Author: Buzzer Editorial

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ යැයි සැකකෙරෙන චීන ජාතිකයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත. මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ කාමර 47කින් යුත් සුඛෝපභෝගී බංගලාවක සිටියදී මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් සන්තකයේ තිබූ පරිගණක 15ක් හා ජංගම දුරකථන 300ක් පොලීසිය විසින් සිය භාරගෙන ගෙන ඇත.

Read More

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තද…

Read More

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් සහ න්‍යෂ්ටික අවි නැවත කිසි දිනෙක භාවිතා නොකළ යුතු බවට සාක්ෂිකරුවන් හරහා ඔප්පු කිරීමට දරන උත්සාහය වෙනුවෙන් නිහෝන් හිඩැන්කියෝ සංවිධානයට මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුවේය. ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයන් දිවි ගලවා ගත්තන් විසින් මෙම සංවිධානය පිහිටුවාගෙන ඇත. ජපානයේ ප්‍රදේශ 47 ක සංවිධානයේ ශාඛා තිබේ. ඔස්ලෝහි පිහිටි නෝර්වේජියානු නොබෙල් ආයතනය මෙවර නොබෙල් සාම ත්‍යාගය නිහෝන් හිඩැන්කියෝට හිමිවන බව අද (11) ප්‍රකාශ කළේය. මෙම වසරේ සාම ත්‍යාගය නිහෝන් හිඩැන්කියෝට පිරිනැමීම තුළින් හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් අද (11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ සමන්තා පවර් මහත්මිය අදහස් හුවමාරු කර ගත් අතර ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ අවස්ථා පිළිබඳවද සාකච්ඡා කළහ. රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රතිපත්ති අතර පවතින සමානතාව ද මෙහිදී පෙන්වා දුන් සමන්තා පවර් මහත්මිය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කාර්යයන් සඳහා එක්සත් ජනපද නියෝජිතායතනයේ…

Read More

2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. මාධ්‍ය අමතමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි. යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම් වලට අධිකරණයට යා හැකි බවද රත්නායක මහතා පැවසීය. වැඩිම දේශපාලන කණ්ඩායම ගණනක් තරග කරනු ලබන්නේ දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාසය සඳහා ය. එය 64කි. අවම කණ්ඩායම් ගණනක් තරග කරනු ලබන්නේ මොනරාගල සහ පොළොන්නරුව මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා වන අතර ඒ සඳහා කණ්ඩායම් 15 බැගින් තරග කරයි. 2024 මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම අද (11) දහවල් 12ට අවසන් විය. මනාප අංක ඉදිර්යේදී ලබාදීමට…

Read More

තම ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ජනප්‍රිය යූ ටියුබ්කරුවෙකු වන අශේන් සේනාරත්න හෙළි කළා. සමාජ මාධ්‍ය වීඩියෝ පටයකින් ඔහු කලකිරීම ප්‍රකාශ කළේ වැරදි පුද්ගලයකු නාමයෝජනා පත්‍ර භාරදුන් බව පවසමින් ප්‍රතික්ෂේප කිරීම සිදුකළ බවයි. එම තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව සේනාරත්න නිවේදනය කළේ තමන් කණ්ඩායමේ නායකයා ලෙස පැමිණ සිටියද වෙනත් අපේක්ෂකයෙකුට නාමයෝජනා භාරදීම සඳහා එළිමහනේ රැඳී සිටින ලෙස තමාට දැනුම් දුන් බව පවසමිනි. නාමයෝජනා භාරදීමට බලය ඇත්තේ කුමන පුද්ගලයන්ටද යන්න මැතිවරණ පනතේ සඳහන් වන බව මැතිවරණ කොමිසම යළිත් අවධාරණය කළේය. මෙයට අනුකූල වීමට අපොහොසත් වීම නුසුදුස්සෙකු වීමට හේතු වේ.

Read More

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බව වාර්තා වෙයි. ඇය මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමට අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිවිට ඇයට දැනුම්දී ඇත්තේ ඇයගේ නම එම ලැයිස්තුවේ නොමැති බවයි. දමිතා අබේරත්න ඊයේ (10) මාධ්‍යට පැවසුවේ තමා රත්නපුර දිස්ත්‍රික්කයෙන් සජබ ය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත්වන බවයි.

Read More

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පෙරවරුවේ හමු වූහ. ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එම නියෝජිතයෝ මෙහිදී එකඟ වූහ. මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ අර්බුදකාරී තත්ත්වය අවම වුවද, අවශ්‍යතා පැන නඟින විටදී නව වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානීහු ජනාධිපති ලේකම්වරයාට කැමැත්ත පළ කළහ. ලෝක ආහාර වැඩසටහනේ දේශීය අධ්‍යක්‍ෂ අබ්දුල් රහීම් සිද්දික්, රජයේ හවුල්කාරීත්ව නිලධාරී මුස්තාෆා නිහ්මත්, ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත ජෙර්ඩ් රෙබෙල්ලෝ, ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරු…

Read More

හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව කොන්ත්‍රාත් පදනම මත නැවත පොලිස් සේවයට පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබේ. ඒ, අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි වසරක කාලයක් සඳහා ය. ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීන් ලෙස ශානි අබේසේකර මහතා හැඳින්විය හැකිය. කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වූ ඒ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය. රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ශානි අබේසේකරගේ අධීක්ෂණය යටතේය. එම සිදුවීම්වලට අමතරව රෝයල් පාර්ක් ඝාතනය,…

Read More

අද (11) උදෑසන මගී බස්රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී තිබේ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද වලකඩයාව ප්‍රදේශයේදී අද උදෑසන 8:15 පමණ මෙම අනතුර සිදුවී ඇත. ඒ, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙනි. කෑගල්ල පොලීසිය සඳහන් කළේ එම අනතුරෙන් තුවාල ලැබූ මගින් 18 දෙනෙකු පමණ කෑගල්ල සහ මාවනැල්ල රෝහල් වෙත ඇතුළත් කළ බවය. කෑගල්ලේ සිට මාවනැල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ පිටුපස පානදුර සිට මහනුවර දෙසට ධාවනය වූ බස්‍ රථය ගැටී තිබේ. පානදුර දෙස සිට පැමිණි බස්‍ රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුවී ඇතැයි පොලීසිය සැක කරයි.

Read More