- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
පිරිවෙන් සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. අද දිනයේ දී එම ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. ඒ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමේ අවශ්‍යතාව පවතින්නේ නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසීම් සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 28 වනදා නිකුත්කෙරුණු අතර එම විභාගයට පෙනී සිටි පිරිවෙන් අධ්‍යාපනය ලබන අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල මෙලෙස අද දිනයේ නිකුත්කර තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබේ. ඒ අනුව ඔහු අදාළ පත්වීමේ ලිපිය ලබාගෙන ඇති අතර එළැඹෙන සඳුදා දිනයේ දී එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය. මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ධම්මික කුමාර මහතා නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් ඊයේ (05)දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි. වර්ෂ 2005 දී මෙම මාර්ගය වසා දැමුණු අතර ඒ අනුව ආර්.ඒ.ද මෙල් මාවතේ සිට අරලියගහ මන්දිරය හරහා මයිකල් වට රවුමේ සිට රොටුන්ඩාව වට රවුම දක්වා මාර්ගය මේ අයුරින් විවෘත කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි පොලිසිය විසින් මෙම මාර්ගය විවෘත කිරීමට කටයුතු කරන ලදී .
කොළඹ කොටස් වෙළෙඳපොළේ, සියලු කොටස් මිල දර්ශකය ඒකකය 12,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 2024 ජූලි 03 වන දිනට පසුව එම අගය ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ. අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 123.50කින් ඉහළ ගිය අතර, දිනය නිමාවෙන විට මුළු අගය දැක්වූයේ 12,053.49ක් ලෙසය. අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.8කි.
පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා පිටත් ව යාම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. කාර්යාංශය පැවසුවේ මේ වන විට විදෙස් ගතවීම් 10%කින් ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලාංකිකයින් 28,344 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර 2023 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය ප්‍රමාණය 25,716 කි. 2024 මුල් මාස 9 තුළ විදෙස් රැකියා සඳහා යොමු වී ඇති ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය 240,109 ක් ව තිබේ. එයට කාන්තා ශ්‍රමිකයින් 99,939 ක් හා පිරිමි ශ්‍රමිකයින් 142,170 ක් ඇතුළත් ය. මෙම කාලය…
මෙරට සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (04) සිය සංචාරය නිම කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත්කර තිබේ. IMFහි ආසියා – පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් එම නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. ඔහු පවසන්නේ, “අපි ජනාධිපති දිසානායක සහ ශ්‍රී ලංකා ආර්ථික කණ්ඩායම සමග ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණදී තිබෙන ආර්ථික සහ මූල්‍ය අභියෝග සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකාව 2022දී මුහුණදුන් දරුණු ආර්ථික ආර්බුදයෙන් අනතුරුව අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණ තවදුරටත් ආරක්ෂාකර ගනිමින් ඉදිරියට යාමේ වැදගත්කම සම්බන්ධයෙන් අපි එකඟ වුණා.” “ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් සම්බන්ධයෙන් බලධාරීන්ගේ කැපවීම අපව දිරිමත් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට සහාය දැක්වීමේ ස්ථීර හවුල්කරුවෙකු වන අතර…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පහසු දිනයක ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආරාධනා කර තිබේ. ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් එම ආරාධනය ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා විසින් සිදුකර ඇත. මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පහසු දිනයකදී මෙරට සංචාරයක් සඳහා එක්වන ලෙස ආරාධනා කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය. මේ අතර නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියව හමුවී තිබේ. සංචාරය අතරතුර එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවී සාකච්ඡා…
ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ උණ්ඩ නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව එම ගිනිඅවි සහ උණ්ඩ නොවැම්බර් 7 වන දාට පෙර නැවත භාරදිය යුතු වේ. ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, එම පුද්ගලයින්ට ගිනිඅවි සමාලෝචනයකින් සහ අවශ්‍යතාවය කුමක්දැයි සොයා බැලීමෙන් අනතුරුව නැවත ලබාදීමට නියමිත බවය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2024 ඔක්තෝබර් මස 03 වන දින කොළඹ හෙට්ටියාවත්ත සහ තලෛමන්නාරම පේසාලේ ප්‍රදේශ ආශ්‍රිතව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබු විදේශීය දුම්වැටි එක්දහස් පන්සියක (1500) තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ සැකකාරියක (01) නීතියේ රැහැනට අසුකරගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගලආයතනය වෙත ලද තොරතුරකට අනුව, කොළඹ වෙරළබඩ පොලිස් ස්ථානය හා එක්ව කොළඹ හෙට්ටියාවත්ත ප්‍රදේශයේ සිදුකරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, හෙට්ටියාවත්ත මංසන්දිය අසලදීඅලෙවි කිරීමට සුදානම් කළ විදේශීය දුම්වැටි එක්දහස් දෙසියක (1200) තොගයක් සමඟ එක් (01) සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. එදිනම, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාආයතනය වෙත ලද තොරතුරකට අනුව, මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව තලෛමන්නාරම පේසාලේ ප්‍රදේශයේ සිදුකරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, අලෙවි කිරීමට සුදානම් කළ විදේශීය දුම්වැටි තුන්සියක (300) තොගයක් සමඟ එක් (01) සැකකාරියක්මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 70 ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට සහ සැකකාරියවයස අවුරුදු 56 ක් වන පේසාලේ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හදුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය…
2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම අද (04) ආරම්භ විය. මැතිවරණ කොට්ඨාස විසි දෙකට අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු ඇරඹිණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඉන් 196 දෙනෙකු මැතිවරණ දිස්ත්‍රික්ක 22 තෝරා පත්කර ගැනෙයි. සෙසු මන්ත්‍රීවරුන් 29 දෙනා ජාතික ලැයිස්තුවෙන් තෝරාගනු ලබනනේ, එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය අනුව ය. නාමයෝජනා භාරගැනීම අවසන් වන්නේ, ඔක්තෝබර් 11 වැනිදා මධ්‍යහ්න 12ට ය. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, නාමයෝජනා භාරගැනීම අවසන් වන දිනයේ පෙළපාලි යෑම සහ මාර්ගවල අනවශ්‍ය ලෙස එක්රැස්වීම තහනම් බවයි. 2024 මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වෙයි.

