Author: Buzzer Editorial

රජයේ වාහන අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා පොලීසියේ 1997 විශේෂ දුරකථන අංකයට දැනුම්දෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසන්නේ, රජය විසින් විවිධ කාර්යයන් සඳහා නිකුත් කරන ලද වාහන යම් ස්ථානයක වංචා සහගත ලෙස හෝ නීතිවිරෝධීව සඟවා තිබෙන බවට හෝ යම්කිසි ආකාරයකට කොටස් කර සඟවා තබා තිබෙන බවට හෝ එසේම යම් යම් ස්ථානවල නවතා තබා අබලන්වීමට ඉඩහැර තිබෙන බවට හෝ යම් තොරතුරක් දන්නේ නම් වහාම දැනුම්දෙන ලෙසය. මෙම දුරකථන අංකය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක ය. තොරතුරු ලබා දෙන්නන්ගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බවත් තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාවය හෙළිකිරීම අත්‍යවශ්‍ය නොවන බවද පොලීසිය පවසයි. නමුත්…

Read More

සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ පිටවීමේ සහ ඇතුල්වීමේ මාර්ග මේ වනවිට සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බවය.

Read More

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත. මේ පිරිසට හිටපු ජනාධිපතිවරු තිදෙනෙක්ද ඇතුළත් වෙති. මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන එම හිටපු ජනපතිවරු තිදෙනා වෙති. මෙසේ තරඟ නොකිරීමට තීරණය කර ඇති පිරිසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල ෂාන් විජයලාල් ද සිල්වා, විමල් වීරවංශ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, , ආචාර්ය විජයදාස රාජපක්ෂ, විමල වීර දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්,ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න,ගාමිණී ලොකුගේ, , මහින්ද යාපා අබේවර්ධන , සී.වී විග්නේෂ්වරන්, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග ෂෙහාන් සේමසිංහ, එස්බී දිසානායක , කනක හේරත් යන මහත්වරු ඇතුළත් වෙති. මේ අතර පසුගියදා…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් අද(11) දිනයේ මිලිමීටර් 150 කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ, දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්. මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වලට තවදුරටත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ අණාවැකියේ සඳහන් වේ. දිවයිනේ සෙසු පළාත්වලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ හා මධ්‍යම පළාත්වල පැයට කිලෝ මීටර් 40 ත් 50 ත් දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං හා…

Read More

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් එම තහනම පනවා ඇත. නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබාගෙන ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇති බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

Read More

පාකිස්තානය හා එංගලන්තය අතර මුල්ටාන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 152ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන් එංගලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 115ක් පසුපසින් සිටියි. අද තරගය ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 101ක් ක්‍රීඩාකර කඩුලු 03ක් දැවී ලකුණු 492ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන් අද දිනයේ තවත් පන්දුවාර 49ක් ක්‍රීඩාකර ලකුණු 331ක් රැස්කර සිය ඉනිම කඩුලු 7කට ලකුණු 823ක් දක්වා ඉහළ දමා ගත්තේය. එංගලන්තය පන්දුවාර 150කදී මෙම ඉනිම ගොඩනැගීම විශේෂත්වයකි. මෙහිදී එංගලන්තය ගොඩනැගූ දැවැන්ත ලකුණු සංඛ්‍යාව සැලකෙන්නේ ටෙස්ට් ක්‍රිකට්…

Read More

TV දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම හසලක තුෂාරට එරෙහිව ගොනු කළ නඩුව අද (10) කොළඹ දිසා අධිකරණයේදී කැඳවීය. එහිදී හසලක තුෂාරට එරෙහිව නඩුව අවසන් වනතෙක් අතුරු ඉන්ජන්ෂන් තහනම් ආඥාවක් කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා විසින් පනවන ලදී. පැමිණිලිකරුට සහ පැමිණිලිකරුගේ කාර්යය මණ්ඩලයට කවරාකාරයකින් හෝ අපහාසයක් සිදු කිරීමෙන් විත්තිකරු ඇතුළු ඔහුගේ සේවක නියෝජිතාදීන් ද ඔහු මගින් සහ ඔහු යටතේ කටයුතු කරනු ලබන සියලු දෙනා ද වළක්වාලනු ලබන ලෙසට නියෝගයක් නිකුත් කරන ලදී. YouTube අවකාශයේ පවත්වාගෙන යනු ලබන SLVlog Pod Talks නමැති වැඩසටහනේ හසලක තුෂාර සංජීව ට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික…

Read More

මෙවර මහ මැතිවරණය සඳහා එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් නොවන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද (10) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. “මේ මැතිවරණ ව්‍යාපාරයෙන් අපි ඉවත්වීමට තීරණය කළා. අපි සමගි ජන සන්ධානයෙන් මහ මැතිවරණය සඳහා තරග කිරීම කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු කළා. දිස්ත්‍රික්ක 11කට අපේ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ සූදානමින් හිටියා. නමුත් නාමයෝජනා ක්‍රියාවලියේදී අපිට වැටහී ගියා අපිට සාධාරණීකරණය කරන්න බැරි විදියට උල්ලංඝණය වෙලා තිබෙනවා කියලා. ඒ නිස අපි මේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න තීරණය කළා.”

Read More

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අදහස් දක්වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ තම පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස සන්ධාන ගතව හෝ ස්වාධීනව හෝ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී තරග නොකරන බවයි. පාර්ලිමේන්තු මැතිවරණ සටන තුළ සම්ප්‍රදායනුකූලව විපක්ෂයේ භූමිකාව ඉටු කිරීමෙන් බහුතර මහජන අපේක්ෂා සහ අපගේ අපේක්ෂා අතර ගැටුමක් නිර්මාණය කිරීම අවසාන අරමුණට සාපේක්ෂව නිශේධනාත්මක ක්‍රියාවක් ලෙස අපි කල්පනා කරමු යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Read More

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබේ. 2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති අවස්ථාව මෙරට රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුලින් ලංකා රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදුකළේ යැයි ඔහු ඇතුළු හතර දෙනෙකුට චෝදනා එල්ල විය. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර භාර දීමෙන් පසු එක් විත්තිකරුවෙකු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. අනතුව විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවත් විදේශගත වන්නේ නම්…

Read More