Author: Buzzer Editorial

ආරුගම්බේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (23) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එම ප්‍රකාශය පහතින් දැක්වෙයි, “මැදපෙරදිග යුද වාතාවරණය ඇරඹීමත් සමගම ත්‍රස්තවාදී කටයුතු විවිධ පාර්ශ්වවලට ව්‍යාප්ත වෙලා තිබුණා. ශ්‍රී ලංකාවටත් යම් තර්ජනයක් ඇතිවේ යැයි සැකයක් ඇතිවුණු නිසා බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් ඉතා හොඳින් ආවේක්ෂණ රාජකාරී කළා. ඔක්තෝබර් 07 වන විට ඒ සම්බන්ධයෙන් අපිට බුද්ධි තොරතුරු ලැබුණා.” “යම්කිසි විදේශික ජාතිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් කියලා මීට සති 3කට පෙර පටන් ජානාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් උපදෙස් ලැබුණා.” “උපදෙස් ප්‍රකාරව එම විදේශිකයන්ගේ ආරක්ෂාව, එම ස්ථානවල ආරක්ෂාව, ආගමික කටයුතු කරන ස්ථානවල විශේෂ ආරක්ෂක සැලසුමක් යටතේ පොලීසිය,…

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැකකටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තේය. තමා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඊයේ (22) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම්දී තිබුණි. මේ අතර අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස…

Read More

අද (23) දින අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ දැක්වුණු ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීමට තිබූ සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ පූර්ණ දැනුවත්වීමකින් සිට ඇති බව වාර්තා වෙයි. එබැවින් දින ගණනාවකට පෙර සිටම ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබූ බව සඳහන් ය. මේ වනවිට පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 500ක් පමණ ආරුගම්බේ සංචාරක කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා යවා ඇති බව ද වාර්තා වෙයි. ප්‍රදේශයේ ආරක්ෂාව තරකිරීම සඳහා බුද්ධි අංශ සහ අනෙකුත් ආරක්ෂක අංශ ද අවධානයෙන් පසුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. මේ අතර කොළඹ හෝ වෙනත් ප්‍රදේශයක මෙවැනි…

Read More

2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දින ලෙස ඔක්තෝබර් 27 සහ නොවැම්බර් 03 දෙදින සලකනු ලබන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා එළැඹෙන සෙනසුරාද දින තෑපෑලට භාරදෙන බවය. “මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ කටයුතු අද දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී කටයුතු සිදුවෙමින් පවතිනවා. සමස්ත තැපැල් ඡන්ද දායකයින්ගේ අයදුම්පත් සංඛ්‍යාව 759,210ක්. එයින් 21,160ක් ප්‍රතික්ෂේප වුණා. ඒ අනුව 738,050ක් සඳහා තැපැල් ඡන්ද නිකුත්කිරීමේ කටයුතු සිදුකෙරෙනවා. මෙය පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩිවීමක් තමයි දකින්න ලැබෙන්නේ.”

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි. එබැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් නිකුත් කරනු ලබන පිටවීමේ සහතිකය ලබාදීම සඳහා කාලයක් ගතවන බැවින් වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් නොමැති හෝ ගුවන් ගමන් බලපත්‍රය තමා සන්තකයේ නොමැති ශ්‍රී ලාංකිකයින් මේ මස 25වන දින හෝ ඊට ප්‍රථම තමන්ට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය තාවකාලික ගමන් ලියවිල්ල (TTD) සඳහා අයදුම් කිරීමට පැමිණෙන ලෙස දැනුම්දෙයි. මෙම පොදු සමා කාලය තුළ, සහාය අවශ්‍ය ශ්‍රී ලාංකිකයින් සඳහා සේවාවන් සැපයීමට කොන්සල් ජනරල් කාර්යාලය කැපවී සිටින…

Read More

ආරුගම් බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ. එම තානාපති කාර්යාලය පවසන්නේ එම ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන වලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඔවුන්ට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවයි. සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ යම් හෝ සැකකටයුතු කටයුත්තක් දුටුවහොත් 119 දුරකථන අංකයට දැනුම්දෙන ලෙසට ය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය. තමා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඊයේ (22) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, “බලමු මොකද වෙන්නේ කියලා…කාලය විසින් ප්‍රශ්නවලට උත්තර දෙයි. සත්‍ය ජයග්‍රහණය කරයි”යනුවෙනි.

Read More

ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් ඊයේ (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. එහිදී Marc-Andre Franche මහතා අගමැතිවරිය වෙත සිය සුභ පැතුම් පිරිනැමූ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ එකඟතාවද පළ කළේය. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය අවම කිරීමේ වැඩපිළිවෙලට සහ ඩිජිටල්කරණ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සහය ලබා දුන්නේය. කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැමැත්තෙන් සිටින බවද Marc-Andre Franche මහතා පැවසීය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක…

Read More

2011 වසරේ අතුරුදන් වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ හැර දිවයිනේ ඕනෑම අධිකරණයක සාක්ෂි ලබාදීමට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාකැමැත්ත පළකර ඇත. ඔහු මෙම ප්‍රකාශය කළේ ඔහුගේ නීතිඥ රොමේෂ් ද සිල්වා මාර්ගයෙන් ඊයේ (ඔක්තෝබර් 22) ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය. 2011 වසරේ යාපනයේදී අතුරුදන් වූ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් මෙම නඩුව ක්‍රියාත්මක වේ. එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට සාක්ෂි දීමට මුලින් කැඳවා තිබිණි. කෙසේවෙතත්, ආරක්ෂක හේතූන් මත එහි පෙනීසිටිය නොහැකි බවට ඔහු තර්ක කළේය. හිටපු ජනාධිපතිවරයාට යාපනය අධිකරණයේ නඩු විභාගවලට සහභාගි…

Read More

ගුවන් තැපැල් මගින් මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුවන්තොටුපොළ ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ. විදේශ රටවල් කිහිපයක සිට ශ්‍රී ලංකාවට ගුවන් තැපැල් මගින් රැගෙන එන ලද සැකකටයුතු පාර්සල් කිහිපයක් සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් වෙත කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පිහිටි ගුවන් තැපැල් ආයතනයක් මගින් සිදුකළ දැනුම්දීමකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණි. එහිදී පාර්සල් 07ක තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය හමුවූ බව පොලීසිය පැවසීය. එම පාර්සල්වල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 07 ග්‍රෑම් 21ක්, මැන්ඩි මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 338ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 143ක් හමුවී ඇත. මෙම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන…

Read More