ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කළ හිටපු මන්ත්රීවරුන් ඉදිරි මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් හෝ වෙනත් පොදු ලකුණකින් තරග කිරීමට සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ගෑස් සිලින්ඩරය ලකුණ ලබා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ මතය විමසා ඇති අතර එහි තීන්දුව ලැබීමෙන් පසු අවසන් තීරණයකට එළැඹෙන බව වාර්තා වෙයි.
අදාළ හිටපු මන්ත්රීවරුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින සලකුණ සහ සන්ධානය පිළිබඳ අවසන් එකඟතාවකට එළැඹීමට අද (02) පස්වරුවේ කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට රැස්වී තිබුණි.
ගෑස් සිලින්ඩරය ලබාගැනීමට නොහැකි වුවහොත් බොහෝ දුරට අලියා ලකුණ යටතේ හෝ වෙනත් පොදු ලකුණකින් ඔවුන් තරග කරනු ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.