Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පෙන් ඩ්‍රයිව් එකක් මිලදී ගන්න. හැබැයි මේ දේවල් ගැනත් හිතන්න!
Science & Tech 19 Views

පෙන් ඩ්‍රයිව් එකක් මිලදී ගන්න. හැබැයි මේ දේවල් ගැනත් හිතන්න!

Buzzer EditorBy Buzzer EditorDecember 16, 2023Updated:December 16, 2023No Comments7 Mins Read19 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අපි හැමෝම ඉතින් පහසුවෙන් ඩේටා එහෙ මෙහෙ අරගෙන යන්න කියලා අපි කරන්න පුරුදු වෙලා හිටියේ හාඩ් එක ගලවගෙන ගිහින් වෙන කම්පියුටර් එකකට ගහන එක තමයි. හැබැයි ඉතින් ඒකත් මොන තරම් කරදරකාරී වැඩක්ද කියලා අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. ආන්න එහෙම තිබුණු කාලෙක තමයි පෙන් ඩ්‍රයිව් (Pen drive) නැතිනම් ෆ්ලෑෂ් ඩ්‍රයිව් වේදිකාවට එන්නේ. කෙලින්ම යූඑස්බී පෝට් එකට ගැහුවා, ඩේටා කොපි කලා, ගලෝගත්තා, සාක්කුවේ වුණත් දාගෙන ගියා. ඇත්තටම පෙන් ඩ්‍රයිව් (Pen drive) තරම් ඩේටා එහෙ මෙහෙ ගෙනියන්න පහසු ක්‍රමයක් වෙන ආවේ නැති තරම්.

ක්ලවුඩ් මතකයන්, පෝටබල් හාඩ්ඩ්‍රයිව් එහෙම තියෙන අද කාලේ වුණත්, පෙන් ඩ්‍රයිව් සෑහෙන්න පාවිච්චි වෙන්නේ එකේ හුරුබුහුටි බවත්, පහසුවත් නිසා තමයි. ඉතින් පෙන් ඩ්‍රයිව් එකක් මිලදී ගන්නවා නම්, ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණා ටිකක් තියෙනවා. ඒ කාරණා ගැන හිතලා බැලුවොත්, තමන්ට හොඳින්ම ගැලපෙන පෙන් ඩ්‍රයිව් එකක් මිලදී ගන්න පුලුවන්.

01. ධාරිතාවය (Capacity)

සාමාන්‍යයෙන් අපි හැමෝම කිසියම්ම දෙයක් ගන්නකොට තෝරගන්නේ අපේ අවශ්‍යතාවයට ගැලපෙන එකට වඩා මාකට් එකේ තියෙන ලොකුම එක. පෙන්ඩ්‍රයිව් එකක් ගන්නකොටත් ගොඩක් දෙනෙක් එහෙම තමයි. ඒ කියන්නේ ඔය ඔෆිස් එකේ ඩොකියුමන්ට්ස් එහෙම දාගෙන යන්න පෙන්ඩ්‍රයිව් එකක් ගන්න ගියහම, ගන්නේ 128GB එකක්. හැබැයි ඉතින් ජීවිතේට මෙගාබයිට් සීයකට දෙසීයකට වඩා පාවිච්චි වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් ගිගාබයිට් එකක පෙන් එකකට දාන්න පුලුවන් පීඩීඑෆ් ෆයිල්ස් 2,400 ක් විතර. ඉතින් අපරාදෙ නෙවෙයිද ඔච්චර පෙන් එකකට වියදම් කරපු ගාණ? අන්න ඒ නිසා, මුලින් හිතලා බලන්න තමන්ට පෙන් ඩ්‍රයිව් එක ඕන වෙන්නේ මොකටද කියලා.

