Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මට “මයි මෑන්ලා” නෑ
News 2 Views

මට “මයි මෑන්ලා” නෑ

Buzzer EditorialBy Buzzer EditorialOctober 8, 2024No Comments4 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

තමන් ක්‍රීඩකයන්ට පක්ෂග්‍රාහී නොවන බවත්, කණ්ඩායමට හා රටට හොඳම දේ ලබාදෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත් වූ සනත් ජයසූරිය පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත්වීමෙන් අනතුරුව අද (7) පස්වරුවේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජයසූරිය මේ බව පැවසීය.

මෙහිදී විදේශීය පුහුණුකරුවෙකු වෙනුවට දේශීය පුහුණුකරුවෙකු පත්වීමේ වාසිය කුමක්දැයි ජයසූරියගෙන් මාධ්‍යවේදියෙක් විමසා සිටියේය.

“ක්‍රීඩකයොත් එක්ක අදහස් බෙදාගන්න ලේසියි. ක්‍රීඩකයින්ගේ අඩුපාඩු තිබෙනවානම් මාත් එක්ක කතා කරන්න කිසිම බාධාවක් නැහැ. ඒ ආත්ම විශ්වාසය තියෙන්න ඕන. ඒ අය දන්නවා මම මොනවගේ ක්‍රිකට් එකක්ද ගහලා තියෙන්නේ කියලා. ඒ වටිනාකම දන්නවා. ඒකත් එක්ක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහයෝගය ඇතිව ඉස්සරහට ලොකු ගමණක් යන්න පුළුවන්. දේශීය පුහුණුකරුවෙකු ලෙස මම මතක තියාගන්න ඕන මට ෆේවරිට්ස්ලා නෑ. මම ස්වාධීනයි. මම හොඳම කණ්ඩායම ක්‍රීඩා කරවන්න ඕන. ටීම් එකට හොඳ ඒකයි, රටට හොඳ ඒකයි.  මේක ලොකු අභියෝගයක්. නැත්නම් මේ ජොබ් එක මගෙන් පස්සේ නැවත දේශීය කෙනෙකුට කරන්න ලැබෙන්නේ නෑ. මට ලොකු වගකීමක් තියෙනවා ඒ පැත්තෙන්”. 

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 කණ්ඩායම්වලට සාපේක්ෂව ටෙස්ට් කණ්ඩායම යම් ස්ථාවර මට්ටමක සිටින බවත්, ඒ වෙනසට හේතු කුමක්දැයි මෙහිදී වීමසීය. ඊට පිළිතුරු දුන් ජයසූරිය,

“ටෙස්ට් කණ්ඩායමේ ගොඩක් ක්‍රීඩකයෝ එක්දින හා විස්සයි20 ක්‍රීඩා කරනවා. ඒ අය දන්නවා ක්‍රීඩා විලාශය කොහොමද වෙනස් කරගන්නේ කියලා. ඒ වැඩ කටයුතු මම, මගේ ඉන්න අනෙක් පුහුණුකරුවො  ක්‍රීඩකයොත් එක්ක කතා කරගෙන ඒක එතෙන්ට ගේනවා. මම හිතන්නේ කාලයක් අපි එක්දින හා විස්සයි20 තරගවල පසුබෑමක හිටියා. පසුගිය මාස එකහමාරම ටෙස්ට් මැච් පහක් ගහපු නිසා අපේ ප්‍රේක්ෂකයෝ දකින්නේ ටෙස්ට් ක්‍රිකට් එක තමයි. මම ක්‍රීඩකයින්ට හැම වෙලාවෙම කියන්නේ ටෙස්ට් ක්‍රිකට් ගැන තමයි මුළු ලෝකයම බලන්නේ. මේ ගහන හැම ලකුණක්ම ඔයාලා ක්‍රිකට් නවත්වපු දවසට අහනවා මොනවද ටෙස්ට් ක්‍රිකට්වල කරලා තියෙන්නේ කියලා. එංගලන්ත තරගාවලියේදී ක්‍රීඩකයින්ට තේරුණා ටෙස්ට් ක්‍රිකට්වල වටිනාකම. මේ හැම දෙයක්ම කරගෙන මම හිතන්නේ ටෙස්ට් කණ්ඩායම ඉන්න තැනටම එක්දින කණ්ඩායමයි, විස්සයි20 කණ්ඩායමයි ගෙන්න පුළුවන්. හෙමිහිට අපි ඒ තැනට තමයි යන්නේ. අපි ඉවසීමෙන් ඒ ළමයින් ට ඒ සහයෝගය දුන්න නම්, මේ ළමයි රටට තමන්ගේ රාජකාරිය ඉෂ්ඨ කරලා දෙයි”. 

