- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම හෙට (27) සිට ආරම්භ වේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ, මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරගෙන අවසන් බවයි. 2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වැනි දා පැවැත්වීමට නියමිතයි.
මෙරට ගබඩා කර ඇති සියලු වී තොග පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එහි ලේකම් වික්‍රමසිංහ මහතා පැවසුවේ අද(26) සහ හෙට(27) දිනයේ එම සමීක්ෂණය සිදුකරන බවයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඒ සඳහා අනියුක්ත කර ඇති බව ලේකම්වරයා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, බහුල ලෙස වී ගබඩා ඇති පොළොන්නරුව, අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්කවල වී ගබඩා මේ යටතේ විශේෂ පරීක්ෂවකට ලක්කරන බවයි. සුළු හා මධ්‍ය පරිමාණ මෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩා ද මෙහිදී විශේෂ පරික්ෂාවට ලක්කෙරෙනු ඇති. එහි වාර්තාව අනිද්දා(28) ජනාධිපතිවරයා වෙත භාර දෙන බව ද කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. ඔහු පවසුවේ මහ…
ගමන් බිමන් අවම කර රැකියා ස්ථානයේ ඉතා අවධානයෙන් සිටින්නැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට වෙසෙන ලාංකිකයින්ට දැනුම් දෙයි. තානාපතිවරයා පැවසුවේ ඊශ්‍රායල් ගුවන් හමුදා යානා, ඉරානයේ තෝරාගත් ස්ථාන කීපයක් වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමගම මැදපෙරදිග කලාපයේ යළිත් නොසන්සුන් තත්ත්වයක් මතුව ඇති බවයි. තත්ත්වය ඉදිරියේ දී වර්ධනය වන බව නිරීක්ෂණය වන බැවින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලාංකිකයන් එල්ලවිය හැකි ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර පිලිබඳව අවධානයෙන් සිටින ලෙස තානාපතිවරයා දැනුම් දී ඇත. තානාපතිවරයා පැවසුවේ මේ හේතුවෙන් ඉරාන , ඉරාක, ලෙබනන්, සිරියා හා ඊශ්‍රායිල් ගුවන් සීමාවල ගුවන්යානා ගමන් නොකරන තත්ත්වයක් පවතින බවයි.
මෙම වසරේ තුන්වැනි කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී තිබේ. මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ, දෙසැම්බර් මාසයේදී සියලු අංශ සඳහා 6%ට මධ්‍යස්ථ අගයකින් විදුලි ගාස්තු සංශෝධනය වියහැකි බවයි. වසරේ සෑම කාර්තුවකම විදුලි ගාස්තු සංශෝධනය කෙරේ. ඒ අනුව දෙසැම්බර් මාසයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මේ වනවිට මහජන උපයෝගීතා කොමිසම වෙත යොමුකර ඇත. මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ සියයට 4ත් 11ත් අතර අගයකින් විදුලි ගාස්තු පහත දැමීමට යෝජනා කර ඇති බවයි. එය සෑම අංශයකටම සියයට 6ක මධ්‍යස්ථ අගයක් වනු ඇති බවද පැවසීය. අදාළ යෝජනා මේ වනවිට අධ්‍යයනය…
සභිකයන් 29 දෙනෙකු තෝරාපත්කර ගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධීන කණ්ඩායමක් තරගවදින ඇල්පිටිය පළාත් පාලන ඡන්ද විමසීම අද (27) පෙ.ව. 7.00ට ආරම්භ විය. ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්ද දායකයින් 55,643 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියි. පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා කාලය තුළ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ .එල් රත්නායක මහතා සඳහන් කළේය. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය භාවිතා කරනු ලබන ස්ථාන සියල්ලෙහිම නිරික්ෂණ කටයුතු සදහා තම නිලධාරින් යෙදවීමට පියවර ගෙන ඇති බවයි. මේ අතර…
ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායලය විසින් අද (26) අළුයම ගුවන් ප්‍රහාරයක් එල්ලකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානය විසින් ඉකුත් ඔක්තෝබර් 1 වැනිදා එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාර 200කට ආසන්නයට ප්‍රහාරය ඇතුළුව, ඉරාන පාලනය මාස කිහිපයක සිට තමන්ට එරෙහිව සිදුකරන අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය දියත්කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි. ඊශ්‍රායලයට ප්‍රතිචාර දැක්වීමට අයිතියක් සහ යුතුකමක් ඇති බවත්, ආරක්‍ෂක සහ ප්‍රහාරාත්මක හැකියාවන් සම්පූර්ණයෙන්ම බලමුලු ගන්වා ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි. බී.බී.සී. පුවත් සේවයද වාර්තා කර සිටියේ, ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් මීට ස්වල්ප වේලාවකට පෙර ඝෝෂාකාරී පිපිරීම් කිහිපයක් පිළිබඳ වාර්තා කළ බවයි. ඉරානයේ ටෙහෙරාන් අගනුවරට බටහිර ප්‍රදේශයෙන්…
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ මහතා ප්‍රමුඛ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස අද (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුම්වත් කර ඇති අතර, සංචාරකයන්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෑත කාලීනව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුම්වත් කර ඇත. විශේෂයෙන් ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂක ප්‍රොටෝකෝල සහිත නීතිරීති ක්‍රියාත්මක කර ඇති බවත්, හදිසි සේවා යොදවා ඇති බවත් ජනාධිපතිවරයා පවසා තිබේ. යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ තීරණාත්මක හවුල්කරුවෙකු වන අතර, එය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන සහ සංචාරක වෙළඳපොළ ලෙසත්, තුන්වන…
මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇපමත මුදාහැර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඊයේ පොලිස් භාරයට ගන්නා විට යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ සිටි බවයි. ඉදිරි මහමැතිවරණයට අදාළ අත්පත්‍රිකා බෙදාහැරීමේ සිද්ධියකට අදාළව ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගත් බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත. ශ්‍රී ලංකාවේ මැතිවරණ රෙගුලාසිවලට අනුව අපේක්ෂකයන්ටම එවැනි ප්‍රචාරක කටයුතුවලට සහභාගී විය නොහැකි බව සඳහන් කළ ඔහු, පොන්නම්බලම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතුවල නිරතව සිටින බව අනාවරණය වී ඇති බව පවසා ඇත. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මුලින් රඳවාගෙන පසුව ඇපමත මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා…
ඉදිරි මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එසේම රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා ඇත. ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්. මහින්ද සේනානායක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින්, රන්ජන් රාමනායක, ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර ඇත.
මාතර පොලිස් වසමේ පාලටුව ප්‍රදේශයේදී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි නිපදවනු ලබන ස්ථානයන් වටලා තිබේ. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇත. පොලීසිය සඳහන් කළේ එහිදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 05ක්, වෙල්ඩින් ප්ලාන්ට් 01ක් සහ උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63ක් වන පාලටුව, මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී මෙලෙස නිපදවූ ගිනිඅවි 02ක් මුදලට අලෙවි කර ඇති බවට අනාවරණය වී ඇත. පසුව අහංගම පොලිස් වසමේදී මෙලෙස විකුණන ලද ගිනිඅවි 02 සමග අවි මුදලට ගත් සැකකරුවන් දෙදෙනා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…

