Author: Buzzer Editorial

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීමට අදාළ යෝජනාව මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා පවසයි. එවැනි සංශෝධනයක් සිදුකිරීම සඳහා මෙතෙක් කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති පසුබිමක, ආණ්ඩුව ගෙන යන මෙම වැඩපිළිවෙළ පිටුපස බරපතළ ගැටලුවක් පවතින බව මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත. මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හේතුව හෝ එහි පදනම කුමක්ද යන්න අද වනතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත්, කිසිදු පාර්ලිමේන්තු කමිටුවක මේ පිළිබඳව සාකච්ඡා වී නොමැති බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය. කිසිවෙකුත් ඉල්ලා නොමැති මෙවැනි යෝජනාවක් පිටුපස සැඟවුණු දේශපාලන අරමුණක් පවතින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා,…

Read More

Two more prison guards have succumbed to their injuries while receiving treatment at the National Hospital in Colombo, raising the death toll from the violent clash at Negombo Prison to 31. According to Police, the latest fatalities bring the total number of deaths to 31, including 10 prison officers. Police said that the two prison officers succumbed yesterday (13) and in the early hours of today (14) while receiving treatment. The deceased have been identified as two prison officers aged 25 and 39, police stated. Police further stated that 21 inmates also lost their lives during the clashes that took…

Read More

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ළංවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව ඊයේ (13) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 69,951ක් වාර්තා වී ඇති බවද එම ඒකකය සඳහන් කළේය. එමෙන්ම පසුගිය 12 වැනි දින වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය 68,672ක් වන අතර ඒ අනුව ඊයේ (13) දිනට පමණක් රෝගීන් 1,279ක් වාර්තා වී ඇත. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 36,795ක් ලෙස සටහන් වී තිබේ. එමෙන්ම බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර…

Read More

දොම්පේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සමගම සැකකරු සතුව තිබී ජීව පතොරම් 20ක්, බිම් බෝම්බ 03ක් සහ කඩු පහක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ලබන ජූලි 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය. වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ සැකකරු අද දින මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර, නඩුව මඩකලපුව මහෙස්ත්‍රාත් විනිසුරු ඒ. දර්ශිනි මහත්මිය ඉදිරියේ විභාගයට ගැණුනි. 2008 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදු වූ මිනීමැරුම් පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුවකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇත. මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නම් කර තිබේ. කල්ලඩි ප්‍රදේශයේ සිදු වූ ඝාතන පහකට අදාළව…

Read More

දිවයිනේ වයස්ගතම කාන්තාව ලෙස නම් දරා සිටි රැඹෑව, සංගිලිකනදරාව ප්‍රදේශයේ පදිංචිව සිටි පුංචාගේ කලුමැණිකා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. 1912 වසරේ ජූලි 4වැනිදා උපත ලබා ඇති අතර, මිය යන විට වයස අවුරුදු 114ක් වූවාය. දරුවන් 12 දෙනෙකුගේ මවක වන ඇයට මුණුබුරු මිණිබිරියන් 325ක පිරිසක් සියසින් දැකගැනීමට වාසනාව හිමිව තිබුණි.

Read More

2016 වසරේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුලු සැකකරුවන් 06දෙනෙකුට එරෙහිව ගොනු ඇති නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 21වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම නඩුකරය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී සැකාකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ විමල් වීරවංශ මහතා අසනීප තත්ත්වයකින් පසුවන වන බවත් ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් ය. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම…

Read More

සුඛෝපභෝගී මෝටර් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තරුණ යුවළක් පොළොන්නරුව, 28 කණුව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 සහ 22 වියේ පසුවන තරුණයෙකු සහ තරුණියක් වන අතර ඔවුන් කටාන සහ කුලියාපිටිය ප්‍රදේශයන්හි පදිංචි අය බව සඳහන් වේ. ලැබුණු රහසිගත තොරතුරකට අනුව පොළොන්නරුව දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇත. එහිදී සැකකාර තරුණයා සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 27ක් සහ තරුණිය සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 6,310ක්ද සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසීය. එමෙන්ම ඔවුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන මෝටර් රථය ද පොලිසිය සිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන්…

Read More

නවසීලන්ත ජාතික ප්‍රවීණ රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ. “ජුරාසික් පාර්ක්” (Jurassic Park) චිත්‍රපට මාලාවට රංගනයෙන් දායකවීමෙන් වඩාත් ප්‍රසිද්ධියට පත්වූ ඔහු මියයන විට ඔහු 78 වැනි වියේ පසු වූ බව සඳහන්. මොහු ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ආචාර්ය ඇලන් ග්‍රාන්ට්ගේ චරිතය නිරූපණය කර ඇති අතර ඒ වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියට ද පත් ව ඇත. සෑම් නීල් ලේ පිළිකාවක් හේතුවෙන් වසර 5ක සිට ප්‍රතිකාර ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

Read More

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, ඔටිසම් (Autism) සහ අනෙකුත් ස්නායු ආබාධ සහිත දරුවන්ට සාමාන්‍ය පෙර පාසල් දරුවන් සමගම එක්ව ඉගෙනීමට අවස්ථාව සලසා දීමේ විශේෂ වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ව සමාජයෙන් වෙන්කොට වෙන වෙනම ඉගැන්වීමේ පැරණි ක්‍රමය අත්හැරීමට රජය තීරණය කර ඇති බවය. මේ වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා එක්ව නව ඒකාබද්ධ වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර තිබේ. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට වෛද්‍ය උපදෙස් සහිතව ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපන ක්‍රමයක් වගේම…

Read More