Author: Buzzer Editorial

බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත පානදුර ගොරකාන ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි චීන ජාතිකයින් 20 දෙනෙක් පානදුර උතුර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයින් සතුව තිබී ලැප්ටොප් 5ක්, ජංගම දුරකථන 437ක්, තරාදියක්, USB කේබල් 332ක්, ජංගම දුරකථන චාජර් 133ක්, USB වයර් කෝඩ් 21ක්, රවුටර් 17ක් ,අයි ෆෝන් 2ක් සහ තවත් උපාංග කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ලැගුම්ගෙන සිටි හෝටලයෙන් ආහාර ලබාගෙන ඇති අතර මාසිකව ලක්ෂ විස්සක කුලී පදනම මත එම හෝටලයේ ඔවුන් රැඳී සිටි බව පොලීසිය ප්‍රකාශ කළේය. මොවුන් සියලුදෙනා අද (09) පානදුර මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඔවුන් මූල්‍ය අපරාධය සිදුකර ඇත්ද යන්න සොයාබැලීම සඳහා…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබේ. තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය අද (08) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබුණි. තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 10) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එය දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය. ඒ අනුව, තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසන් දිනයේ දී එනම්, 2024 ඔක්තෝබර් මස 10 දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර එම අයදුම්පත්‍ර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලැබිය යුතුය. අයදුම්පත්‍ර ලැබීමේ දී සිදු විය හැකි…

Read More

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත. මේ බව අනාවරණය කළේ ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් පර්යේෂකයන් කණ්ඩායමකි. එම විද්‍යාඥයන්ට අනුව, එවරස්ට් ශිඛරය මීටර් 15ත් 50ත් අතර ප්‍රමාණයකින් උසින් වැඩි වී තිබේ. වසර මිලියන 40-50කට පෙර ඉන්දීය සහ යුරේසියා භූ තැටි ඝට්ටනය වීමෙන් ඇති වූ පීඩනය හේතුවෙන් හිමාල කඳු වැටිය නිර්මාණය වී ඇති අතර පෘථිවි පෘෂ්ඨයේ ව්‍යුහයට බලපාන මහා පරිමාණ ක්‍රියාවලි එහි අඛණ්ඩ වර්ධනයට ප්‍රධාන හේතුව ලෙස සැලකෙයි. එවරස්ට් ශිඛරය චීන සහ නේපාල දේශසීමා මායිමේ පිහිටා ඇති අතර එහි උතුරු කොටස…

Read More

රයට රථ වාහන ආනයනය සඳහා වූ අවශ්‍ය නිර්දේශ ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් දැනටමත් මුදල් අමාත්‍යාංශයට ලබා දී තිබේ. වසර 2022දී ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුනි. එම අවස්ථාවේ එවක පැවති රජය භාණ්ඩ දෙදහසකට අධික ප්‍රමාණයකට ආනයන සීමා පැනවීය. නමුත් ක්‍රමිකව එම සීමා ලිහිල් කිරීමක් ද සිදු කරනු ලැබීය. ඒ අනුව අවසාන ලිහිල් කිරීම ලෙස සිදු කළ යුත්තේ සීමා කිරීමකින් තොරව රථ වාහන ගෙන්වීමට ඉඩ දීමය. ලබන වසරේ පෙබරවාරි මාසයේදී රථ වාහන ආනයනය සඳහා මුළුමනින්ම ඉඩ ලබාදීම කෙරෙහි පසුගිය රජය අවධානය යොමු කොට තිබිණි. එම තීරණයෙහි වෙනසක් ඉදිරියේදී සිදු කෙරෙන්නේදැයි ඉකුත්දා ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකදී…

