Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්

July 24, 2026

ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි

July 24, 2026

බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි

July 24, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
  • ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
  • බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
  • අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
  • රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
  • එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
  • මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
  • ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 24
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
Financial 0 Views

ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි

Buzzer EditorialBy Buzzer EditorialJuly 24, 2026No Comments1 Min Read0 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාවේ දෛනික කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන්නේ 43%ක් වැනි ප්‍රතිශතයක් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ හේතුවෙන් වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර මිලියන 410 සිට ලීටර මිලියන 1,200 දක්වා ඉහළ නැංවීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1,000ක් වෙන් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් නිකවැරටිය අභිජනන ගොවිපොළ සංවර්ධනය කිරීම සඳහා ද තවත් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අනාගතයේදී රටට අවශ්‍ය වන උසස් ප්‍රභේදයේ එළගව සහ මීගව ගැහැනු හා පිරිමි සතුන් බිහිකිරීමේ න්‍යෂ්ටික ගොවිපොළක් බවට නිකවැරටිය ගොවිපොළ පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

නිකවැරටිය කිරි ගොවිපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ තවත් ව්‍යාපෘති රැසක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

මීට අමතරව දේශීය කිරි ගොවීන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සහ ඔවුන් දිරිමත් කිරීම වෙනුවෙන් රජය මැදිහත් වී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. 

ඒ වෙනුවෙන් දැනටමත් ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාවට නැංවීම, දිවයින පුරා පිහිටි සත්ව අභිජනන ගොවිපොළවල් නවීන තාක්ෂණයෙන් යුතුව වැඩි දියුණු කිරීම, දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැපයීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

featured Financial News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleබංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
Next Article පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
Buzzer Editorial

Related Posts

පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්

July 24, 2026

බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි

July 24, 2026

අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

July 24, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්

July 24, 2026

ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි

July 24, 2026

බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි

July 24, 2026

අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

July 24, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 24, 20260 Views

පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්

By Buzzer EditorialJuly 24, 202600 Views

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් එළැඹෙන…

ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි

July 24, 2026

බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි

July 24, 2026

අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

July 24, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
  • ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
  • බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
  • අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
  • රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
  • එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
  • මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
  • ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.