- මධ්‍යම අධිවේගයේ පළමු අදියරේ ඉදිකිරීම් ඉදිරි මාස 2 තුළ යළි ඇරඹීමට සැලසුම්
- ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවයි
- එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්
- නාමල්ට එරෙහි නඩුවකට නීතිපති උපදෙස් විමසයි
- රු. බිලියන 12කට අධික මුදලක් අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුමට
- අදානි ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි
- USAID ගැන මස්ක්ගෙන් ප්‍රබල අනාවරණයක්
- යුක්රේන යුද්ධයට මැදි වූ ඩොනල්ඩ් ට්‍රම්ප්
Author: Buzzer Editor
කලවාන රත්නපුර ප්‍රධාන මාර්ගයේ කලවාන මායිම ආරම්භ වෙන ස්ථාණයේ නායයෑම් සහිත ස්ථාණයක බැම්මක් සකස් කිරිමට යැමේදි යළිත් මාර්ගයේ කොටසක් නායයෑමට ලක්ව ඇතැයි ජාතික ගොඩනැගිලි හා පර්‍යේෂණ ආයතනයේ නිළධාරියෙකු පැවසිය. කලවාන මායිමේ 28-1 බෝක්කුව අසළ ස්ථාණයේ නායයෑම යළිත් සක්‍රිය විම ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනයේ රත්නපුර නිළධාරින් විසින් 29 වනදා නිරික්ෂණය කර තිබේ. මෙම අවදානම් තත්ත්වයට පිළියම් යෙදිම ගැන ජාතික ගොඩනැගිලි හා පර්‍යේෂණ ආයතනය ව්සින් අදාල ඉදිකිරීම සිදු කරන කොන්ත්‍රාත්කරුට සහ මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දි තිබේ. මෙම ස්ථාණයේ මාර්ගයේ භාගයක් නායයෑමට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීන් ව්සින් රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දි තිබිමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනය විසින් පරික්ෂණ සිදු කරනු…
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, අසරණ වූ පලස්තීන වැසියන් අතරේ, පැතිර යන නව පෝලියෝ වයිරස ප්‍රභේදය මැඩලීමට නම්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් අවශ්‍ය යැයි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ගාසා තීරයෙන් ලබා ගත් අපද්‍රව්‍ය සාම්පලවල තිබී, මෙම පෝලියෝ වයිරස ප්‍රභේදය හමුවුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානය මුලින්ම බිය පළ කළේ පසුගිය ජූලි 20 වැනිදාය. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම නව ප්‍රභේදය නම් කර ඇත්තේ ‘වීඩීපීවී2’ යනුවෙනි. මෙය සාමාන්‍ය පෝලියෝ වයිරසයට වඩා බිහිසුණු බව පැවැසෙයි. කඩිනමින් සටන් විරාමයක් ආරම්භ වුවහොත්, තම සෞඛ්‍ය නිලධාරීන්ට සහ වෛද්‍යවරුන්ට ගාසා තීරයට යෑමටත්, අඩපණ වුණු පෝලියෝ ප්‍රතිශක්තිකරණ එන්නත් කුඩා දරුවන්ට ලබා දීම යළි ආරම්භ කිරීමටත් හැකි බව ලෝක සෞඛ්‍ය…
සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එක්දින සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 ක් ඇතුළත් වනවා. තරඟ තුනම අගෝස්තු 2, 4 සහ 7 යන දිනයන්හිදී R ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. නම්කරනු ලැබූ සංචිතය පහතින්. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
ජාතික ගීයක් වැරදි ලෙස ප්‍රචාරය වීම සම්බන්ධයෙන් පැරිස් ඔලිම්පික් සංවිධායකයින් විසින් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කළ බව විදෙස් මාධ්‍ය පවසයි. පිරිමි පැසිපන්දු තරගාවලියේ දකුණු සුඩානය සහභාගි වු තරගය ආරම්භයට පෙර දකුණු සුඩානයේ ජාතික ගීය වෙනුවට සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය විය. සමාව ඉල්ලීම සිදුවූයේ ඒ අනුවය රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ගේ ඝෝෂාවත් සමග සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය නවත්වා යළි දකුණු සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය කළ බව ද පැවැසෙයි. (Reuters) Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
ඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයේ රොචෙස්ටර් මේපල්වුඩ් උද්‍යානයේ සිදුවුණු වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් සය දෙනෙක් තුවාල ලැබූහ. වෙඩි තැබීම කළේ අවුරුදු 20 ක පමණ තරුණයෙකි. වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නැති නමුත් එය පෞද්ගලික කෝන්තරණයක් නිසා සිදුවූවක් යැයි සැක කෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පැවැත්වෙන බව ද වාර්තා වේ. තුවාල ලැබූ හය දෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
මාවල් චිත්‍රපටවලින් ටෝනි ස්ටාක් හෙවත් අයන් මෑන් ලෙස ලොව පුරා ලොකු කුඩා කාගේත් ආදරය දිනූ හොලිවුඩ් නළු රොබට් ඩවුනි ජූනියර්, යළිත් වරක් මාවල් ස්ටුඩියෝස් සමඟ එක් වී, මාවල් චිත්‍රපටවලට රංගනයෙන් දායක වීමට සූදානම් වෙයි. ඒ, ටෝනි ස්ටාක් හෙවත් අයන් මෑන් ලෙස නොව තවත් මාවල් චිත්‍රකතා චරිතයක් වන ඩොක්ටර් ඩූම් ලෙසය. අයන් මෑන් සහ ටෝනි ස්ටාක් වීරයකු වුවත්, ඩූම් වීරයකු ලෙස සැලකෙන්නේ නැත. ඉදිරියේ දී නිර්මාණය වන ‘ෆැන්ටෑස්ටික් ෆෝ’ චිත්‍රපටයේත්, ‘ඇවෙන්ජර්ස්: ඩූම්ස් ඩේ’ චිත්‍රපටයේත් ප්‍රබල නපුරා වනු ඇත්තේ ඩොක්ටර් ඩූම් යැයි පැවැසෙයි. ටෝනි ස්ටාක් හෙවත් අයන් මෑන්ගේ චරිතය මාවල් චිත්‍රපටවලට සමු දුන්නේ ‘ඇවෙන්ජර්ස්: එන්ඩ්ගේම්’ චිත්‍රපටයෙන් පසුවය. ඉන්පසු රොබට් ඩවුනි ජූනියර් කිසිදු…
චීනයේ ඇලුමිනියම් කම්හලක සිදුවුණු පිපිරීමකින් පස් දෙනෙක් මියගිය බවත්, 14 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, කම්හලේ හිමිකරුවන්ගෙන් පොලිසිය ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව වාර්තා වේ. පිපිරීමක් සමඟ ගින්නක් හටගත් අතර ගින්න නිවා දැමීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී ඇමෙරිකන් උප ජනාධිපතිනිය, ඊශ්‍රායල අග්‍රාමාත්‍යරයාට පළ කළේ කඩිනමින් සටන් විරාමයකට ගොස්, ගාසා තීරයේ සටන් නැවැත්වීමට පියවර ගන්නා ලෙසය. ‘හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේදී පලස්තීන සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය වෙනවා. කාන්තාවන් දරුවන් ඝාතනය වෙනවා. තව දුරටත් ඇමෙරිකාවට නිහඬව බලා සිටින්න බැහැ’ යැයි උප ජනාධිපතිනි කමලා හැරිස්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හමුවේ පෙන්වා දුන්නාය. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
2024 වර්ෂයට අදාළ ජනපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා. ඒ අනුව අද සිට ලබන මස 14 වනදා දක්වා සෙනසුරාදා හා ඉරිදා දින හැර අනෙකුත් දිනවල උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකියි. අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකු වන අවස්ථාවක වලංගු මුදලින් රුපියල් 50,000 ක මුදලක් තැම්පත් කළ යුතු බවයි සඳහන් වෙන්නේ. එසේම අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් හෝ නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක වලංගු මුදලින් රුපියල් 75,000 ක් තැම්පත් කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත්…
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ජාතිය ඇමැතුවේය. ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වී, උප ජනාධිපතිනී කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කිරීමෙන් පසු ජනාධිපති ජෝ බයිඩන් ජාතිය ඇමතුවේ පළමු වරටය. ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට, රූපවාහිනිය ඔස්සේ, බයිඩන් ජාතිය අමතමින් කියා සිටියේ, තමන් ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වූයේ, තමන් නිසා තම ඩිමොක්‍රටික් පක්ෂයේ බෙදීමක් ඇති වීම වැළැක්වීමට බවය. තමන් උප ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළ උප ජනාධිපතිනී කමලා හැරිස්ට සහයෝගය දක්වන මෙන්, ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකන් ජනතාව අමතමින් ඉල්ලීමක් ද කළේය. ජෝ බයිඩන් 81 හැවිරිදි වියෙහි පසුවෙයි. ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වුණු වයස්ගතම ජනාධිපතිවරයා වන්නේ බයිඩන්ය. බයිඩන්ගේ පළමු ධුර…