- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
තමන් ක්‍රීඩකයන්ට පක්ෂග්‍රාහී නොවන බවත්, කණ්ඩායමට හා රටට හොඳම දේ ලබාදෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත් වූ සනත් ජයසූරිය පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත්වීමෙන් අනතුරුව අද (7) පස්වරුවේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජයසූරිය මේ බව පැවසීය. මෙහිදී විදේශීය පුහුණුකරුවෙකු වෙනුවට දේශීය පුහුණුකරුවෙකු පත්වීමේ වාසිය කුමක්දැයි ජයසූරියගෙන් මාධ්‍යවේදියෙක් විමසා සිටියේය. “ක්‍රීඩකයොත් එක්ක අදහස් බෙදාගන්න ලේසියි. ක්‍රීඩකයින්ගේ අඩුපාඩු තිබෙනවානම් මාත් එක්ක කතා කරන්න කිසිම බාධාවක් නැහැ. ඒ ආත්ම විශ්වාසය තියෙන්න ඕන. ඒ අය දන්නවා මම මොනවගේ ක්‍රිකට් එකක්ද ගහලා තියෙන්නේ කියලා. ඒ වටිනාකම දන්නවා. ඒකත් එක්ක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහයෝගය ඇතිව ඉස්සරහට ලොකු ගමණක් යන්න පුළුවන්.…
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබාදීමට අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදු කළේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් මහතා ඊට අත්සන් තැබූහ. මෙම මූල්‍ය පහසුකම ලබා දීම ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා ලෝක බැංකුව විසින් දක්වනු ලබන අඛණ්ඩ සහයෝගීතාවය පිළිඹිබු කෙරේ. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ, ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්වයට පත්…
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (07) නිල වශයෙන් නිවේදනය කළේය. 2024 ඔක්තෝබර් 01 වනදා සිට 2026 මාර්තු 31 වනදා දක්වා කාලය සඳහා ඔහුව අදාළ තනතුර සඳහා පත්කර තිබේ. පසුගිය ඉන්දීය, එංගලන්ත සහ නවසීලන්ත තරගාවලි වලදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අදාළ තීරණය ගෙන ඇති බව දැක්වෙයි. එම තරගාවලි සඳහා වැඩබලන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය කටයුතු කළේය.
ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි. ඔහු පැවසුවේ මෙම කාලය තුළ දී එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බවය. ඇතැම් මණ්ඩලවලට මේ වන විටත් නව සභාපතිවරුන් පත් කර තිබේ. ඉදිරියේ දී සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන් අදාළ අමාත්‍යවරුන් විසින් පත් කරන බව ඔහු පැවසුවේය. ඒ අනුව පවතින තත්ත්වය හමුවේ ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවන බව රජය මේ වන විට නිවේදනය කර ඇත. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පැවසුවේ නව සභාපතිවරුන් සහ ආයතන ප්‍රධානීන් පත් කිරීම නව අමාත‍්‍යවරුන්ගේ කාර්යභාරයක් බවය.
දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීම අද (07) පෙරවරු 9.30 සිට හෙට පස්වරු 9.30 දක්වා ක්‍රියාත්මක බවයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ඇම්බර් පැහැයෙන් යුතු “අවදානයෙන් සිටින ලෙසට” අනතුරු අඟවා තිබේ. තවද ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත “කහ පැහැයෙන් යුතු” විමසිලිමත් වන්න යන අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඊයේ (06) උදෑසන 8.30 සිට අද උදෑසන 7.00 දක්වා කාලසීමාව තුළ දී කොළඹ දිස්ත්‍රික්කයට මිලි මීටර් 162.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඊට අමතරව වලල්ලාවිට (මිමී 112.5), හොරණ (මිමී 111.5), නෙළුව (මිමී 109) සහ උඩුගම (මිමී 94.5) යන ප්‍රදේශවලට ඉහළ වර්ෂාපතනයක් වාර්තා වී තිබුණි. මේ අතර අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50 දෙනෙකු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් තවදුරටත් එළෙසම කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් ‘අද දෙරණ’ සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පවසා සිටියේය. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට ලබාදිය යුතු නිලධාරීන් ගණන කඩිනමින් තීරණය කර ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු…
නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙයි. ස්පේස් එක්ස්, ටෙස්ලා මෙන්ම එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ ද හිමිකරු වන ඉලොන් මස්ක්, ට්‍රම්ප්ට සහාය දක්වන බව නිවේදනය කළේ අද (6) පෙන්සිල්වේනියා ජනපදයේ, බට්ලර් නුවර පැවැත්වුණු ජන රැලියක් අතරතුරේ ට්‍රම්ප් සමඟ මැතිවරණ වේදිකාවට ගොඩවෙමිනි. පසුගිය ජුනි 13 වැනිදා ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ ද මෙම ස්ථානයේදී වීම විශේෂත්වයකිනි. එම වෙඩි ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ දකුණු කන් පෙත්ත තුවාල විය. වේදිකාවේ සිටි රැස්ව සිටි රිපබ්ලිකන් පාක්ෂිකයන් අමතද්දී, ට්‍රම්ප් එම සිද්ධිය ද මතක් කළේය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. පාකිස්තානු ජාතික පිරිමි රැඳවියන් 51ක් සහ කාන්තා රැඳවියන් 5ක් එම රැඳවියන් 56 ට ඇතුළත් වූ බවත් අදාල රැඳවියන්ගේ සිර දඬුවම සිය මව් රටේ බන්ධනාගාර තුළදී ක්‍රියාත්මක වන බවත් දිසානායක මහතා කීය. මෙරට බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ වැඩිම රැඳවියන් පිරිසක් මේ ආකාරයෙන් මාරුකළ පළමු අවස්ථාව මෙය බවද ඒ මහතා සඳහන් කළේය. සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුමේ 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ එම පාකිස්තාන ජාතික සිරකරුවන් 56 පාකිස්තානය වෙත යොමු කළ බවත් කොළඹ බණ්ඩාරණායක…
මෙරට 15 වැනි ජන හා නිවාස සංගණනය සඳහා පෞද්ගලික සහ නිවාස තොරතුරු රැස්කිරීම හෙට ආරම්භ වීමට නියමිතය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්නට අනුව ජනලේඛන නිලධාරීන් රට පුරා නිවෙස්වලට ගොස් මෙම වැදගත් දත්ත රැස් කිරීමට නියමිතව තිබේ. 2012 සංගණනයේ සංඛ්‍යාලේඛනවලට සාපේක්ෂව මෑත තක්සේරු කිරීම් මගින් නිවාස ඒකකවල සැළකිව යුතු 24%ක වර්ධනයක් පෙන්නුම් කරන බව ඇය අවධාරණය කළාය.

