ඩුබායි පැවැති ගෝලීය කාලගුණ විපර්යාස සම්බන්ධ COP28 සමුළුව නිමාවට පත්විය. ඒ ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් රටවල් 200කට වැඩි සංඛ්‍යාවක් පොදු එකඟතාවක් පළ කර ගැනීමත් සමගය.
ෆොසිල ඉන්ධන වෙනුවට විකල්ප බලශක්ති ක්‍රමවේද භාවිතය සඳහා යොමුවීමටත් මෙහිදී එකඟතාව පළ කෙරුණි.
මෙවර COP28 සමුළුවේ දී වැඩිම අවධානයක් යොමුවූයේ ගෝලීය උණුසුම ඉහළයාම කෙරෙහි උපරිම දායකත්වයක් දක්වන ෆොසිල ඉන්ධන දහනය තුරන් කිරීම සම්බන්ධයෙනි. 2050 වසර වන විට ගෝලීය හරිතාගාර වායු විමෝචනය ශුන්‍ය කිරීම මෙහි අරමුණ යැයි පැවැසෙයි.
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.