- පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
- ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
- බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
- අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
- රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
- එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
- ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Author: Buzzer Editorial
මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද හෙට දිනයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවය. හෙට දිනයට අමතරව අදාළ කාර්යාලවල නොවැම්බර් මස 4 වන දින ද තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. ඊට අමතරව නොවැම්බර් මස පළමුවන දින සහ නොවැම්බර් මස 4 වන දින ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව මැතිවරණ කොමිෂන්…
වෙළෙඳපොළ තුළ පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ පහව යනු ඇති බව එම සමාගම පවසයි. ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා සඳහන් කළේ, බෙදාහැරීමේ කටයුතුවල පැවති ගැටලුවක් හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහියපක ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවය. මැදපෙරදිග රටවල පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොග දිවයිනට පැමිණීම ප්‍රමාද වීම සහ ලාෆ්ස් සමාගමේ ප්‍රධාන පර්යන්තය ජලයෙන් යටවීම මෙම තත්ත්වයට හේතුවූ බව ඔහු සඳහන් කළේය. කෙසේවෙතත් ඊයේ (28) දිනයේ ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරාය වෙත ළඟා වී තිබේ. ඒ අනුව ඉදිරි දින දෙක තුන…
කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවැනි ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පසුගියදා (25) පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේදී පැවැත්විණි. කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන එම විද්‍යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මේ අවස්ථාව සමගින් ආදී ආනන්දීය, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න, ආදී ආනන්දීය ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණධීර, කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක යන මහත්වරුන්ද සහභාගී වූහ. මෙහිදී පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා එහි කාර්යභාරය පිළිබඳව සිසුන් දැනුවත් කරමින්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පුර්ණ පැහැදිලි කිරීමක් සිදු කළාය. මෙහිදී කොළඹ…
මහව සහ ඕමන්තේ දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට පළවන වාර්තා සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ඇතැම් වෘත්තිය සමිති විසින් වරින්වර එම දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට අදහස් පළකර තිබූ බවය. කෙසේ නමුත් දුම්රිය ධාවනයේදී දුම්රිය මගීන්ගෙත් හරස් මාර්ග හරහා ගමන් ගන්නා වාහන සහ පදිකයින්ගේත් ආරක්ෂාව සඳහා කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දුම්රිය ධාවනයට පෙර අවස්ථා කිහිපයකදීම අදාළ වෘත්තිය සමිති සහභාගී කරගනිමින් පරීක්ෂණ ධාවන වාර කිහිපයක් සිදුකළ බවත් එහිදී ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ ගැටළු සම්බන්ධව එකඟ වූ පරිදි කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ. එම සම්පූර්ණ නිවේදනය…
ඉන්දු – ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීමක් හෙට (29) දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. හෙට පෙරවරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ධීවර අමාත්‍යංශයේ ලේකම් එම්. පී. එම්. එම් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ඉන්දු – ලංකා ඒකබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ 06වන රැස්වීම මෙය වන අතර මේ සඳහා නිලධාරී මට්ටමේ සාමාජිකයින් 12 දෙනෙකු සහභාගී වීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධුරයට පත්වීමෙන් අනතුරුව ඉන්දීය ධීවරයින් විසින් සිදුකරන ‘බොටම් ට්‍රෝලින්’ ක්‍රමය මඟින් මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ඉන්දීය තානාපති කාර්යාලය…
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අවසන් ප්‍රතිඵලයෙන් ආසන 15ක් ජාතික ජන බලවේගයටත් , සෙසු ආසන 15 විපක්ෂයේ කණ්ඩායම්වලටත් හිමිවීමෙන් එම සභාවේ කටයුතු පවත්වාගෙන යාමට කිසිදු ගැටලුවක් ඇති නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට නියමිතව ඇත්තේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායකයා ලෙස තරග කළ නිශාන්ත පෙරේරා මහතාවයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පසුගිය සෙනසුරාදා පැවැත්වුණේ ඡන්ද කොට්ඨාස මට්මින් සහ සමානුපාතික ක්‍රමයටයි. ආසන 30කින් සමන්විත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන 15ක් හිමිකර ගනිමින් එහි පාලන බලය හිමිකරගත්තේ ජාතික ජන බලවේගයයි. සමගි ජන බලවේගයට ආසන 6ක් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 3ක්ද…
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අදාළව කැබිනට් තීරණයක් ගත් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත්, ඊට අදාළ නියමිත ක්‍රමවේදය අනුගමනය කර නොමැති බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පාදුක්කේ ඊයේ (27) පැවති ජනහමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේය. “දැන් රනිල් වික්‍රමසිංහ කිව්වට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වර්ධනය කිරීමට තීරණයක් ගත්තා කියලා , අපි ඒ කැබිට් සාකච්ඡාවේ කැබිනට් තීරණය බලනකොට භාණ්ඩාගාරයෙන්වත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන්වත් අනුමැතියක් අරගෙන නෙමෙයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. තීරණය ප්‍රකාශ කළා , නමුත් තීරණය ක්‍රියාත්මක කිරීමට කරන්නට ඕනේ කොටස කරලා නෙමෙයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. එතකොට ඒකෙන් මොකක්ද කියන්නේ. ඒක ඉතාමත්ම පැහැදිලිව ජනතාව නොමග යවන්න මැතිවරණ…
ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි. කොළඹ අමෙරිකානු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව අදහස් දක්වමින් ඇය පැවසුවේ ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා ඇති බව පැවසීම “ව්‍යාජ පුවතක්” බවයි. “යම් ආරක්ෂක තර්ජනයක් සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති අංශ දැනගතහොත් එම තොරතුර ගැන අපි අපේ කාර්ය මණ්ඩලය, අමෙරිකානු පුරවැසියන් සහ අදාළ රජය දැනුවත් කිරීම කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නෑ. එය ලොව පුරා අපි භාවිත කරන පිළිගත් ක්‍රමවේදය. අපි ආරුගම්බේ ප්‍රදේශයට ඇති තර්ජනය සම්බන්ධයෙන් දැනගත් පසු අපි එම දැනගත් කරුණු ශ්‍රී ලංකා බලධාරීන් ට දැන්වූවා. ඔවුන්…
ආරක්ෂක අංශ නොමග යවමින් මෙරට සැගව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “මර්වින් ජානා නොහොත් බේකරි ජානා” නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තිඩිය, දෙහිවල ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 45 වන පුද්ගලයෙකි. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17, මිලි ග්‍රෑම් 60 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සදහා කාර් රථයකින් ගමන් කරමින් සිටිය දී දෙහිවල පාර, බොරලැස්ගමුව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබේ. දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජින දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය. උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කරමින් යාල්දේවී දුම්රිය කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතරත්, රජරට රැජින දුම්රිය කොටුව හා අනුරාධපුරය අතරත් ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන් ජේ. ඉඳිපොලගේ මහතා පවසයි.

