- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
මහජනතාව විසින් ඉදිරිපත් කර ඇති සියලුම සුළු පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ විමර්ශනය කර අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව ප්‍රකාශ කළේය.
නැවත එවන් ඛේදවාචකයකට ඉඩක් නැහැ.ජනපති කටුවාපිටියේදී අවධාරණය කරයි. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ අද (06) මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය. අද පෙරවරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි ජනාධිපතිවරයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. ජනාධිපතිවරයාගේ සංචාරය සනිටුහන් කරමින්…
අර්තාපල් සහ ලොකු ළූණු ආනයනය කිරීමේදී පැවති විශේෂ ආනයන බද්ද රජය මගින් වැඩි කිරීම හේතුවෙන් පිටකොටුව තොග වෙළෙදපොලේ ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් තොග මිල වැඩි වී ඇතැයි ආනයනකරුවන් හා තොග වෙළෙදුන් පවසති. ඒ අනුව රුපියල් 175,180 වශයෙන් පැවති අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 190,200 දක්වා ඉහළ ගොස් ඇති අතර රුපියල් 220,230 ක් වශයෙන් පැවති ලොකු ළූණු කිලෝවක තොග මිල 250,270 දක්වා වැඩි වී ඇති බවත් ආනයනකරුවන් සදහන් කරයි. විශේෂයෙන් අර්තාපල් ආනයනය කරන පකිස්ථානයේ හා චීනයේ ද ලොකු ළූණු ආනයනය කරන ඉන්දියාවේ ද මිල වැඩි වී තිබීම අර්තාපල් සහ ලොකු ළූණු තොග මිල ඉහළයාමට තවත් හේතුවක් බව ද ඔවුහු පවසති.
වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි. ඔහු පැවසුවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනුව මේ බව තහවුරු වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙරට කෘෂිකාර්මික අංශය තුළ පවත්නා විවිධ ගැටළු හේතුවෙන් පුද්ගලයින් කෘෂිකාර්මික රැකියාවලින් ඉවත් වන බවත් රටට අවශ්‍ය කෘෂිකාර්මික නිෂ්පාදනයන් නිපදවීමද පහළ යාමක් දක්නට ලැබෙන බවත්ය. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ද ඔහු පැවසීය. “පසුගිය වසරක පමණ කාලය තුළ කෘෂි අංශයේ රැකියාවලින් 147,989 පමණ ඉවත්…
අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සඳහන් කර තිබේ. ඔහුගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ ඒ බව දැක්වෙයි. එක්දින නිල සංචාරයකට පසුගිය සිකුරාදා(04) දිනයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා දිවයිනට පැමිණියේය. එම සංචාරය අතරතුරදී ජනාධිපති, අගමැතිනිය, විපක්ෂනායකවරයා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පැවැත්විය. එමෙන්ම නිම කරන ලද ණය රේඛීය ව්‍යාපෘති 7ක් සඳහා ඇ.ඩො. මිලියන 20ක ගෙවීම් ප්‍රදාන බවට පරිවර්තනය කළ හැකි බවත් ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි…
අද (06) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති වේ. උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා…
දැනට පිටවී ඇති බව පැවසෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ට අමතරව වෙනත් ප්‍රශ්න පිටවී ඇති බවට සාක්ෂි පවතින්නේ නම් ඒ පිළිබඳ තොරතුරු ළඟම පොලිස් ස්ථානය වෙත ලබා දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි. එහි දැක්වෙන්නේ එළඹෙන 07වන දිනට පෙර අදාළ තොරතුරු ළඟම පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙසය. 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇති බවට පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ එහි උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු පවා තාවකාලිකව නවතා දමා තිබේ. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති අතර අදාළ පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුවී තිබුණි. 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ…
2024 කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (05) සහභාගී වූ දෙවෙනි තරගයේ ජයත් ශ්‍රී ලංකාවට අහිමිවී ගියාය. ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයෙන් කඩුලු 6ක පරාජයක් හිමිවීමත් සමගය. සාජා පැවැති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළාය. ශ්‍රී ලංකා කණ්ඩායම අද එක් වෙනස්කමක් සිදුකරමින් සචිනි නිසංසලා වෙනුවට ඉනෝකා රණවීර තරගයට කැඳවා තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ විශ්මි ගුණරත්න සමඟින් චමරි අතපත්තුය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 6ක් ලෙස සටහන් වෙද්දී විශ්මි ගුණරත්න ලකුණු ලබා ගැනීමට පෙර දවාගැනීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් විය. නායිකා චමරි අතපත්තුට…
ආනයනික පොල්තෙල් සම්බන්ධයෙන් පාරිභෝගීකයින් අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ආනයනික පොල්තෙල් සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ ඇතිවී තිබෙන සැකය පිළිබඳව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව පැවසීය. “ලංකාවට පොල් තෙල් ආනයන කිරීමේදී රේගුවේදී ආහාර පාලන ඒකකයේ ආහාර පරික්ෂකවරුන් විසින් විශේෂ පරික්ෂාවක් කරනවා. රට තුළට ආනයන කරන RBD ඔයිල් සාමන්‍ය පොල්තෙල් විදිහට අලෙවි කිරීමේ හැකියාව තියෙනවා. පොල්තෙල්වලට අදාළව 1980 අංක 26 දරණ ආහාර පනතට අදාළව සකස්කරලා තියෙන 1987 ප්‍රමිති නියෝගවලට අදාළ ප්‍රමිතියෙන් යුත්තනම් රට තුළ විකිණීමට කිසිදු නෛතිකමය බාධාවක් නැහැ. ඒ වගේම ලංකාව තුළට පොල්තෙල් රැගෙන ඒමේදී ආහාර පාලය ඒකකයේ ආහාර…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව ජනාධිපතිවරයා, මහානායක හිමි ප්‍රමුඛ සංඝරත්නය සමඟ වත්මන් ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් කෙටි පිළිසඳරකට ද එක් විය. තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති ආකාරයට සියලු තීන්දු තීරණ ගැනීම තම අරමුණ බව මෙහිදී පැවසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි මහ මැතිවරණයෙන් පසු ඊට අදාළ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය. තානාපතිවරුන් පත් කිරීමේදී උගත්,…

