ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ් එච් කේ එස් පීරිස් ශ්රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්රධානී ලෙස පත්කර තිබෙන බවට වාර්තා වනවා. දෙසැම්බර් මස 16 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි එම ධුරයේ රාජකාරි සඳහා ඒ මහතාව පත්කර ඇති බවයි සඳහන් වන්නේ.
මීට අවුරුදු දෙකකට පමණ පෙර එනම් 2021 මැයි මස 07 වනදා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ඔහු මෙම ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්රථම ආරක්ෂක සේනා ආඥාපති – බටහිර වශයෙන් රාජකාරි කටයුතු සිදුකළා.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.