- ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
- IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
- ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
- කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
- ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
- පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක්
- එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
- අද කාලගුණය
Author: Buzzer Editorial
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් දක්වා වැඩි විය හැකි බවය. එමෙන්ම එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද සඳහන් වේ. මේ අතර දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ වයඹ පළාත්වලත් මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ…
මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පෙර පාසල් දරුවන්ටද අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සරසවා පෙර පාසල් සඳහා යොමු කරන ලෙස දෙමව්පියන් වෙත දන්වන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසයි. අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මුල් ළමාවිය ජාතික සතිය සැමරීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් දරුවන්ට මදරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට අවසර ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණි. ඒ පාසල් ළමුන් අතර පැතිර යන ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් වන අතර ඒ අනුව අත්පා ආවරණය වන…
මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම් අද (13) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ අනුව මේ දිනවල වැඩිම වී අස්වනු නෙලන ප්‍රදේශ ආශ්‍රිතව වී ගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීම් ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේය. ඒ අනුව උතුරු නැගෙනහිර සහ අම්පාර යන ප්‍රදේශ ආශ්‍රිතව දැනට වී අස්වනු බහුල වශයෙන් නෙලීම ආරම්භ වී ඇති බැවින් එම ප්‍රදේශ ආශ්‍රිතව වී මිලදී ගැනීම් සිදු කරන බවද ඒ මහතා පැවසීය. මෙවර වී අලෙවි මණ්ඩලය වී මිලදී ගනු ලබන මිල ගණන් පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී නාඩු කිලෝ එකක් රුපියල් 120, සම්බා වී කිලෝවක් රුපියල් 130, කීරි…
විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශුරතාවය දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක යානික් සිනර් සමත් විය. ඒ ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වේරෙව් පරාජයට පත්කරමිනි. ඊයේ (12) පැවති අවසන් තරගයේදී යානික් විසින් ස්වේරෙව් 6ට 7ක්, 7ට 6, 6ට 3ක් සහ 6ට 4ක් ලෙස පරාජයට පත් කළේය. ඒ අනුව යානික් සින්නර් අඛණ්ඩව විම්බල්ඩන් ශුරතාවය දිනාගත් දෙවන අවස්ථාව මෙය වේ. ඔහු පසුගිය වසරේ පැවති තරගයේ දී මෙම ශුරතාවය දිනා ගනු ලැබුවේ එතෙක් වරස 148ක ඉතිහාසය තුළ විම්බල්ඩන් ශුරතාවය දිනා ගත් පළමු ඉතාලි ක්‍රීඩකයා බවට පත් වෙමිනි.
ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද (13) සිට යළි ආරම්භ වේ. ඩෙංගු සහ වෛරස් උණ රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම විශ්ව විද්‍යාලය පසුගිය 2 වැනිදා සිට සති දෙකකට ආසන්න කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී ආචාර්ය චානි ඉඹුල්ගොඩ මහත්මිය, “අපිට තාවකාලිකව අධ්‍යයන කටයුතු නවත්තන්න සිදු වුණා මේ පවතින ඩෙංගු උවදුරත් එක්ක. මං ඇත්තටම අපේ ආදරණීය සිසු දරු දැරියන්ගෙන් ඉල්ලා සිටිනවා, මේක ඔබගේ විශ්වවිද්‍යාලය. රජයේ මැදිහත් වීමෙන් දැන් අපි නැවත වතාවක් පිරිසිදු තත්ත්වයක් ඇති කරලා තියෙනවා, ඩෙංගු මර්ධනය කරලා තියෙනවා. ඉතින් ඔබගේත් වගකීම තමන්ගේ…
විශ්‍රාම වයස වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ලැබෙන බවත් මෙම ඉල්ලීම් සම්බන්ධව රජය සලකා බලමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඊයේ (12) පැවැති මීරිගම රෝහලේ වකුගඩුවල ගල් ඉවත් කිරීමේ නව ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ විවිධ වෘත්තිකයින් විසින් මේ සම්බන්ධව රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව මෙම ඉල්ලීම් සලකා බලා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවය. එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, “දැනටමත් විවිද වෘත්තිකයින්ගේ පැත්තෙන් ඉල්ලීම් ලැබිලා තියෙනවා. අභියාචනාධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ, මහාධිකරණයේ පමණක් නෙමෙයි…
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව ඊයේ (12) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 68,672ක් වාර්තා වී ඇති බවද එම ඒකකය සඳහන් කළේය. එමෙන්ම පසුගිය 11 වැනි දින සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය 68,071ක් වාර්තා වී ඇති අතර ඊයේ (12) දින වන විට එම රෝගීන් සංඛ්‍යාව 601කින් වැඩිවී තිබේ. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 36,118ක් ලෙස සටහන් වී තිබේ. එමෙන්ම බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන…
ඉරානය විසින් ගල්ෆ් කලාපයේ රටවලට එල්ල කරන ප්‍රහාර පුළුල් කිරීමත් සමඟ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහනයට තර්ජන එල්ල වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 2.34කින් හෙවත් 3.08%කින් ඉහළ ගොස් ඩොලර් 78.35ක් ලෙස සටහන්ව ඇත. එමෙන්ම WTI බොරතෙල් මිල ඩොලර් 2.21කින් හෙවත් 3.09%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 73.62ක් ලෙස සටහන්ව තිබේ. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය නිකුත් කළ මාසික වාර්තාවේ දැක්වෙන්නේ, ජූනි මාසයේදී ගෝලීය තෙල් සැපයුම දිනකට බැරල් මිලියන 4.1කින් ඉහළ ගියද, එය යුද්ධයට පෙර පැවති මට්ටමට වඩා දිනකට බැරල් මිලියන 9.4කින් අඩුවෙන් පවතින බවය. “සති අන්තයේදී තත්ත්වය වඩාත් උග්‍ර…
මීගමුව බන්ධනාගර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන් 8 දෙනාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් වීම් ලබාදී තිබේ. මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකයෙන් බන්ධනාගාර නිලධාරීන් 8දෙනෙක් හා රැඳවියන් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි. සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරුණු අතර ඒ අනුව මේ වනවිට විමර්ශන මීගමුව රෝහලේ හා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගෙන් හා රැඳවියන්ගේ ප්‍රකාශ ලබාගැනීම ආරම්භ කර තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නිලධාරීන් හා රැඳවියන් 29 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන්කරගෙන ඇත. ඒ අතර සිටින සියලුම රැඳවියන් කටුවැල්ලේගම සුරේෂ්ගේ පාර්ශ්වයෙන් පහරකෑමට ලක්වී ඇති බව පොලිසිය පවසයි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බන්ධනාගාර නිලධාරීන්ගෙන්ද මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති…
බස්නාහිර පළාතේ මදුරු කීට ඝනත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් එම නිසා ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි සති 2 අතිශය අවදානම් බවත් ඩෙංගු කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවයි. දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ දැනට සිදුවන ඩෙංගු ව්‍යාප්තියට අනුව මෙම තත්ත්වය 2017 වසරටත් වඩා අවදානම් වනු ඇති බවය. රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් බස්නාහිර පළාතේ රෝහල්වල ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති අතර, ඇතැම් රෝහල්වල එකම ඇඳෙහි රෝගීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු බැගින් රඳවා ප්‍රතිකාර කිරීමට සිදුව ඇති බවද ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය…

