ඒ සිය නව දේශපාලන පක්ෂය වන එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයෙන්හි ටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා මෙවර මහ මැතිවරණය සඳහා තරග වැදීමට නියමිතයි.
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂය අද (09) නිල වශයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එළිදැක්වීය.
මෙම පක්ෂය මයික්‍රෆෝනය ලකුණින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම්වන අතර පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හිටපු ක්‍රිකට් නායක ටී.එම්.ඩිල්ෂාන් මහතා පත්ව සිටින අතර එහි සාමාජිකයෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ මහතා ද එක්ව සිටියි.
ටී.එම්.ඩිල්ෂාන් පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දුන් අතර වඩිවෙල් සුරේෂ් පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදුන්නේය.