Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » Alumex හි නවතම ඇලුමිනියම් නිෂ්පාදන තුළින් ඔබේ නිවසට පරිවර්තනීය වෙනසක්
Financial 6 Views

Alumex හි නවතම ඇලුමිනියම් නිෂ්පාදන තුළින් ඔබේ නිවසට පරිවර්තනීය වෙනසක්

Buzzer EditorBy Buzzer EditorDecember 15, 2023No Comments4 Mins Read6 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

Hayleys සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් ද්‍රව්‍ය අංශයේ සුවිශේෂි සන්නාමයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC විසින් එහි නිෂ්පාදන පෙළේ උපායමාර්ගික ව්‍යාප්තියක් පසුගියදා හඳුන්වාදෙන ලදි. ජංගම දුරකථන රදවන සහ ටැබ් යන්ත්‍ර රදවනය (Multifunctional Mobile/ Tab Holder),  දර්පණ (Threshold) , බහුකාර්ය රාක්ක (Multipurpose Rack) සහ තවත්  ගෘහ උපාංග එකතුවක්  නිවෙස්වල දෛනික අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් Alumex PLC නිර්මාණය කර ඇති අතර එමඟින් නිවසේ සුවපහසුව, ක්‍රියාකාරීත්වය, අලංකාරය මෙන්ම ආරක්ෂාව වැඩි දියුණු කරයි. විශේෂයෙන් සකස් කරන ලද අති නවීන ඇලුමිනියම් නිෂ්පාදන තෝරා ගැනීම තුළින් නිවාස හිමියන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල දෛනික දිවියේ සුවිශේෂී වෙනසක් ඇති කරමින් පවුල්වල යහපැවැත්ම වැඩිදියුණු කිරීම  Alumex PLC හි අරමුණ වේ.

මෙහිදී Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂක ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය. “වර්තමාන අවශ්‍යතා සපුරාලීම සඳහා ඉහළම ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍යවලින් නිර්මාණය කර ඇති අපගේ Alumex PLC නිෂ්පාදන සතු කල්පවත්නා බව විශිෂ්ටත්වය කරා යන අපගේ ගමනට ඉවහල් වන බව අපි විශ්වාස කරනවා.  වඩාත් සුවපහසු , ක්‍රියාකාරී, අලංකාර සහ ආරක්ෂාව සහිත අපගේ නිෂ්පාදන මෙන්ම අප කාර්ය මණ්ඩලයේ  කාර්යක්ෂම සේවය  පාරිභෝගිකයින් වෙත ඉහළම සේවාවක් සැපයීම වෙනුවෙන් අප ආයතනය දක්වන කැපවීම පිළිබඳව කදිම සාක්ෂියක්”

නිවසක් වැඩිදියුණු කිරීමේදී හෝ ඉදිකිරීමේදී එහි දිගු කාලීන පැවැත්ම වෙනුවෙන් බොහෝ දෙනෙක් ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙන් උපදෙස් ලබා ගනිති. දැවමය නිමාව සහ ඇලුමිනියම් සතු සවිමත් බව මැනවින් මුසු කර  නිර්මාණය කරන ලද  Alumex Building System (ABS) හි ස්ලයිඩින් කවුළු දිගු කල් පැවැත්මක් සහ නව පෙනුමක් ඔබේ නිවහන වෙත ලබා දෙන අතර දැවමය නිමාවෙන් යුත් උපකරණ පමණක් තෝරා ගැනීම පිළිබඳව ඇති මතය ද එමඟින් නිරායාසයෙන් අභියෝගයට ලක් වේ. වසර 30ක් දක්වා වූ ආකර්ෂණීය වගකීම් සහතිකයක් සහිතව පිරිනමන මෙම නිෂ්පාදන මාලාව වැය වන කාලයත් ,පිරිවැයත් ඉතිරි කරන දිගුකාලීන විසඳුමක් ලෙස එය පාරිභෝගික දෛනික දිවිය ඉහළ නංවමින්  තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි.

Alumex විසින් හඳුන්වාදෙන ලද Dwelling බහුකාර්ය රාක්කය (Multipurpose Rack) නිවසේ විවිධ ස්ථානවලට ගෙනයාමේ   හැකියාවෙන් යුතු අතර එය මුළුතැන්ගෙයි, නානකාමරයේ හෝ ගරාජයේ   වැනි ඕනෑම ස්ථානයක අමතර ගබඩාවක් ලෙස   පහසුවෙන් භාවිත කළ හැකිය. එබැවින් එය නිසැකවම පාරිභෝගික දෛනික දිවියට අත්‍යවශ්‍ය අංගයක්  වනු ඇත.

දොර පතුල සහ බිම අතර පරතරය මැනවින් පියවීම සඳහා සකස් කර ඇති Alumex threshold solutions මඟින් කෘමීන් ඇතුළුවීම වැළැක්වීම, වාතය කාන්දු වීම අඩු කිරීම,වායු සමීකරණයෙන් අනවශ්‍ය බලශක්ති නාස්තිය වැළැක්වීම වැනි බහුවිධ ප්‍රතිලාභ රැසක් ලබා දේ. එමෙන්ම  ඉස්කුරුප්පු ඇණ හෝ 3M වර්ගයේ ස්ටිකරයක් භාවිත කිරීමෙන් පාරිභෝගිකයින්ට මෙය පහසුවෙන් සවි කිරීමට හැකිවීමද විශේෂත්වයකි.

