- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළවයි. දූෂණ විරෝධී පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අයත් කොග්ගල සහ මතුගම පිහිටි බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයක් සඳහා තහනම් කිරීමට අවශ්‍ය බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (10) කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්දර නිකුත් කිරීම පිළිබඳ තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිත මුද්දර සමරු තිළිණ පමණක් වන බවය. ඒ අනුව එය හුදෙක් සිහිවටනක් පමණක් බව තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත. තවද එම නිවේදනය මඟින් දක්වා ඇත්තේ, මෙවර ලෝක තැපැල් දිනය වෙනුවෙන් අගමැතිවරියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව සහිත මුද්දර නිකුත් නොකළ බවය. එසේම ඕනෑම පුද්ගලයෙකුට තමා කැමති රුවක් යොදා පුද්ගලකාරක මුද්දර මුද්‍රණය කර ගැනීමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ සඳහන්ව ඇත. එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුව සාම්ප්‍රදායක් ලෙස විශේෂ අවස්ථාවන්…
ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) දිවුරුම් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඇය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන් බවය. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියකි. වැඩබලන අගවිනිසුරුවරිය 1985 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව ඇති අතර 1997 වසරේ දී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වී තිබුණි. ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියකි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසයි. ඒ අනුව 2024දී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එය පෙර පුරෝකථනයන් අභිබවා යාමක් බවත් ලෝක බැංකුව පැවසීය. කර්මාන්ත හා සංචාරක අංශ මඟින් දැක්වූ දායකත්වය මුල් කරගත් කාර්තු හතරක් පුරා සිදු වී ඇති ආර්ථීකයේ අඛණ්ඩ වර්ධනය මෙන්ම, තීරණාත්මක ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මත මෙම ධනාත්මක ඉදිරි දැක්ම ගොඩ නැගී ඇති බව ලෝක බැංකුව පවසයි. අද නිකුත් කරන ලද ලෝක බැංකුවේ අර්ධ – වාර්ෂික ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම (Sri Lanka Development Update), අනාගතය සඳහා විවෘත කිරීම (Opening up to the Future) යන වාර්තාව මඟින් ඒ බව සඳහන්…
ටාටා සමූහ ව්‍යාපාරය ගෝලීය වශයෙන් කීර්තිමත් සමූහ ව්‍යාපාරයක් බවට පත්කිරීමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයකු වන රතන් ටාටා අභාවප්‍රාප්ත වී තිබේ. 86 හැවිරිදි රතන් ටාටාගේ අභාවය ටාටා සමූහ ව්‍යාපාරය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. “සැබවින්ම අසාමාන්‍ය නායකයකු වන රතන් නේවල් ටාටාගේ සමුගැනීම අපට බලවත් පාඩුවකි” යනුවෙන් ටාටා සමූහය X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් කියා සිටියේය. ටාටා සමූහ ව්‍යාපාරය ඉන්දියාවේ විශාලතම සමාගමක් වන අතර එහි වාර්ෂික ආදායම ඩොලර් බිලියන 100 ඉක්මවයි. ටාටා සන්ස් සහ ටාටා සමූහ ව්‍යාපාරයේ සභාපති නටරාජන් චන්ද්‍රසේකරන් වැඩිදුරටත් පැවසුවේ, “ඔහු දැඩි ලෙස උද්‍යෝගයෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට අප උත්සාහ කරන අතර ඔහුගේ උරුමය අපව…
ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ අනුමැතිය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී නිලධාරින් 139 දෙනෙක් සහ සෙසුනිලයන් 1273 දෙනෙකු වෙත නිල උසස්වීම් හිමිගන්වනු ලැබීය. ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හි ලුතිනන් නිලයේ නිලධාරීන් සහ උපකරණ පාලක නිලධාරීන් 131 දෙනෙකු කපිතන් නිලයටත්, දෙවන ලුතිනන් නිලයේ නිලධාරීන් 08 දෙනෙකු ලුතිනන් නිලයටත් උසස්වීම් ලැබූහ. එමෙන්ම, නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හි බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත්…
ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. අනුර කුමාර දිසානායක මහතා ශ්‍රි ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වූ වතිකාන තානාපතිවරයා, කතෝලික සභාවේ ප්‍රධානී සහ ස්වෛරී වතිකාන රාජ්‍යයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ හෘදයාංගම සුබපැතුම් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී. නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සාර්ථකත්වය සහ සෞභාග්‍ය කරා ගෙන යාමට හැකිවනු ඇති බව පැවසූ වතිකානු තානාපති උඩෙයිග්වේ හිමිපාණන් ඒ වෙනුවෙන් තමන් හදවතින්ම සුබ පතන බවද ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව මෙහිදී සුබවාදීව අදහස් පළ කළ…
ඒ සිය නව දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන්හි ටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා මෙවර මහ මැතිවරණය සඳහා තරග වැදීමට නියමිතයි. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය අද (09) නිල වශයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එළිදැක්වීය. මෙම පක්ෂය මයික්‍රෆෝනය ලකුණින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම්වන අතර පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හිටපු ක්‍රිකට් නායක ටී.එම්.ඩිල්ෂාන් මහතා පත්ව සිටින අතර එහි සාමාජිකයෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ මහතා ද එක්ව සිටියි. ටී.එම්.ඩිල්ෂාන් පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දුන් අතර වඩිවෙල් සුරේෂ් පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදුන්නේය.
ඔක්තෝබර් මස 10 වන දිනට යෙදි ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 සංවත්සර දිනය නිමිත්තෙන් රට ජාතිය වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කල යුද්ධ හමුදා රණවිරුවන් සිහිකිරිම ඊයේ(07) දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී සිදු කරන ලදී. යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ මෙම සැමරුමේ ප්‍රධාන අරාධිතයා ලෙස සහභාගි වු අතර, එහිදි ජාතික ගීය ගායනා කිරිමෙන් අනතුරුව රට ජාතිය ආරක්ෂා කිරිම සදහා ජිවිත පරිත්‍යාග කළ රණවිරුවන් සිහිකිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්ධතාවයක් පවත්වා උපහාර දක්වන ලදි.අනතුරුව යුද්ධ හමුදාපතිතුමන් සමරු ස්මාරකයට පුෂ්පෝපාහාර දක්වා අනුස්මරණ කරන ලදි. යුධ හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් රෙජිමේන්තු අධිපතිවරුන් මියගිය රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපාහාර දැක්වු අතර මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාවේ…
අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්‍ය අක්‍රමිකා සම්බන්ධයෙන් පැමිණිලිවල ඉහළ යාමක් වාර්තාවන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ, වසරේ ගතවූ කාලසීමාව තුළ මූල්‍ය චංචා පිළිබඳ පැමිණිලි 340කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවය. “සැප්තැම්බර් මාසය වනවිට අන්තර්ජාල සම්බන්ධයෙන් පැමිණිලි 7,210ක් වාර්තා වෙලා තියෙනවා. මේ අතරින් වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍ය සම්බන්ධ සිදුවීම්. ඍජුවම අන්තර්ජාල සිදුවීම් ගත්තහම 20%ක් වැනි ප්‍රමාණයක් අන්තර්ජාල වංචාවලට හසුවූ පුද්ගලයින්ගෙන් ලැබුණු පැමිණිලි. මේ අතරින් කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන්නේ අන්තර්ජාලය ඔස්සේ බැංකුකරණයේ යෙදෙන පරිශීලකයින් ඉලක්ක කරගනිමින් සිදුවන අන්තර්ජාල වංචා. බොහෝ වෙලාවට අන්තර්ජාලය ඔස්සේ බැංකුකරණයේ යෙදෙන පරිශීලකයින් බැංකු ගිණුමට පිවිසෙන මුරපදය, තාවකාලික…

