Author: Buzzer Editor

ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ් එච් කේ එස් පීරිස් ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කර තිබෙන බවට වාර්තා වනවා. දෙසැම්බර් මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයේ රාජකාරි සඳහා ඒ මහතාව පත්කර ඇති බවයි සඳහන් වන්නේ. මීට අවුරුදු දෙකකට පමණ පෙර එනම් 2021 මැයි මස 07 වනදා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ඔහු මෙම ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම ආරක්‍ෂක සේනා ආඥාපති – බටහිර වශයෙන් රාජකාරි කටයුතු සිදුකළා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ජපානයේ කැබිනට් අමාත්‍යවරුන් සිවු දෙනකු ඔවුන්ගේ ධුරවලින් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. අරමුදල් රැස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, ඔවුන්ගේ නම් සඳහන් වීම ඊට හේතුව යැයි ද පැවැසෙයි. ඉල්ලා අස්වුණු සිවුදෙනා ජපන් අග්‍රාමාත්‍ය ෆොමියෝ කිෂිඩාගේ රජයේ ප්‍රබලයන්ය. වසර 5 කට ආසන්න කාලයක් තිස්සේ යෙන් මිලියන 500 ක මුදලක් මෙම අමාත්‍යවරුන් වෙනත් ගිනුම්වල තැන්පත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ද පැවැත්වෙයි. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අපි හැමෝම ඉතින් පහසුවෙන් ඩේටා එහෙ මෙහෙ අරගෙන යන්න කියලා අපි කරන්න පුරුදු වෙලා හිටියේ හාඩ් එක ගලවගෙන ගිහින් වෙන කම්පියුටර් එකකට ගහන එක තමයි. හැබැයි ඉතින් ඒකත් මොන තරම් කරදරකාරී වැඩක්ද කියලා අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. ආන්න එහෙම තිබුණු කාලෙක තමයි පෙන් ඩ්‍රයිව් (Pen drive) නැතිනම් ෆ්ලෑෂ් ඩ්‍රයිව් වේදිකාවට එන්නේ. කෙලින්ම යූඑස්බී පෝට් එකට ගැහුවා, ඩේටා කොපි කලා, ගලෝගත්තා, සාක්කුවේ වුණත් දාගෙන ගියා. ඇත්තටම පෙන් ඩ්‍රයිව් (Pen drive) තරම් ඩේටා එහෙ මෙහෙ ගෙනියන්න පහසු ක්‍රමයක් වෙන ආවේ නැති තරම්. ක්ලවුඩ් මතකයන්, පෝටබල් හාඩ්ඩ්‍රයිව් එහෙම තියෙන අද කාලේ වුණත්, පෙන් ඩ්‍රයිව් සෑහෙන්න පාවිච්චි වෙන්නේ එකේ හුරුබුහුටි බවත්, පහසුවත් නිසා තමයි.…

Read More

Hayleys සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් ද්‍රව්‍ය අංශයේ සුවිශේෂි සන්නාමයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC විසින් එහි නිෂ්පාදන පෙළේ උපායමාර්ගික ව්‍යාප්තියක් පසුගියදා හඳුන්වාදෙන ලදි. ජංගම දුරකථන රදවන සහ ටැබ් යන්ත්‍ර රදවනය (Multifunctional Mobile/ Tab Holder), දර්පණ (Threshold) , බහුකාර්ය රාක්ක (Multipurpose Rack) සහ තවත් ගෘහ උපාංග එකතුවක් නිවෙස්වල දෛනික අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් Alumex PLC නිර්මාණය කර ඇති අතර එමඟින් නිවසේ සුවපහසුව, ක්‍රියාකාරීත්වය, අලංකාරය මෙන්ම ආරක්ෂාව වැඩි දියුණු කරයි. විශේෂයෙන් සකස් කරන ලද අති නවීන ඇලුමිනියම් නිෂ්පාදන තෝරා ගැනීම තුළින් නිවාස හිමියන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල දෛනික දිවියේ සුවිශේෂී වෙනසක් ඇති කරමින් පවුල්වල යහපැවැත්ම වැඩිදියුණු කිරීම Alumex PLC හි…