Alumex ladder නිෂ්පාදන අතරට එක්වූ නවතම Alumex BB Ladder නිෂ්පාදනය අඩි 2.5 පඩිපෙළක් සහිතව ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කර ඇති අතර මෙය ලිස්සායෑම වැළැක්වීමේ පියවරවල සිට ආරක්ෂිත අගුළු දැමීම දක්වා විවිධ ආරක්‍ෂිත අංගයන්ගෙන් සමන්විත වේ. නිවසේ, කාර්යාලයේ හෝ ගබඩාවේ ඇති ඉහළ ස්ථාන වෙත පහසුවෙන් සහ ආරක්ෂිතව ළඟාවීමට එය කදිම විසඳුමකි.මෙම සුවිශේෂී නිෂ්පාදනය නුදුරේදීම ශ්‍රී ලංකාවේ වෙළෙඳපලට හඳුන්වාදෙනු ඇත.

Alumex වෙතින්   ගෘහ අලංකාරය සහ ප්‍රායෝගිකත්වය එකාබද්ධ කරමින් නිර්මාණ කරන ලද   Dwelling Aluminum mirror එකතුවක් ද පාරිභෝගිකයන් වෙත   පිරිනමා ඇත. මිලිමීටර් 5ක ඝනකමකින් යුත් බෙල්ජියම් වීදුරුවක් සහිත මෙම දර්පණ ආරක්ෂිත ස්ටිකරයකින් ද සමන්විත වන අතර   දිගු කල් පැවැත්ම සහතික කරයි. බහුකාර්ය හැකියාව සහිතව නිමවා ඇති මෙය  සමඟ ලබා දෙන ඉස්කුරුප්පු ඇණ සහ wall plugs (බිත්ති ප්ලග්) උපයෝගී කර ගනිමින් තිරස් හෝ සිරස්  යන දෙයාකාරයෙන්ම මෙය  පහසුවෙන් ස්ථානගත කළ හැකි අතර වසර 10ක වගකීම් සහතිකයක් ද සමඟ වර්ණ තුනක් යටතේ හඳුන්වා දී ඇති මෙම Dwelling Aluminum mirror  ඔබේ නිවසේ  අලංකාරය ඔප් නංවනු ඇත.

උසස් තත්ත්වයේ ඇලුමිනියම් ශක්තිය සහ දිගු කල්පැවැත්ම සහිතව නිර්මාණය කර තිබෙන බහුකාර්ය ජංගම දුරකථන සහ ටැබ් යන්ත්‍ර රදවනය (Multifunctional Mobile/ Tab Holder) සුවිශේෂී දරා ගැනීමේ හැකියාවකින්  යුක්ත වේ. මෙම බහුකාර්ය නවෝත්පාදනයෙහි තිරස් හෝ සිරස් ලෙස වුවද ජංගම දුරකථනයක් හෝ ටැබ් උපකරණයක් ආරක්ෂිතව තබා ගත හැකි අතර එය අධ්‍යාපන සහ කාර්යාල කටයුතු සඳහා මෙන්ම  විනෝදාස්වාදය වෙනුවෙන් ද උපකාරී වන විශේෂ නිර්මාණයකි.

Alumex වෙතින් පිරිනැමෙන තවත් සුවිශේෂී නිෂ්පාදනයක් වන Dwelling Aluminum rulers කට්ටලය ශිෂ්‍යයෙකුට, ගෘහ නිර්මාණ ශිල්පියෙකුට, ඉංජිනේරුවෙකුට, කලාකරුවෙකුට, නිර්මාණකරුවෙකුට, ගුරුවරයෙකුට හෝ නිශ්චිත මිනුම් අවශ්‍ය ඕනෑම අයෙකුට නිරවද්‍යතාවයකින් යුතුව මිනුම් ලබා ගැනීමට උපයෝගී කර ගත හැකි අතර සෙන්ටිමීටර සහ අඟල් යන මිනුම් ද්විත්වයම මෙහි සඳහන් කර ඇත.  සරල රේඛා ඇඳීම, කැපීම හෝ මැසීම සඳහා මතුපිට සලකුණු කිරීම සහ තවත් බොහෝ දේ සඳහා වඩාත් සුදුසු මෙය පැහැදිලි සහ නිවැරදි ක්‍රමාංකනවලින් යුතු බහුකාර්ය නිර්මාණයකි.

පාරිසරික බලපෑම සැලකිය යුතු ලෙස අඩු කරමින් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කිරීම පිළිබඳව  වැඩි අවධානයක් සහිතව කටයුතු කරන Alumex තෝරා ගැනීම මඟින්   ඔබගේ දෛනික තෝරා ගැනීම් හරහා පරිසරයට සිදුවිය හැකි හානිය අවම කර ගත හැකි අතර  එය ඔබේ දෛනික දිවිය වැඩිදියුණු කරමින් පරිසරයද ආරක්ෂා කරයි.එබැවින් ඔබේ නිවසේ අවශ්‍යතාවන් වෙනුවෙන් Alumex තෝරා ගැනීම යනු නිසැකවම කල් පවතින ගුණාත්මකභාවය සහ තිරසාරභාවය වෙනුවෙන් සිදුකරන  ආයෝජනයකි.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට රටවල් රැසකගේ එකඟතාවය
Next Article පෙන් ඩ්‍රයිව් එකක් මිලදී ගන්න. හැබැයි මේ දේවල් ගැනත් හිතන්න!
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.