Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව තීන්දු තීරණ ගන්නා බව ජනපති කියයි
News 4 Views

ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව තීන්දු තීරණ ගන්නා බව ජනපති කියයි

Buzzer EditorialBy Buzzer EditorialOctober 5, 2024No Comments3 Mins Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ජනාධිපතිවරයා, මහානායක හිමි ප්‍රමුඛ සංඝරත්නය සමඟ වත්මන් ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් කෙටි පිළිසඳරකට ද එක් විය.  

තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති ආකාරයට සියලු තීන්දු තීරණ ගැනීම තම අරමුණ බව මෙහිදී පැවසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි මහ මැතිවරණයෙන් පසු ඊට අදාළ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

තානාපතිවරුන් පත් කිරීමේදී උගත්, බුද්ධිමත්, විදෙස් රටක මෙරට නියෝජනයට ගැළපෙන පිරිසක් පත් කිරීමට කටයුතු කරන ලෙසත්, ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී දේශපාලනය පිළිබඳ නොසිතා වගකීම් සහගත පුද්ගලයන් පත් කරන ලෙසත් මෙහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

එසේම අමාත්‍යාංශ සඳහා ලේකම්වරු පත් කිරීමේදී ද ඊට ගැළපෙන පිරිස් පත් කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

අනුනායක හිමිවරුන්, ලේඛකාධිකාරි හිමිවරුන් ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කෙරුණි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද  (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක දර්ශනපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී අමරපුර මහා නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ  රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගා ගත යුතු බවය. එවිට ලෝකයේ ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාවට නැඟී සිටිය හැකි බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපතිවරයාට විරුද්ධව ආගම මුල් කරගනිමින් අවලාද ව්‍යාපාරයක් ක්‍රියාවට නැංවීමට ඇතැම් කණ්ඩායම් සංවිධානාත්මකව ක්‍රියා කළ බව පෙන්වා දුන් මහා සංඝරත්නය එම ප්‍රකාශ සාවද්‍ය බව මේ වන විටත් තහවුරු වී තිබෙන බව පැවසීය.

නමුත් මෙවන් අවලාද ව්‍යාපාර ඉදිරියේදී ද ඇතිවීමට ඉඩ ඇති බව පෙන්වා දුන් මහා සංඝරත්නය ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව ජනතාව පෙන්වාදී ඇති බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අපහාස සහ අවලාදවලින් තම කණ්ඩායම පිළිබඳ මවා තිබු චිත්‍රය සහ බිය මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ බවත්, ඒවා සියල්ල ප්‍රවාද බව මේ වනවිට තහවුරු වී තිබෙන බවත් කියා සිටියේය. 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව ද මෙහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් විමසා සිටියහ.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තමන් අපේක්ෂා කරන බවය. දීර්ඝ සාකච්ඡාවකින් සේම ජනමත විචාරණයකින් පසුව පමණක් එය සිදු කිරීම තම අපේක්ෂාව බවත්, පසුගිය රජයන් විසින් ඔවුන්ට අවශ්‍ය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු කළා මිස ජනතාවගේ එකඟතාව අනුව එය සිදු නොකළ බවත් පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් රට යම් මට්ටමකට ස්ථාවර කර ජනතාව විසින් අපේක්ෂා කරන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleපිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
Next Article වෙළෙඳපොළේ තිබෙන පොල්තෙල් ගැන පැහැදිලි කිරීමක්
Buzzer Editorial

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.