02. දත්ත හුවමාරු වේගය (Data Transferring Speed)

පෙන්ඩ්‍රයිව් එකක් ගන්නකොට, ඒකේ ධාරිතාව වගේම දත්ත හුවමාරු වේගය ගැනත් හිතලා බලන්නම ඕන. සරලවම කියනවා නම්, පෙන්ඩ්‍රයිව් එකක දත්ත හුවමාරු වේගයන් දෙකක් සඳහන් වෙනවා. එකක් දත්ත කියවන වේගය. ඒ කියන්නේ පෙන්ඩ්‍රයිව් එකේ තියෙන දත්ත කම්පියුටර් එකෙන් කියෝගන්න වේගය. එතකොට දත්ත ලියන වේගය. ඒ කියන්නේ මොකක් හරි ෆයිල් එකක් පෙන්ඩ්‍රයිව් එකෙන් හරි පෙන්ඩ්‍රයිව් එක වෙතට හරි ලබාදෙනකොට ඒක සිද්ධ වෙන වේගය. දැන් එන අලුත් පෙන්ඩ්‍රයිව් එකක දත්ත කියවන වේගය සාමාන්‍යයෙන් 100MB/s වගේ වෙන්න පුලුවන්. දත්ත ලියන වේගය නම් ඊට අඩුයි. සමහර විට සාමාන්‍යයෙන් 30MB/s විතර. මේකට ඉතින් USB සංස්කරණයත් බලපානවා. උදාහරණයක් විදියට, USB 3.0 පෙන්ඩ්‍රයිව් එකක්, USB 2.0 පෝට් එකකට ගහලා ඉහළ වේගයක් බලාපොරොත්තු වුණාට වැඩක් නෑ.

ඒ වගේම, දැන් සමහර පෙන්ඩ්‍රයිව් තෝරනකොට, අපිට දකින්න පුලුවන් පැක් එකේ ගහලා තියෙනවා Speed Class කියලා එකක්. ඒ කියන්නේ Class 10 වගේ එව්වා ගහලා තියෙනවා. ඇත්තටම මේ Speed Class එක එන්නේ SD card වලට, ඒ කියන්නේ මෙමරි චිප් වලට තමයි. හැබැයි සමහර විට පෙන්ඩ්‍රයිව් එකකත් ඕක ගහලා තියෙන්න පුලුවන්.

03. මෙමරි කොලිටිය / කල් පැවැත්ම (Durability)

මේ කියන්නේ ඇත්තටම පෙන්ඩ්‍රයිව් එකක මතකයේ සහ ක්‍රියාකාරීත්වයේ කොලිටිය ගැන. අපි ඔය වොරන්ටි ගැන කතා කරනකොට ඉස්සරහදී කියනවා, පෙන්ඩ්‍රයිව් එකක් සාමාන්‍යයෙන් සෑහෙන්න කාලයක් පවතිනවා කියන එක. හැබැයි ඒ කොලිටියට නිෂ්පාදනය කරලා තියෙන පෙන්ඩ්‍රයිව් විතරයි. එහෙම නැතුව හරිහමන් කොලිටියක් නැතුව නිෂ්පාදනය කරපු පෙන්ඩ්‍රයිව් එකක් නම්, බොහොම ඉක්මනින් බෑඩ් සෙක්ටර්ස් ඇවිල්ලා, තමන්ගේ වටිනා දත්ත එහෙමත් විනාශ වෙන්න පුලුවන්. ආන්න ඒකට බ්‍රෑන්ඩ් එකත් වැදගත්! අපි ඊළඟට බ්‍රෑන්ඩ් එක ගැන බලමු.

04. බ්‍රෑන්ඩ් එක (Brand name)

