මව්බිම ජනතා පක්ෂය මෙරට ශක්තිමත්ම පක්ෂය බවට පත් කිරීම තම අරමුණ බව එහි නව ජාතික සංවිධායක ධුරයට පත් හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස දිලුම් අමුණුගම මහතාව අද (25) පත්කෙරුණු අතර ඊට අදාළ පත්වීම් ලිපිය කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අතින් ලබාදුනි.
මෙහිදී අදහස් දක්වමින් මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, මව්බිම ජනතා පක්ෂයේ වැදගත් සංධිස්ථානයක් බවට අද දිනය පත්වූ බවය.
“අපගේ මිත්‍ර දිලුම් අමුණුගම සොහොයුරා අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ අපේ පක්ෂයේ, ජාතික සංවිධායක විදියට.”
මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතා,
“දැන් අපිට නිදහස ලැබිලා තිබෙනවා… අපි දේශපාලනය කළ යුත්තේ කා සමග ද කියලා තීන්දු කරන්න. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්තුමාට මම ලිපියකින් දැනුම් දුන්නා මම පක්ෂයෙන් ඉවත් වෙන බව. මම අද උදේ ලිපිය යොමු කළේ. සමහරවිට තාම ලැබිලා නැතුවත් ඇති.”
“මේ පක්ෂය ශක්තිමත් කරන්න ජාතික සංවිධායකවරයා ලෙස ඒ වගකීම භාරගන්න මම තීරණය කළේ… මේ පක්ෂය ලංකාවේ වඩාත්ම ශක්තිමත් පක්ෂය බවට පත් කිරීමේ අරමුණින්.”