Read More

ඩුබායි පැවැති ගෝලීය කාලගුණ විපර්යාස සම්බන්ධ COP28 සමුළුව නිමාවට පත්විය. ඒ ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් රටවල් 200කට වැඩි සංඛ්‍යාවක් පොදු එකඟතාවක් පළ කර ගැනීමත් සමගය. ෆොසිල ඉන්ධන වෙනුවට විකල්ප බලශක්ති ක්‍රමවේද භාවිතය සඳහා යොමුවීමටත් මෙහිදී එකඟතාව පළ කෙරුණි. මෙවර COP28 සමුළුවේ දී වැඩිම අවධානයක් යොමුවූයේ ගෝලීය උණුසුම ඉහළයාම කෙරෙහි උපරිම දායකත්වයක් දක්වන ෆොසිල ඉන්ධන දහනය තුරන් කිරීම සම්බන්ධයෙනි. 2050 වසර වන විට ගෝලීය හරිතාගාර වායු විමෝචනය ශුන්‍ය කිරීම මෙහි අරමුණ යැයි පැවැසෙයි. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා වූ මාර්ගය අද (15) සිට තාවකාලිකව වසා දැමීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනවාරි 15 වනදා දක්වා අදියර කිහිපයක් යටතේ එම මාර්ගය වසා දැමෙන බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කළේ. අද සිට දෙසැම්බර් 22 වනදා දක්වා මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමෙන අතර, දෙසැම්බර් 23 දින සිට ජනවාරි 06 දක්වා එහි එක් මං තීරුවක් වසා දැමීමට නියමිතයි. යළිත් ජනවාරි 07 වනදා සිට ජනවාරි 14 දින දක්වා මාර්ගය සම්පූර්ණයෙන් වසා දමන අතර, ඉන් අනතුරු ජනවාරි 15 වනදා උඩවලව වේල්ල හරහා මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනාගමනය සඳහා විවෘත කිරීමට නියමිතයි. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කියයි. තැඹිලි අපනයනය කිරීමෙන් 2022 වසරේදී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර, මේ වසරේදී මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයකි. කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ තැඹිලි වැවිලි භෝගයක් ලෙස වගා කිරීම සඳහා සියලු පියවර ගන්නා බවයි. ලොව රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ දරා ඇතත් එම උත්සාහ සියල්ල අසාර්ථක වී ඇතැයිද ලෝකයේ රසවත්ම තැඹිලි ශ්‍රී ලංකාවේ තැඹිලි වන අතර එම නිසා “Sri Lanka Sweet Coconut” සන්නාමය සහිතව ඉදිරියේ දී මෙරට තැඹිලි ලොවේ ජනප්‍රිය කරවීම සඳහා පියවර ගන්නා…

Read More

තවත් ආනයනික බිත්තර මිලියන 15 ක් ඇණවුම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කරනවා. ඒ අනුව, ලබන සඳුදා එම බිත්තර තොගය ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා. එසේම ආනයනය කරන ලද තවත් බිත්තර මිලියන 10 කට අදාළ වාර්තා ලබන සෙනසුරාදා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලැබීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

සිර දඬුවම් විඳිමින් සිටින රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි, ඔහු රඳවා ඇති බන්ධනාගාරයෙන් අතුරුදන් බවත්, බන්ධනාගාර බලධාරීන් ඒ සම්බන්ධයෙන් නිහඬව සිටින බවත්, නෙවල්නිගේ නීතීඥවරු චෝදනා නගති. වසර 20 ක සිරදඬුවම නියම වූ ඇලෙක්සි නෙවල්නි, රඳවා තැබුණේ මොස්කව් අගනුවර සිට සැතපුම් 150 ක් දුරින් පිහිටි රුසියන් බන්ධානාගරයකය. නීතීඥයන් පවසන්නේ, නෙවල්නි මේ වනවිට එම බන්ධනාගාරයේ නොමැති බවත්, ඔහුට සිදුවූයේ කුමක්දැයි ඔවුන්ට කිසිවකු දැනුම් දී නොමැති බවත්ය. බටහිර හිතවාදියකු වන 47 හැවිරිදි, නෙවල්නි විවිධාකාරයේ චෝදනා රැසකට වරදකරු වී සිටී. රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනාවට ද නෙවල්නි වරදකරු විය. ඒ සියල්ලටම හේතුව ඔහු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වීම සහ පුටින්ගේ උදහසට…

Read More

Neptune Recyclers, ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමණාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා, සිය 30 වන සංවත්සරය 2023 නොවැම්බර් මස 14වන දින සමරන ලදී. Neptune Recyclers, Expack Corrugated Cartons PLC හි අනුබද්ධිත ආයතනයක් මෙන්ම Aberdeen Holdings සමූහයේ ආයතනයක් ලෙස හරිත හා වඩාත් පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් සඳහා ධනාත්මක වෙනසක් ඇති කිරීමට සහ තිරසාර විසඳුම් සංවර්ධනය කිරීමට කැපවී සිටියි. Neptune Recyclers හි කළමනාකරණ අධ්‍යක්ෂක අබ්දුල්ලා කාසිම් මහතා, විධායක අධ්‍යක්ෂක රිසාන් ජවුෆර් මහතා සහ ප්‍රධාන විධායක නිළධාරී ෆස්ලීන් මජීඩ් මහතාගේ නිවැරදි මගපෙන්වීම හා නායකත්වයෙන් මෙහෙයවනු ලබන මෙම ආයතනය, කලාපය තුළ පාරිසරික භාරකාරත්වය හා චක්‍රීය ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වී සිටියි. සිය සන්නාමය ප්‍රතිස්ථානගත…

Read More