Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 13
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ශ්‍රී ලංකාව තරගාවලිය ජයගනී
Sports 2 Views

ශ්‍රී ලංකාව තරගාවලිය ජයගනී

Buzzer EditorialBy Buzzer EditorialOctober 24, 2024No Comments3 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නන් හමුවේ පහරදීමට තමන් සතු පිතිකරු තාක්‍ෂණය ප්‍රමාණවත් නැතැයි නැවත වතාවක් ඔප්පු කර පෙන්වූ කොදෙව්වෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 5 ක පරාජයකට මුහුණ දුන්හ. ඕවර 36 කදී ලකුණු 189 කට දැවී ගිය කොදෙව් පිල පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවශ්‍ය වූයේ ඕවර 38.2 ක් පමණි. 

වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් ප්‍රමාද වී ආරම්භ වූ තරගය ඕවර 44 කට සීමා කරන ලදි. 
අද දිනයේ ලබාගත් ජයත් සමගින්, තරගයක් ඉතිරිව තිබියදීම, එක්දින තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. චිත්තාකර්ශනීය පිතිහරඹයක නිරත වූ නායක චරිත් අසලංක (නොදැවී 62) පිට පිටම දෙවැනි අර්ධ ශතකයත් ලබාගනිමින් තම කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය. පන්දු 61 කට මුහුණ දුන් නායකයාගේ ඉනිම හතරේ පහර 7 කින් සහ දැවැන්ත හයේ පහරකින් සමන්විත විය. 

මෙම වසරේදී එක්දින ජාත්‍යන්තර තරගාවලි 5 කට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එයින් තරගාවලි 4 ක්ම ජයගත්තේය. බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේදී පැවැති  එක්දින තරගාවලිය පමණක් 2-1 ක් ලෙසින් පරාජය විය.. ඇමරිකාවේ සහ කොදෙව් දූපත් සමූහයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය හැරුණු විට, මෙම වසර තුළ සහභාගි වූ විස්සයි-20 තරගාවලි 5 න් 4 ක් ජයගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ. 

එක්දින හෝ විස්සයි-20 ආකෘතියේ සීමිත ඕවර තරග සඳහා 2024 ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් සාර්ථක වර්ෂයකි. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, පන්දුවට පහර දීම සඳහා කොදෙව්වන් පිටියට යැවූයේ නැවත වරක් වර්ෂාවෙන් බාධා වුවහොත් ඇතිවුවහොත් ඩක්වර්ත් – ලුවිස් න්‍යායේ පීඩනවට මුහුණදීමට සිදුවන බැවිනි. එහෙත් ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නන් හමුවේ කොදෙව්වෝ නිරුත්තර වූහ.

කොදව්වෝ ඕවර 16 කදී ලකුණු 58 කට කඩුලු 8 ක්ම අහිමි කරගත්හ. එහෙත් උඩපන්දු දෙකක් සමගින් ශ්‍රී ලාංකිකයන් වෙතින් ගිළිහී ගිය වාසිය මිට මොළවාගත් කොදෙව්වෝ ඕවර 36 කින් ලකුණු 189 ක් ලබාගත්හ.

9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 119 ක වාර්තාගත සම්බන්ධතාවක් පැවැත්වූ ශර්ෆේන් රදර්ෆර්ඩ් (80) සහ ගුඩාකේෂ් මෝති (නොදැවී 50) එක්දින තරග ඉතිහාසයේ 9  වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සිව්වැනි හොඳම සම්බන්ධතාවට සම්මාදම් වූහ. එක්දින තරගවලදී 9 වැනි කඩුල්ල සඳහා වන ලෝක වාර්තාව තවමත් ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග දෙදෙනා සතුව පවතී. එය වසර 2010 දී ඕස්ටේ්‍රලියාවට එරෙහිව මෙල්බර්න් නුවරදී ගොඩනැංවූ ලකුණු 132 ක සම්බන්ධතාවකි. 

17 වැනි ඕවරයේ සිට තරගයේ තාලය වෙනස් කළ මෙම පිතිකරුවෝ දෙදෙනා, ආක්‍රමණය හොඳම ආරක්‍ෂාව යයි සිහිපත් කරමින් ඉවක් බවක් නැතිව ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ට පහර දෙන්නට වූහ. ප්‍රතිඵලය වූයේ ඕවර 19 කින් ලකුණු 119 ක් කොදෙව් පිලට එක්වීමයි. දෙදෙනා අතර සම්බන්ධතාව බිඳී යන විට ලකුණු පුවරුව කඩුලු 9 ට 177 ක් ලෙසින් වෙනස් වී තිබිණ.

රදර්ෆර්ඩ් ලකුණු 23 ක් ලබා සිටියදී අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට දුන් පහසු උඩපන්දුවක් ජනිත් ලියනගේගේ දෑත් අතරින් රිංගා බිම පතිත නොවූයේ නම් මුලු ලකුණු සංඛ්‍යාව 99 ක් ව තිබියදී 9 වැනි කඩුල්ලත් බිම දමාගත හැකිව තිබිණ. එහෙත් අසිත ප්‍රනාන්දුගේ ඊළඟ පන්දුව මිඩ් විකට් කලාපය හරහා හතරේ සීමාවට යැවූ රදර්ෆර්ඩ්, පන්දු 57 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කරන විට හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ. රදර්ෆර්ඩ්ගේ පන්දු 82 ඉනිම හතරේ පහර 7 කින් සහ දැවැන්ත හයේ පහර 4 කින් අලංකෘත විය. 

රදර්ෆර්ඩ්ට විශිෂ්ට සහයෝගයක් දුන් මෝති, පන්දු 61 කින් ලකුණු 50 ක් ලබාගත්තේ පිටියට පැමිණෙන විට 3.62 ක්ව තිබූ ලකුණු ලබාගැනීමේ වේගය 5.25 ක් දක්වා ඉහළ දමමිනි. 

ශ්‍රී ලංකාව සහ කොදෙව් පිලට අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලබන සෙනසුරාදා (26 වැනිදා) පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ. 

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleතුර්කි අභ්‍යවකාශ ආයතනයට ත්‍රස්ත ප්‍රහාරයක්
Next Article කැනේඩියානු මහ කොමසාරිස් හා අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්
Buzzer Editorial

Related Posts

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 12, 20262 Views

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

By Buzzer EditorialJune 12, 202602 Views

එල්නිනො තත්ත්වයෙන් බලපෑම් එල්ල වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යංශය…

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.