ගමන් බිමන් අවම කර රැකියා ස්ථානයේ ඉතා අවධානයෙන් සිටින්නැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට වෙසෙන ලාංකිකයින්ට දැනුම් දෙයි.
තානාපතිවරයා පැවසුවේ ඊශ්‍රායල් ගුවන් හමුදා යානා, ඉරානයේ තෝරාගත් ස්ථාන කීපයක් වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමගම මැදපෙරදිග කලාපයේ යළිත් නොසන්සුන් තත්ත්වයක් මතුව ඇති බවයි.
තත්ත්වය ඉදිරියේ දී වර්ධනය වන බව නිරීක්ෂණය වන බැවින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලාංකිකයන් එල්ලවිය හැකි ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර පිලිබඳව අවධානයෙන් සිටින ලෙස තානාපතිවරයා දැනුම් දී ඇත.
තානාපතිවරයා පැවසුවේ මේ හේතුවෙන් ඉරාන , ඉරාක, ලෙබනන්, සිරියා හා ඊශ්‍රායිල් ගුවන් සීමාවල ගුවන්යානා ගමන් නොකරන තත්ත්වයක් පවතින බවයි.


