- ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
- IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
- ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
- කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
- ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
- පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක්
- එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
- අද කාලගුණය
Author: Buzzer Editorial
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය මෙතරම් දුරදිග යෑමට හේතුව සිරකරුවන් පිළිබඳ තිබූ පූර්ව විශ්වාසය බව හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසයි. මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මේ බව පැවසීය. “ඉරිදා දවස වෙනකොට අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා රැඳවියන් දෙදෙනෙකු මිය යනවා. ඒක නිලධාරීන්ට ව්‍යාප්තවෙලා තිබුණේ නැහැ. පසුවදා උදේ අපේ නිලධාරීන් පිරිසක් සන්නද්ධ නොවී අර බන්ධනාගාරය ඇතුළට යනවා.” “මෙතන තිබුණු ලොකුම සහ ප්‍රධානම ප්‍රශ්නය තමයි සිරකරුවෙක් ගැන තිබුණු පූර්ව විශ්වාසය.” “මගේ බන්ධනාගාර ජීවිතය අවුරුදු 38කට ආසන්නයි. මං කවදාවත් මොන අවස්ථාවකවත් සිරකරුවෙකු විශ්වාස කරලා නැහැ.” “ඒක නිසා මං හිතනවා..අපේ නිලධාරීන්ට බරපතළ වැරැද්දක් වුණා. රැඳවියන් විශ්වාස කරලා බන්ධනාගාරය ඇතුළට ගිය…
සෘජු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වසරේ ගෙවුණු මුල් මාස 7 තුළ පමණක් වනඅලි මරණ 75ක් සිදුව ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වෙඩි තැබීම් හේතුවෙන් වන අලි මරණ 30ක් ද, අනවසර විදුලි රැහැන්වල ගැටීමෙන් මරණ 23ක්, හක්ක පටස් ආහාරයට ගැනීම හේතුවෙන් මරණ 19ක් සහ විශ ශරීරගත වීම් හේතුවෙන් වනඅලි මරණ 3ක් ද වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. එමෙන්ම ගත වූ කාලය තුළ දුම්රියේ ගැටීම් හේතුවෙන් වනඅලි මරණ 2ක් ද රථ වාහන අනතුරුවලින් මරණ 4ක්, වගා ලිංවලට වැටීමෙන් මරණ 6ක් මෙන්ම වෙනත් අනතුරු හේතුවෙන් වනඅලි මරණ 3ක් සිදුව තිබේ. ඒ අනුව සෘජු මිනිස් ක්‍රියාකාරකම්, අනතුරු සහ ස්වාභාවික හේතූන්…
ගෝඨාභය රාජපක්ෂ සමයේ ඉදිකළ කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි සුප්‍රසිද්ධ ඇවිදින මංතීරුව මේ වන විට අබලන් වී ඇති බවත් යමෙකුට බරපතළ අනතුරක් සිදු වීමට පෙර මේ පිළිබඳව සොයා බලන ලෙසත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටී. මීට වසර පහළොවකට පමණ පෙර ඉදි කරන ලද මෙම මංතීරුව කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචි බොහෝමයක් දෛනිකව භාවිත කරන බවද ඒ මහතා මෙහිදී සඳහන් කර ඇත. කෙසේ වෙතත්, වත්මන් නඩත්තු කටයුතු අඩාල වීම හේතුවෙන් මංතීරුවේ මතුපිට ගැලවී ගොස් තියුණු ගල් පොළොවෙන් ඉහළට නෙරා විත් ඇති බවත් වයෝවෘද්ධ පුද්ගලයින් මින් ඇද වැටී තුවාල ලැබීමේ දැඩි…
මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ලබන ඔක්තෝබර් මස 13 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (14) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය. මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. නඩු විභාගය ආරම්භයේදී අල්ලස් කොමිසම විසින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එමෙන්ම, මෙම විමර්ශනවල ඉදිරි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා තවදුරටත් දිනයක් ලබා දෙන ලෙස කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.…