Read More

මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ ‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව (Chinese People’s Liberation Army Navy Sail Training Warship) නිල සංචාරයක් සඳහා අද දින (2024 ඔක්තෝබර් 08) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Sail Training Vessel වර්ගයට අයත් ‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව, දිගින් මීටර් 86 ක්සහා නැව් මුළුව පුහුණු වන නිලධාරීන් 35 දෙනෙකු ඇතුළුව 130කගෙන් සමන්විත වේ. මෙම නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් Ma Wenyong සහබටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් අද දින (2024 ඔක්තෝබර් 08) බටහිර නාවිකවිධාන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා එම නෞකාවේ නැව් මුළුව සහභාගී වීමටද නියමිතව ඇත. එමෙන්ම, මෙම පුහුණු රුවල් නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාවතුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති අතර, නෞකාවේමෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන්…

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගයට සහය දැක්වීමට තීරණය කර තිබේ. ජනමාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මෙම තීරණය ප්‍රකාශ කළේය. “පාර්ලිමේන්තු මැතිවරණ එනවා. මෙම මැතිවරණයේදී අපේ පක්ෂය ජාතික ජන බලවේගයට සහය දීමට තීරණය කර තිබෙනවා. අපේ පක්‍ෂය වෙනම මැතිවරණයට තරග කරන නමුත් ජාතික ජන බලවේගයට සහයෝගය ලබාදී එය කරනවා.” යනුවෙන් වාසුදේව නානායක්කාර එහිදී පැවසුවේය. “අපි මේ මැතිවරණයේදී එකට තරඟ කිරීම සඳහා ජාතික ජන බලවේගය සමඟ සබඳතාවක් ගොඩනඟා ගැනීමට උත්සාහ කළා. ජනාධිපතිවරණයේදීත් අපි එහෙම කරන්න හැදුවත් ප්‍රතිපත්තිමය මතභේද නිසා ඒක හරිගියේ නැහැ.” කෙසේවෙතත් තම පක්‍ෂය වෙනම…

Read More

උඩරට දුම්රිය මාර්ගය ආශ්‍රිතව ඉන්දියානු චිත්‍රපටයක් රූපගත කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය දින 06ක කාලයකට සිමාකර ඇත. මේ හේතුවෙන් බදුල්ල දක්වා ගමන් කිරීම සඳහා කළින් ප්‍රවේශපත්‍ර වෙන්කරවාගත් මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමුකරමින් ඒ පිළිබඳව දැනුම්දී ඇත්තේ මේ ආකාරයෙනි. ‘2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ද සිනමා පටයක් රුගත කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහත දිනයන් හිදී පෙ.ව.07.30 සිට ප.ව.17.30 දක්වා කාලසීමාව තුල කොළඹ කොටුව සහ ඇල්ල දුම්රිය ස්ථාන දක්වා පමණක් සිදුකරනු ලබන…

Read More

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය. මෙම නිල නිවස සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයට පවරා දීමට කලින් පැවැති රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි ද එම යෝජනාව පැවති රජයට ඉදිරිපත් කළේ තමන් විසින් බවද හිටපු අමාත්‍යවරයා කීය. ඒ අනුව මෙම නිල නිවාසය කොළඹ සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයේ කටයුතු සඳහා යොදා ගැනීමට අදාල සියලු ලිපි කටයුතු අවසන් කළ බවත් ඒ අනුව අද (8)දින සිට නිල නිවස සිරිමාවෝ බාලිකා විද්‍යාලයට පැවරෙන බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබේ. පවතින නීතියට අනුව වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කර දින 14කට වඩා වැඩි කාලයක් පවතින්නේ නම්, ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගත යුතුය. ඉකුත් සැප්තැම්බර් මස 27 වනදා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත් කෙරුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව එම පත්කිරීම සිදුකර කර තිබුණි. වසර 158ක පොලිස් ඉතිහාසය තුළ පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට එක්වී පොලිස්පතිවරයා ලෙස පත්වීම් ලද එකම නිලධාරියා වන්නේ ප්‍රියන්ත වීරසූරිය මහතායි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන ඔහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දීමෙන්…

Read More