අපි ඇඳුමක් ගන්න ගියත්වෙනත් බඩුභාණ්ඩයක් ගන්න ගියත් බ්‍රෑන්ඩ් එක කියන කාරණාව වැදගත්. පෙන්ඩ්‍රයිව් වලටත් ඒ කාරණාව අදාළයි. විශේෂයෙන්ම ඔය හරිහමන් හොයාගන්න පුලුවන් බ්‍රෑන්ඩ් එකක් නැති, හද්ද අඩු ගාණට දෙන පෙන්ඩ්‍රයිව් එහෙම නොගන්න එක ඇඟට ගුණයි. විශේෂයෙන්ම පෙන්ඩ්‍රයිව් එකක් දන්න බ්‍රෑන්ඩ් එකක කියලා කිව්වත්, මාකට් ප්‍රයිස් එකට වඩා හිතාගන්න බැරි තරම් ගාණ අඩුයි නම්, ඒක ෆේක් වෙන්න තියෙන ඉඩ වැඩියි. අන්න ඒ නිසා, හොඳම දේ වගකීමක් ගන්න පුලුවන් බ්‍රෑන්ඩ් එකක ප්‍රඩක්ට් එකක් ගන්න එක. ඕන නම් බාර් කෝඩ් එක ස්කෑන් කරලා ඒකේ තොරතුරු තහවුරු කරගන්නත් පුලුවන්.

05. වගකීම් කාලය (Warranty)

ලංකාවේ මුල් කාලයේදී, පෙන්ඩ්‍රයිව් බ්‍රෑන්ඩ් එකකට දෙකකට වඩා ලංකාවේ තිබුණෙ නෑ. ගාණත් ටිකක් වැඩියි. හැබැයි ඔය බ්‍රෑන්ඩ් වලින් මොන කැපෑසිටි එකේ පෙන්ඩ්‍රයිව් එකක් ගත්තත්, ආයෙ ලයිෆ් ටයිම් වොරන්ටි. ජීවිත කාලෙකට වගකීම් සහතිකයක් ලබාදෙනවා. එහෙම වොරන්ටි දෙන එක අවුලකුත් නෑ. මොකද ඉස්සර තිබුණු පෙන්ඩ්‍රයිව් සමහර වෙලාවට තාමත් අපි පාවිච්චි කරනවා. තව අවුරුදු විස්සක් තිහක් හතළිහක් වුණත් පාවිච්චි කරන්නත් පුලුවන් කියලා ෂුවර් එකකුත් අපිට තියෙනවා. හැබැයි කොහොම වුණත්, දැන් නම් එහෙම ලයිෆ් ටයිම් වොරන්ටි හම්බුවෙන පෙන්ඩ්‍රයිව් නැති තරම්. දැන් හම්බෙන්නේ අවුරුදු 5 ක නැතිනම් අවුරුදු 3 ක වගේ වගකීම් සහතික තමයි. හැබැයි පෙන්ඩ්‍රයිව් එකට වගකීම් සහතිකය දෙන්නේ මාස හයක්, අවුරුද්දක් වගේ නම්, ගන්න එක තේරුමක් නැහැනේ.

06. පෙන්ඩ්‍රයිව් එකේ වර්ගය (Type of the USB Pen Drive)

මේ ටයිප් එක කියන්නේ, පෙන්ඩ්‍රයිව් එකේ විවිධාකාර ආකාරයන්. උදාහරණයක් විදියට, හුරුපුරුදු USB පෝට් එකකට ගහන්න පුලුවන් පරණතාලේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් කියලා කියන පෙන්ඩ්‍රයිව් තියෙනවා. එහෙම නැතිනම් USB පෝට් එකටත් ගහන්න පුලුවන්, හැබැයි ඒ වගේම USB-C පෝට් එකකටත්, නැතිනම් Micro USB පෝට් එකකටත් ගහන්න පුලුවන් විදියේ, ඒ කියන්නේ ෆෝන් එකට හෝ ටැබ් එකටත් ගහන්න පුලුවන් විදියේ පෙන්ඩ්‍රයිව් තියෙනවා. ඒවලට කියන්නේ OTG ඩ්‍රයිව් කියලා. එතකොට දැන් තියෙනවා වයි-ෆයි පෙන්ඩ්‍රයිව්. ආයෙ කම්පියුටර් එකට ගහන්න ඕන චාර්ජ් කරගන්න විතරයි. චාර්ජ් වෙලා නම් කෙලින්ම වයි-ෆයි ඔස්සේ සම්බන්ධ වෙලා දත්ත හුවමාරු කරගන්න පුලුවන්. ඉතින් මේ පෙන්ඩ්‍රයිව් ටයිප් එක තෝරගන්නකොටත් හිතන්න ඕන තමන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියන එක තමයි.

