- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
කුඹුක්ගැටේ – බන්නැක්ගම නැලව මාර්ගයේ කුඹුක්වැව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ. ඊයේ (27) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ නෙරියාව, කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි. බන්නැක්ගම දෙස සිට නැලව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුරක් සිදුව ඇත. අනතුරින් පැදිකරුකරුවන් දෙදෙනා, පසු පැදිකරුවන් දෙදෙනෙකු හා කුඩා දරුවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හිරිපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එක් පැදිකරුවෙකු මියගොස් තිබේ. කුඹුක්ගැටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවශ්‍ය අමතර තොරතුරු ඉල්ලා අද (28) දිනයේ දී ලංකා විදුලිබල මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. මේ වසරේ තුන්වැනි කාර්තුමය සමාලෝචනය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ යුතු ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව එම කොමිෂන් සභාවට පසුගිය දා ඉදිරිපත් කර තිබුණි. මහජන උපයෝගිතා කොමිසමේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, යෝජිත සමාලෝචනයන් අද දිනයේ දී මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවය. ඒ අනුව කොමිෂන් සභාවට අමතර සංශෝධන අවශ්‍ය නම් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය ලිපියක් මඟින් දැනුවත් කිරීමට නියමිතව තිබේ.
ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පදවිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (27) සවස් කාලයේ පදවිය පොලිස් වසමේ 01 කණුව ප්‍රදේශයේදී පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත කාර් රථයක් පරීක්ෂා කිරීමේදී බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. එහිදී වෙඩිබෙහෙත් කිලෝග්‍රෑම් 75ක්, ජෙලට්නයිට් කූරූ 90ක්, ඩෙටනේටර් කූරූ 300ක් හා සේවා නූල් 05ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 හා 30 වයස්වල පසුවන හිදෝගම හා මාපාලඩිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් ගමන් කළ කාර් රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර පදවිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබ
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර…
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නොවැම්බර් මස 07 වනදා දක්වා නිවෙස් වෙත ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු සිදුකරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය. තැපැල්පතිවරයා පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ නිල දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති බැවින් අද දිනයේදී එම දිස්ත්‍රික්කයේ බෙදාහැරීම් සිදු නොවන බවය. එලැඹෙන නොවැම්බර් 03 වැනි ඉරු දින විශේෂ බෙදීම් දිනයක් ලෙස නම් කර පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට ද පියවර ගන්නා බවත් තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මැලේසියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 26ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවය. අත්අඩංගුවට ගත් සැකකරු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි. අදාළ සැකකරු රැගෙන යාම සදහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි පුද්ගලයෙකු සහ කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලීසිය බාරයට ගෙන ඇති බවත් වාර්තා වේ.
මෙරට මුහුදු සීමාවන් උල්ලංඝනය කරමින් ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු ඇතුළුව ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඒ අද (27) යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ය. නාවික හමුදා භාරයට ගත් ධීවරයන් සහ යාත්‍රාව කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබේ. 2024 වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් කටයුතු මගින් මෙරට මුහුදු සීමාවන් උල්ලංඝනය කෙරූ ධීවර යාත්‍රා 62ක් සහ ඉන්දීය ධීවරයින් 462 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවද නාවික හමුදාව පවසයි.
මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බස් රථ අනතුර සිදුව ඇත්තේ මධ්‍යම මෙක්සිකෝවේ සකතෙකස් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී ය. එහිදී බස් රථය ඉරිඟු ප්‍රවාහනය කරමින් පැවති ට්‍රැක්ටරයක ගැටීමෙන් පසු ට්‍රැක්රයෙන් ලිහිල් වී ඉන් ගැලවී ගිය ට්‍රේලරය බසයේ ගැටී ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. අනතුරින් පසු බසය මාර්ගයෙන් ඉවතට ධාවනය වී ප්‍රපාතයකට පෙරළී ගොස් තිබූ බව සඳහන් වේ. අනතුර සිදුවන අවස්ථාවේ දී බසය අමෙරිකානු මෙක්සිකෝ දේශසීමාව ආසන්නයේ පිහිටි ජුආරෙස් නගරය බලා ධාවනය කරමින් සිටි බව වාර්තා වේ. අනතුරින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර…
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙටර රැඳි සිටි රුසියන් ජාතික යුවළක් මහනුවර සංචාරක පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (26) සවස් කාලයේදී මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේදී එම යුවළ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 32ක් වන රුසියන් ජාතිකයන් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් මෙම විදේශීය යුවළ මහනුවර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු එලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති බවය. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන බැවින්, දුම්රිය හරස් මාර්ග භාවිතා කරන මහජනතාව ඉතා සැලකිලිමත්ව හරස් මාර්ග භාවිතාකළ යුතු බවය. උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන සිදුකර ආකාරය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය පහතින්,