මෙම මාධ්‍ය හමුවේදී සනත් ජයසූරිය ට ලබාදුන් කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් යම් මතගැටුමක් තිබෙනවාදැයි විමසා සිටි අතර, ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පිළිතුරු ලබා දුන්නේය.

“එහෙම කිසිම දෙයක් නැහැ. සනත් ඇවිල්ලා සාමාන්‍යයෙන් සල්ලිවලට මුල්තැන දෙන කෙනෙක් නෙමෙයි. අපි දීපු ආරාධනාව සනත් පිළිගත්තා. ගිවිසුමකට යනකොට සාමාන්‍යයෙන් සතියක් දෙකක් යනවා ඒක අවසන් වෙන්න. එයාලගේ නීතිඥවරු ඒක බලන්න ඕන. ඒ අතරතුර තමයි මාධ්‍යවල ගියේ disagreement එකක් ගියේ. කිසිම එකක් නැහැ. අපි ඔෆර් කරපු පැකේජ් එක සනත් පිළිගත්තා. ඒ හැරෙන්න කිසිම ආරවුලක් නැහැ”. 

ඉදිරියේදී ආරම්භ වන බ.ඉ. කොදෙව් තරග සංචාරය සාර්ථකව අවසන් කිරීම තමන්ගේ කෙටිකාලීන සැලසුම බව සනත් ජයසූරිය මෙහිදී පැවසීය. 

2026 වසරේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයට ඇති සූදානම පිළිබඳ කළ විමසීමේදී ඔහු පැවසුවේ,

“ඉදිරියේදී පැවැත්වෙන බ.ඉ. කෙදෙව් සංචාරය හරි වැදගත්. අපි ලබාදෙන වගකීම ක්‍රීඩකයෝ සියයට සීයක් ඉටුකරනවාද කියලා මම වැඩියෙන් බලනවා මේ වෙලාවේ. ඒ වගේම දිගුකාලීන සැලසුම් අතර ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමට ක්‍රීඩාකරන ක්‍රීඩකයෝ ගැන බලනවා. ඒකත් එක්ක අපට ඉස්සරහට යොවුන් ක්‍රීඩකයෝ අවශ්‍ය වෙනවා. ඒ අයටත් දෙන්න පුළුවන් වෙලාවෙදී අවස්ථාව දෙනවා. අපි දැන් ලොකු වෙනස්කම් ටිකක් කරගෙන යනවා. ඒ වෙනස්කම්වල ප්‍රතිඵල තියෙනවා. ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම හොඳටම ක්‍රීඩා කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳ පාරක් හදාගෙන කණ්ඩායම ගෙනියන්නේ. මාධ්‍ය, ප්‍රේක්ෂකයන්, සමාජ මාධ්‍ය ක්‍රීඩකයින්ට මානසික සහයෝගය දුන්නොත් අපට මේ ගමන යන්න පුළුවන්”.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ලෝක ටෙස්ට් ශූරතාවේ සුවිශේෂී කඩඉමක සිටින බැවින්, එම කඩඉම ජයගැනීමට ඇති අභියෝග ගැනද සනත් ජයසූරියගෙන් මෙහිදී විමසීය.

“අපට තරග 4ක් තිබෙනවා. ඉන් තරග දෙකක් දකුණු අප්‍රිකාවේ. මං හිතන්නේ අපි අඩුම තරග තුනක්වත් ජයග්‍රහණය කරන්න ඕන. ඒක කරන්න මගේ ළමයි ටික ගොඩක් ආසාවෙන් ඉන්නේ. දකුණු අප්‍රිකාවේ අපට වාසිදායක තැන් දෙකක තමයි මේ තරග තියෙන්නේ. එකක් ඩර්බන්වල හා අනෙක් පෝට් එළිසබෙත්වල. මං හිතන්නේ අපට ලොකු අවස්ථාවක් තියෙයි මේ තරග දෙක හරවගන්න. ලේසි වෙන්නේ නැහැ, මොකද අපි ඒ රටේ ගිහිල්ලා ගහන්නේ. හැබැයි අපේ ටෙස්ට් කණ්ඩායම දැන් පටන් අරන් තියෙනවා ලංකාවෙන් පිටට ගිහිල්ලා හොඳින් ක්‍රීඩා කරන්න. හොඳ පන්දු යැවීමේ, පන්දුවට පහරදීමේ හා පන්දු රැකීමේ හොඳ බලඇණියක් ඉන්නවා. මේ දේවල් හොඳට කරන්න පුළුවන්නම් අපට මේ තරග දෙක හොඳට ඉවරකරලා එන්න පුළුවන්”.

featured News pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්
Next Article ප්‍රියන්ත වීරසූරියට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
Buzzer Editorial

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.