Author: Buzzer Editorial

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක්දින නිල සංචාරයක් සඳහා අද (4) උදෑසන දිවයිනට පැමිණියේය. ජයශංකර් මහතා සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 08 දෙනෙකුද පැමිණ සිටියහ. ඔවුන් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක වෙත පැමිණ තිබුණි. ජයශංකර් මහතා ඇතුළු පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ. ජයශංකර් මහතා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතව ඇත. එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස විදේශ…

Read More

ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වී සාකච්ඡාවක නිරත විය. ගේට්ස් පදනම මඟින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෘෂිකාර්මාන්තය නගා සිටුවීම, පාසල් දිවා ආහාරය ලබා දීම ඇතුළු මෙරට ළමුන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මානව සම්පත් සංවර්ධනය, පශු සම්පත්, දේශගුණික විපර්යාස ආදි ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. නව රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල්කරණයේ වැදගත්කම පෙන්වා දුන් චන්දිත සමරනායක මහතා රජය ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍යමය, තාක්ෂණික සහ උපදේශන සහාය ලබාදීමට ගේට්ස් පදනම සූදානම් බව ද පැවසීය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා…

Read More

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් පාකිස්තානය හමුවේ ලකුණු 31ක පරාජයක් ලැබීමට අද (3) රාත්‍රියේදී සිදුවිය. ‘A’ කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙම තරගය සාජාහිදී පැවැත්විණි. මෙහිදී පාකිස්තානු කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 117ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 85ක් පමණි. විශ්මි ගුණරත්න සමගින් චමරි අතපත්තු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 9ක් පමණක් එක්කරද්දී චමරි දැවී ගියේය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය. තරගයේ 13(12.4) වැනි පන්දුවාරය ක්‍රියාත්මක වද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු…

Read More

වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා අද (03) පැවසීය. අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණ සියලුම නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය. කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, පශු සම්පත්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා, “අද උදේ ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණියා. සියලුම නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් තිබ්බා. එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නා ගොවීන්ට පොහොර මිලදී ගැනීමේදී QR කේත ක්‍රමයක් සකස් කරන්න කියලා.…

Read More

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස අද (03) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවූ බවය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan),ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ නියෝජිත පිරිසක් මෙලෙස ජනාධිපතිවරයා සමග සාකච්ඡා සිදුකර තිබේ. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත හා දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද ඊට එක්විය.…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ (02) මෙරටට පැමිණ තිබේ. ඒ අනුව මෙම නියෝජිත පිරිස සහ නව රජය විසින් IMF සාකච්ඡා සඳහා පත් කර ඇති ආර්ථික කණ්ඩායම අතර හමුවක්  ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණි.  IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් පැවති වැඩසටහන පිළිබඳ සමාලෝචනයක් මෙහිදී දෙපාර්ශ්වය විසින් සිදු කරන ලද අතර එම ඉදිරි කටයුතු වෙනුවෙන් වු සැලසුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ…

Read More

දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන හෙට (03) දිනයේ වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇත. ඒ හෙටට යෙදෙන ලෝක අමද්‍යප දිනයට සමගාමීවය. එමෙන්ම එදින සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සඳහා විවෘතව තැබෙනු ඇති බවටයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බව තහවුරු කර ඇති බැවින් ඔහුට වසරක ක්‍රිකට් තහනමක් පනවා, එයින් මාස 6ක් අත්හිටුවා ඇත. ජයවික්‍රම ICCනීති සංග්‍රහය යටතේ පහත සඳහන් විධිවිධාන කඩකළ බව සඳහන් වේ. 2.4.7 වගන්තිය – දූෂණ විරෝධී සංග්රහය යටතේ දූෂිත හැසිරීම් පිළිබඳ සාක්ෂි සොයාගැනීමේදී, විමර්ශනයට අදාළ විය හැකි සහ/හෝ සාක්ෂි විය හැකි හෝ හේතු විය හැකි ලේඛන හෝ වෙනත් තොරතුරු වසන් කිරීම, විකෘති කිරීම හෝ විනාශ කිරීම ඇතුළුව සිදුකළ හැකි ඕනෑම පරීක්ෂණයකට බාධාකිරීම හෝ ප්‍රමාද කිරීම. මෙම චෝදනා අන්තර්ජාතික ක්‍රිකට් සහ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සම්බන්ධව එල්ලවී තිබේ.

Read More

ශ්‍රී ලංකාව සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පරාජය වීමත් සමගම නවසීලන්ත නායක ටීම් සවූති නායකත්වයෙන් අස්වීමට තීරණය කර තිබේ. සවූති පවසන්නේ කණ්ඩායමේ යහපත වෙනුවෙන් ඔහු එම තීරණය ගන්නා බවයි. නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා ටොම් ලේතම් පත්කිරීමට නියමිතය. 2022 වසරේදී කේන් විලියම්සන් ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වුණු අතර පසුව නායකත්වය ටීම් සවුති ට පැවරිණි. ඔහු ටෙස්ට් තරග 14කදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරග 6ක් ජයගෙන 6ක් පරාජය විය. තරග 2ක් ජයපරාජයෙන් තොරව අවසන් වුණි. ශ්‍රී ලංකාව සමග ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් පරාජය වූ නවසීලන්ත කණ්ඩායම දෙවැනි තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් පරාජය විය.

Read More

ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හිටපු මන්ත්‍රීවරුන් ඉදිරි මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් හෝ වෙනත් පොදු ලකුණකින් තරග කිරීමට සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ගෑස් සිලින්ඩරය ලකුණ ලබා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ මතය විමසා ඇති අතර එහි තීන්දුව ලැබීමෙන් පසු අවසන් තීරණයකට එළැඹෙන බව වාර්තා වෙයි. අදාළ හිටපු මන්ත්‍රීවරුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින සලකුණ සහ සන්ධානය පිළිබඳ අවසන් එකඟතාවකට එළැඹීමට අද (02) පස්වරුවේ කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට රැස්වී තිබුණි. ගෑස් සිලින්ඩරය ලබාගැනීමට නොහැකි වුවහොත් බොහෝ දුරට අලියා ලකුණ යටතේ හෝ වෙනත් පොදු ලකුණකින් ඔවුන් තරග කරනු ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Read More