07. ඩිසයින් එක (The design)

මේ ඩිසයින් එක අදාළ වෙන්නෙත් පෙන්ඩ්‍රයිව් එක තමන් පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් වලටද, මොන වගේ උපාංග එක්කද කියන කාරණා එක්ක තමයි. උදාහරණයක් විදියට, දැන් ඔය එක එක හැඩයේ, එක එක ප්‍රමාණයේ පෙන්ඩ්‍රයිව් තියෙනවනේ වෙළඳපොලේ. ඒ වගේම, එක එක විදියේ විසිතුරු ඩිසයින් වල පෙන්ඩ්‍රයිව් එහෙමත් දැන් තියෙනවා. සත්තුන්ගේ නැට්ට උස්සලා USB පෝට් එකට ගහන්න පුලුවන් එව්වා, ලී වලින් බඳ නිර්මාණය කරපු පෙන්ඩ්‍රයිව් වගේ විවිධාකාරයේ එව්වා. හැබැයි, අපි ලැප්ටොප් එකකට ගහන්න පෙන්ඩ්‍රයිව් එකක් මිලදී ගන්න ගියොත්, පොඩ්ඩක් සයිස් එකෙන් හුරුබුහුටි පෙන්ඩ්‍රයිව් එකක් ගන්න එක තමයි හොඳ. මොකද, නැතිනම් එක ලඟ තියෙන පෝට් දෙකකින් එකකට ලොකු සයිස් පෙන්ඩ්‍රයිව් එකක් ගැහුවොත්, තව මොනව හරි අනික් USB පෝට් එකට ගහන්න අමාරුයි. දැන් නිකම් මිලිමීටර් කීපෙක ඝනකම තියෙන, ඇඟිලි පුරුක් දෙකකට වඩා ලොකු නැති පෙන්ඩ්‍රයිව් එහෙමත් තියෙනවා. ඒක කාටවත් පේන්න නැති වෙන්න එහෙම අරගෙන යන්න පහසු වුණත්, නැතිවෙන්න තියෙන ඉඩකඩත් ඒ වගේම වැඩියි. ආන්න ඒ නිසා, තමන්ගේ අවශ්‍යතාවය අනුව ඩිසයින් එක තෝරගන්න ඕන.

08. ආරක්ෂිතභාවය / රහස්‍යභාවය (The security)

දැන් සාමාන්‍යයෙන් ඉස්සර අපි පාවිච්චි කරපු පෙන්ඩ්‍රයිව් එකක සෙකියුරිටි එක කියන්නේ, අපි කොයි තරම් ආරක්ෂාකාරීව ඒක අපි ලඟ තියාගන්නවද කියන එක තමයි. මොකද, ඒක ඕනම කම්පියුටර් එකකට ගහලා, ඒකේ තියෙන දත්ත වලට ප්‍රවේශ වෙන්න පුලුවන්. පෙන්ඩ්‍රයිව් එක අපේ අතින් කොහේ හරි වැටිලා, වෙන කෙනෙක්ට හම්බුණොත්, පෙන් එකේ සංවේදී දත්ත තිබුණොත්, ඒවාට අමුතු ආරක්ෂාවක් ලැබෙන්නෙ නෑ. ඔය තමන්ගේ සෙක්ස් ටේප් එකක් එහෙම සේව් කරපු පෙන්ඩ්‍රයිව් එකක් වැටිලා වෙන කෙනෙක්ට හම්බුණොත් ගොඩක් දුරට බඩුම තමයි. එහෙම සිදුවීම් මීට කාලෙකට කලින් වාර්තා වෙලත් තියෙනවා.

