- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ. අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ජෙන්හොංග් (Qi Zhenhong) මහතා එම මුදල නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය. විපතට පත් වූවන් වෙනුවෙන් හදිසි සහන සැලසීම මෙන්ම ගංවතුර තත්ත්වය වැළැක්වීම සහ කළමනාකරණයට අදාළව ගත යුතු දීර්ඝකාලීන උපායමාර්ග පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම ඉදිරියේ දී ඇති විය හැකි ගංවතුර තත්ත්ව වළක්වා ගැනීම සහ එවැනි තත්ත්වවලට මුහුණ දීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම සඳහා අනුගමනය කළ හැකි…
ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ. ඊයේ (21) පැවැති අමාත්‍ය මණ්ඩලය විසින් එම පත්කිරීම් අනුමත කළ බව කැබිනට් ප්‍රකාශ විජිත හේරත් මහතා පැවසීය. ඒ අනුව, එහි සභාපතිවරයා ලෙස ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා පත්කර ඇත. ඒ මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. එම කොමිසමේ අනෙකුත් සමාජිකයින් වන්නේ, 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව එම කොමිෂන් සභාව සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විත විය යුතු වේ. එකී පනතේ 3(1)(අ) වගන්තිය අනුව ඉන් තිදෙනෙකු ප්‍රවාහන, ප්‍රතිපත්ති සැලසුම් හා මුදල් යන විෂයභාර අමාත්‍යාංශ නියෝජනය කරමින් නිල බලයෙන් පත් කරනු ලබයි. එම පනතේ 3(1)(ආ) වගන්තියේ…
පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට (22) දැනුම් දුන්නේය. පවතින සංක්‍රාන්තික කාලය තුළ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීම සඳහා පළාත් සභාවලින් සිදු කළ හැකි උපරිම සේවාව ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (22) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරු සමඟ පැවති සාකච්ඡාවේදීය. ජනතාවගේ ජීවිතය පහසු කිරීම සඳහා ආර්ථික සහ සමාජීය වශයෙන් කළ හැකි සියලු මැදිහත් වීම් පළාත් සභාවලින් සිදු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබා දුන්නේය. නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සඳහා…
නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය “විශේෂිත ව්‍යාපෘතියක්” වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් කළ යෝජනාවක් අනුව එම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘතියේ නැගෙනහිර බහාලුම් පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කර එම අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය සහිත බහාලුම් පර්යන්තයක් වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා 2021-02-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව, අදාළ සිවිල් වැඩ සඳහා වන කොන්ත්‍රාත්තුව මේ වන විට පිරිනමා ඇති අතර, ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙමින් පවතින බව අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා…
පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හෙට (23) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද (22) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවනු ලැබීය. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවය. ඉන් අනතුරුව අදාළ පෙත්සම ලබන 25 වනදා කැඳවීමටද නියම වුණි.
කිසිදු අවස්ථාවක රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වර්තමානයේ සිටින තනතුරුවලින් ඉවත්කිරීමට රජය සුදානම් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, පාස්කු කමිටු වාර්තාවක් උපුටා දක්වමින් අදාළ නිලධාරීන් දෙදෙනාව ඉලක්ක කර ඇත්තේ, ඔවුන් දෙදෙනා වර්තමානයේ දරන තනතුරු ඉවත් කරගැනීමේ අවශ්‍යතාවය මත බව අමාත්‍යවරයා කියා සිටියේය. අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා අපක්ෂපාති පරීක්ෂණයක් එම නිලධාරීන් දෙදෙනා අතීතයේ සිට සිදුකළ බවය. පාස්කු වින්දිතයින් පවා එම නිලධාරීන් දෙදෙනා අපක්ෂපාති බව හොඳින් දන්නා බවත්, විවිධ අවශ්‍යතා ඇති අයට ඔවුන්ව තනතුරුවලින් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් මතුව…
මාස කීපයක් තිස්සේ පැවති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඊයේ (21) සිට පියවර ගත්තේය. නව විදේශ ගමන් බලපත්‍රයේ පැහැය වෙනස් කොට ඇති අතර එය නිල් පැහැයෙන් යුක්තය. තවද පැරණි විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් තිබූ අතර නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48කින් සමන්විතය. නව විදේශ ගමන් බලපත්‍රයේ P අංක භාවිතා කරන අතර මීට පෙර නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රවල පැවතියේ N අංකයන්ය. තවද නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම අලංකාරවත් ඡායාරූපවලින් සමන්විතය. ශ්‍රී දළදා මාලිගාව යාපනය නල්ලූර් කෝවිල කොළඹ නෙළුම් කුළුණ ඓතිහාසික ගාල්ල ලන්දේසි කොටු පවුර පොළොන්නරුව …
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් අතුරින් අයදුම්පත් 21,160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක මහතා සඳහන් කළේ තැපැල් ඡන්ද අයදුම්පත් 759,210ක් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී තිබූ බවය. තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු මේ වනවිට අවසන් වී තිබේ. මහ මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අදහස් පළකළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක මහතා, “මේ වනවිට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු අවසන්වෙලා තියෙන්නේ. මුළු තැපැල් ඡන්ද අයදුම්පත් 759,210ක් ලැබී තිබුණා. එයින් 738,050ක් පිළිගෙන තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයට වඩා තැපැල් ඡන්ද 25,731ක වැඩිවීමක් තිබෙනවා මේ ඡන්ද විමසීම සඳහා. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත්කිරීම මේ…
ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා එක්වීමට තීරණය කර තිබේ. අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ, සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව එම තීරණයට එළැඹි බවය. සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් තමා ඉවත් වෙන බවත් ඒ සඳහා උපකාර කළ සියලුදෙනාට ස්තූතිය පිරි නමන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය. දමිතා අබේරත්න එළැඹෙන මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් රත්නපුරය දිස්ත්‍රික්කය සඳහා තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටියද ඇයගේ නම නාමයෝජනා පත්‍රයේ සඳහන් නොවුණි. ඇය ඒ සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ට චෝදනා කළාය.
හලාවත සිංහපුර ප්‍රදේශයේ ගිනිගත් නිවසේ මියගොස් සිටි එකම පවුලේ තිදෙනාගෙන් මව සහ දියණිය ගෙල කපා ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ. එහිදී අනාවරණ වී ඇත්තේ මව පසුගිය 19 වෙනිදා පෙරවරුවේත් දියණිය එදින රාත්‍රියේත් ඝාතනයට ලක්ව ඇති බවය. ඝාතනයේ සැකය දියණියගේ පියා දෙසට එල්ලවන නමුත් ඒ බව මෙතෙක් තහවුරු කරගෙන නැහැ. හලාවත, සිංහපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක හටගත් ගින්නක් පිළිබඳ හලාවත පොලිසියට ඊයේ (20) ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවේදී නිවස තුළ තිබී තිදෙනෙකුගේ මළසිරුරු සොයාගැනුණි. මියගොස් තිබුණේ 51 හැවිරිදි එස්.ජී. සේනාරත්න ,ඔහුගේ බිරිඳ වන 44 හැවිරිදි මංජුලා නිරෝෂනි නම් කාන්තාව සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය වන නෙත්මි නිමේෂායි. මෙම…

