- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 55,643ක් සුදුසුකම් ලබා ඇති අතර 2018 වර්ෂයේ ඡන්දදායක ලියාපදිංචි කිරීමේ නාමලේඛනයට අනුව මෙම ඡන්ද විමසීම පැවැත්වෙන් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ හෙට (26) උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම සිදුවන අතර ඊට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන යොදවා ඇති බවය. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හේට්ටිආරච්චි මහතා සඳහන් කළේ ඇල්පිටිය…
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. මේ අතර මෙරට සිටින ඊශ්‍රායල සංචාරකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට බුද්ධි තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු සංචාරකයින් ගැවසෙන කලාප ආශ්‍රිතව දැඩි ආරක්ෂාවක් සලසා තිබේ.
විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ , දැනට පවතින මිල සූත්‍රය අනුව එම යොජනාවලිය සකස් කළ බවයි. මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් පසුව විදුලි බිල අඩු කිරිමේ ප්‍රතිශතයන්ට ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. මේ අතර, බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, පුරප්පාඩු වී ඇති මහජන උපයෝගිතා කොමිසම සඳහා නව සාමාජිකයින් නම් කිරීමට ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇති බවයි. විදුලි බිල අඩු කිරීම සඳහා විදුලි බල මණ්ඩලය මේ වසරේ යෝජනාවලියක් ඉදිරිපත් කරන තුන් වැනි අවස්ථාව මෙය වෙයි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුත්තලම, මන්නාරම, යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40ක 45ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය…
ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණදුන් අමෙරිකානු ප්‍රවීන රංගන ශිල්පී රොන් එලී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට රොන් එලී 86 වැනි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටාසන් කතාංගය ප්‍රථම වරට රූපවාහිනිය ඔස්සේ 1966 වසරේ සිට විකාශය වූ අතර එහි ටාසන්ගේ චරිතය වෙනුවෙන් රොන් එලී රංගනයෙන් දායක වුණි. එම රූගත කිරීම් අතරතුර ඔහු සතුන්ගේ ප්‍රහාරවලට මෙන්ම විවිධ අනතුරුවලට ද ලක්වු බව වාර්තා වේ. ටාසන් කතාංගය ඇතුළු චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ රොන් එලී 2001 වසරේ දී සිය රංගන දිවියෙන් විශ්‍රාම ගත් අතර පසුව ඔහු කතුවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ. රොන් එලී සිය ජීවිත කාලය පුරා නළුවෙක්, ලේඛකයෙක්,…
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණේ ඉන්දීය බුද්ධි අංශ විසිනි. අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසන්නයේ පිහිටි ආරුගම්බේ, සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත සංචාරකයන් බහුලව පැමිණෙන ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයකි. එම ප්‍රදේශය ඊශ්‍රායල ජාතිකයන් ද වැඩි වශයෙන් ගැවසෙන කලාපයකි. එවන් පසුබිමක ආරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ පසුගිය දිනක මෙරට ආරක්ෂක අංශ දැනුම්ත් කර ඇත. අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවට ඉන්දීය…
ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (23) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. මෙම හමුවේ දී දෙරට අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි තහවුරු කෙරුණු අතර විවිධ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු විය. ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව පවත්වා ගැනීමට කැනඩාව කැපවෙන බව මහ කොමසාරිස් වොල්ෂ් අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම, කාන්තා ව්‍යවසායකත්වය වර්ධනය කිරීම සහ රටේ ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය නගා සිටුවීමේ වැදගත්කම ඇතුළු ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍ර රැසක් කෙරෙහි මෙහිදී අවධානය යොමු විය. රටේ සංවර්ධනය සඳහා අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, ජාතිය එක්සත් කිරීම මගින් ශ්‍රී…
ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නන් හමුවේ පහරදීමට තමන් සතු පිතිකරු තාක්‍ෂණය ප්‍රමාණවත් නැතැයි නැවත වතාවක් ඔප්පු කර පෙන්වූ කොදෙව්වෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 5 ක පරාජයකට මුහුණ දුන්හ. ඕවර 36 කදී ලකුණු 189 කට දැවී ගිය කොදෙව් පිල පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවශ්‍ය වූයේ ඕවර 38.2 ක් පමණි. වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් ප්‍රමාද වී ආරම්භ වූ තරගය ඕවර 44 කට සීමා කරන ලදි. අද දිනයේ ලබාගත් ජයත් සමගින්, තරගයක් ඉතිරිව තිබියදීම, එක්දින තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. චිත්තාකර්ශනීය පිතිහරඹයක නිරත වූ නායක චරිත් අසලංක (නොදැවී 62) පිට පිටම…
තුර්කි රජයට අයත්, අන්කාරා අගනුවර පිහිටි, තුර්කි අභ්‍යවකාශ ආයතනයේ මූලස්ථාන ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ආයුධවලින් සන්නද්ධ ත්‍රස්තවාදීන් දෙදෙනකු අභ්‍යවකාශ ආයතනයට කඩා වැදුණු බවත්, අත් බෝම්බවලින් දමා ගසමින්, ඔවුන් කළ වෙඩි තැබීම්වලින් පස් දෙනකු මියගොස් විසි දෙදෙනකු තුවාල ලැබූ බවත් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් දෙදෙනා තරැණයකු සහ තරුණියකි. ඔවුන් වෙඩි තබමින්, අභ්‍යවකාශ ආයතනයට ඇතුළු වන අයුරු සීසීටීවී ආරක්ෂක කැමරාවල සටහන්ව ඇත. එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙම ත්‍රස්ත යුවළ පැමිණ ඇත්තේ කුලී රථයකිනි. කුලී රථයේ රියදුරා ද වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. මියගිය සෙසු පිරිස තුර්කි අභ්‍යවකාශ ආයතනයේ සේවකයන් බව…
ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින් ට ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය අද (23) විශේෂ දැනුම්දීමක් කර තිබේ. රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරන්නේ ත්‍රස්ත ප්‍රහාරක් සිදුවිය හැකි බැවින් ශ්‍රී ලංකාව සමහර සංචාරක ප්‍රදේශවලින් වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුම්දී ඇති බවයි. එම ඒජන්සිය පවසන්නේ එම අනතුරු ඇඟවීම ආරුගම්බේ සහ ශ්‍රී ලංකාවේ දකුණු සහ බටහිර කලාපවල පිහිටි වෙරළාසන්න ප්‍රදේශවලට අදාළ බවය. එහි දැක්වෙන්නේ, “නවතම තොරතුරු අනුව ත්‍රස්ත අනතුර යොමුවී ඇත්තේ සංචාරක ප්‍රදේශ සහ වෙරළබඩ කලාප” සඳහා ය. අදාළ අවදානමෙහි ස්වභාවය සම්බන්ධයෙන් ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය විශේෂයෙන් සඳහන් කර නොමැත. නමුත් ඔවුන් ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල සිටින ඊශ්‍රායල ජාතිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ සුපරික්ෂාකාරී…