කොහොම වුණත්, පස්සෙ පස්සෙ තාක්ෂණය දියුණු වීමත් එක්ක, පෙන්ඩ්‍රයිව් එකට විශේෂයෙන් එන සෙකියුරිටි පහසුකම් නැතත්, තමන්ගේ ඔපරේටින් සිස්ටම් එක හරහා, එහෙම නැතිනම් තුන්වන පාර්ශවයන්ගේ සොෆ්ට්වෙයාර් හරහා පෙන්ඩ්‍රයිව් එකක සෙකියුරිටි තර කරගන්න හැකියාව ලැබුණා. උදාහරණයක් විදියට, පෙන්ඩ්‍රයිව් එකට පාස්වර්ඩ් එකක් දාන්න පුලුවන්. පාස්වර්ඩ් එක නොදන්න කෙනෙක්ට පෙන්ඩ්‍රයිව් එක අහුලගත්තත්, ඒකේ තියෙන දත්ත වලට ප්‍රවේශ වෙන්න බෑ.

හැබැයි ඒ සොෆ්ට්වෙයාර් පදනම් වුණු ආරක්ෂාවනේ. දැන් එන නවීන පෙන්ඩ්‍රයිව් වලට හාඩ්වෙයාර් පදනම් වුණු කේතන ක්‍රම ඔස්සේ ආරක්ෂාව තියෙනවා. ඒක ආරක්ෂාවෙන් ඉතාම ඉහළයි. සමහර නවීන පෙන්ඩ්‍රයිව් එනවා, බයෝමෙට්‍රික් සෙකියුරිටි එක්ක. ඒ කියන්නේ ෆින්ගර් ප්‍රින්ට් එක එහෙම දුන්නහම තමයි දත්ත වලට ප්‍රවේශ වෙන්න පුලුවන්. ඉතින් තමන් මිලදී ගන්න පෙන්ඩ්‍රයිව් එක පාවිච්චි කරන කාරණාව අනුව, පෙන්ඩ්‍රයිව් එකේ සෙකියුරිටි ගැනත් හිතලා බලන එක වැදගත්.

09. මිල (Price)

මේක නම් ඉතින් අපිට ලොකුවට පාලනය කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. බ්‍රෑන්ඩ් එක, මෙමරි කැපෑසිටි එක, ඩේටා ස්පීඩ් එක වගේ කාරණා අනුව මිල වෙනස් වෙනවා. එතකොට අපි පටන් ගන්නකොටම කිව්වනේ ධාරිතාව මූලිකවම තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන්න ඕන කියලා. එතකොට, ඒ අනුව, තමන්ගේ බජට් එකත් එක්ක බලලා ගැලපෙන පෙන්ඩ්‍රයිව් එක තෝරගන්න පුලුවන්. එහෙම නැතුව ඉතින් අපිට හෙට්ටු කරලා පෙන්ඩ්‍රයිව් ඉල්ලන්න බැහැනේ. හැබැයි මෙහෙම දෙයක්. පෙන්ඩ්‍රයිව් එකක් ගන්න කලින් වුණත්, පොඩ්ඩක් ඔන්ලයින් සර්ච් කරලා බලන්න මේ දවස් වල, අදාළ පිරිවිතර වලට, එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙන පෙන්ඩ්‍රයිව් වල ගණන් කොහොමද යන්නේ කියලා. ඊට පස්සේ පුලුවන් එකක් ගන්න යන්න. එතකොට, යම් කිසි ෂොප් එකක අපිට පෙන්ඩ්‍රයිව් එක මාකට් එකේ ගාණට වඩා වැඩියෙන් විකුණනවා නම්, අපි දන්නවා. (ස්තුතිය: Lifie.lk)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

featured pick picks science & tech
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous ArticleAlumex හි නවතම ඇලුමිනියම් නිෂ්පාදන තුළින් ඔබේ නිවසට පරිවර්තනීය වෙනසක්
Next Article කැබිනට් ඇමැතිවරු සිවුදෙනෙක් ඉල්ලා අස්වෙති
Buzzer Editor
  • Facebook

Related Posts

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 21, 20262 Views

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

By Buzzer EditorialJuly 21, 202602 Views

මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන හැටකට මිලදී…

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.