් ඉන්දික මහතා කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කර ඇත. පසුගිය වසර 5 තුළ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙක් සහ ආයතන භාර වෛද්‍ය නිලධාරියෙකු ලෙස ඔහු සේවය කළේය. වෛද්‍ය නජිත් ඉන්දික මහතා ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලන ක්‍රියාකාරියෙකි.
අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ අමාත්‍යංශ ලේකම්වරුන් 15 දෙනෙකුට අද පත්වීම් ලිපි භාරදී තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා විසින්. ඒ අනුව නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ ජී පී සපුතන්ත්‍රි මහතායි. අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ලෙස ඩබ්ලිව් එම් ඩී ජේ ප්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා. අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ ඩබ්ලිව් පී පී යසරත්න මහතායි. මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශයේ අමාත්‍යංශ ලේකම් ධූරයට පත්කර ඇත්තේ කේ එම් එම් සිරිවර්ධන මහතායි. මීට පෙර මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරය දරණු ලැබුවේද ඒ මහතායි. විදේශ කටයුතු අමාත්‍යංශයේ…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව, ආරක්ෂක, මුදල්, ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම්, සංචාරක, බලශක්ති, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශ පවතින්නේ ජනාධිපතිවරයා යටතේ යි. අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන, කම්කරු, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ, කාන්තා, ළමා හා තරුණ කටයුතු, ක්‍රීඩා, වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යසායකත්ව සංවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය ධූරවල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය දිවුරුම් දී තිබෙනවා. විජිත හේරත් මහතා දිවුරුම් දී ඇත්තේ, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග, වරාය…
නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (24) දිවුරුම් දීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළාය. “දැන් වැඩ භාර ගන්න ඕනේ. ඊට පස්සේ වැඩට බහින්න තමයි තියෙන්නේ. අද බොහෝ දුරට පාර්ලිමේන්තුව විසුරුවා හරියි. මං ඊට කලින් වැඩභාරගන්න යන්න ඕන. ජනතාවට බොහොම ස්තූතියි අපි මත තබා තිබෙන විශ්වාසයට. ඒක එලෙසම අපි ආරක්ෂා කරනවා.”
2024 ජුලි මාසයේ දී 2.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 අගෝස්තු මාසය සඳහා 1.1% ක් දක්වා අඩුවී ඇත. 2024 ජුලි මාසයේදී 2.9%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් දක්වා අඩුවී තිබේ. එමෙන්ම, 2024 ජුලි මාසයේදී 2.2%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 0.2% ක් දක්වා අඩු වී ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි.
රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වී තරග කළේ නම් සජිත් ප්‍රේමදාස මහතාට මෙවර මැතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබූ බවට පැවසෙන ප්‍රකාශ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා අද (24) ප්‍රතිචාර දැක්වීය. එහිදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, “අංක ගණිතය පමණක් බැලුවොත් එවන් විග්‍රහයකට යන්න පුළුවන්. නමුත් ගැඹුරු දේශපාලන විශ්ලේෂණයකට ගියොත් පැහැදිලියි.. ඒක සත්‍යයක් යථාර්තයක් නෙමෙයි කියලා.” “අපි සමගි ජන සන්ධානය ලෙස ඉදිරියට යනවා. ඒ සමග ජනතාව පිළිගන්න පුද්ගලයන්ට අත්වැල් බැඳගැනීමට පුළුවන්.” “අද සමගි ජන බලවේගයේ සියලුම ආසන සංවිධායකවරුන්, සියලුම මන්ත්‍රීවරුන් ඒකමතිකව මට යෝජනා කළා අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්න…මගේ නායකත්වයෙන්.”
නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 492 දෙනෙකු මියගොස් ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 1,645 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි. ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ වසර 20කට ආසන්න කාලයක් පැවති මෙම ගැටුම්වල මාරාන්තික දිනය ඊයේ (23) දිනය බවය. හිස්බුල්ලා හමුදාවට අනුව උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 200කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය. මේ අතර මියගිය පුද්ගලයින් අතර ළමුන් 35 දෙනෙකු සහ කාන්තාවන් 58 දෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඊශ්‍රායලයේ ඉලක්ක වෙත හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ෂෙල් සහ රොකට් ප්‍රහාර හේතුවෙන් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඉල්ලීමක් කර තිබේ. ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ සිට හිස්බුල්ලා සංවිධානය විසින් ෂෙල් හා රොකට් ප්‍රහාර ගණනානවක් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ පිහිටි හයිෆා, ගැලිලි, ගෝලන්, හා නාසරිත් යන ප්‍රදේශවල ඉහළ අහසේ සිට අයන් ඩෝම් පද්තිධය මඟින් විනාශකර ඇති බව සඳහන්ය. කෙසේවෙතත් වනාන්තර වියළි ප්‍රදේශවලට වැටුණු සුන්බුන් හේතුවෙන් අදාළ ප්‍රදේශවල ගිනිගැනීම් හටගෙන ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ විටින් විට එල්ලවන මෙම ප්‍රහාර පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්…