වයඹ පළාතේ දෙවන වාර විභාගය පැවැත්වෙන දින සංශෝධනය වීම පිළිබඳ විශේෂ නිවේදනයක් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව හෙට (15) දිනයේ සිට ජුලි 20 වන දින දක්වා පැවැත්වීමට තිබූ විභාගයන් ජුලි මස 21 වන දින සිට ජුලි 24 වන දින දක්වා පැවැත්වීමට තීරණය කර ඇත. වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 6 – 9 ශ්‍රේණි සඳහා දෙවන වාර පරීක්‍ෂණය 2026.07.09 සිට 2026.07.17 දක්වාත්, 10 – 11 ශ්‍රේණි සඳහා දෙවන වාර පරීක්‍ෂණය 2026.07.09 සිට 2026.07.20 දක්වාත් පැවැත්වීමට සැලසුම්කර තිබුණි. කෙසේ වෙතත් සැලසුම් කළ පරිදි විභාග කටයුතු හෙට සිට 20 වන දින දක්වා පැවැත්වීමට අපහසු වන බැවින් වයඹ පළාත්…
පොලිස් රථවාහන කොට්ඨාසය මගින් යොමු කළ ආකාරය හැඟවෙන පරිදි ‘දඩ මුදල් ගෙවන ලෙසට’ ඔබේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණොත් ඒ පිළිබඳව වහාම ළඟම පොලිස් ස්ථානයට දැනුම්දෙන ලෙස පොලිසිය ජනතාවට දැනුම්දෙයි. රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා සඳහන් කළේ පොලිසිය විසින් කිසිවිටෙක එවැනි කෙටි පණිවුඩ නිකුත් නොකරන බවය. “ඔබ විසින් සිදුකරන ලද රථවාහන වැරදි කිහිපයක් සඳහා සතියක් ඇතුළත වහාම ලබාදී ඇති සබැඳියාව (web link) හරහා ගොස් අදාළ දඩ මුදල් ගෙවන ලෙසට පොලිස් රථවාහන කොට්ඨාසය මගින් යොමු කළ ආකාරය හැඟවෙන පරිදි ඔබගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් හෝ වෙනයම් අයුරකින් ව්‍යාජ කෙටි පණිවුඩයක් ලැබිලා ඇති.” “නමුත් එහෙම…
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යපාරිකයෙකු වන ගම්පහ ඔස්මන් හෙවත් ඔස්මන් ගුණසේකරගේ පුත්‍රයා විසින් ගොනු කොට තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසට සැප්තැම්බර් මස 03 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය බාල පටබැඳීගේ යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කර ඇත. ගම්පහ, ඉබුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි ෂෙහාන් ගුණසේකර මහතා විසින් ගොනුකොට තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ…
යේමනයේ හූති සංවිධානය විසින් සෞදි අරාබියේ අභා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. සෞදි අරාබිය විසින් යේමනයේ සනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව හූති සංවිධානය සඳහන් කර සිටී. මේ සමඟ සෞදි රාජධානිය සහ ඉරාන හිතවාදී මෙම සන්නද්ධ කණ්ඩායම අතර වසර හතරක් පුරා පැවති සටන් විරාමය බිඳ වැටී තිබේ. 2022 මාර්තු මාසයේදී සෞදි බලශක්ති යටිතල ව්‍යුහයන්ට හූති සංවිධානය එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව ඇති කරගත් සටන් විරාමයෙන් පසුව එම සංවිධානය විසින් සෞදියට එරෙහිව එල්ල කළ බවට වගකීම භාරගත් පළමු ප්‍රහාරය ද…
Travel And Tour World (TTW) ආයතනය විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ. එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය මෙක්සිකෝවට, දෙවැනි ස්ථානය ඉතාලියට, තෙවැනි ස්ථානය ස්පාඤ්ඤයට සහ 50 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත. ආහාර සංස්කෘතික උරුමය, ප්‍රාදේශීය ආහාර විවිධත්වය, වීදි ආහාර සංස්කෘතිය, දේශීය අමුද්‍රව්‍ය භාවිතය, උසස් මට්ටමේ ආහාරපාන, තිරසාරත්වය සහ සංචාරකයන්ට හිමිවන සුවිශේෂී ආහාර අත්දැකීම් ඇතුළු කරුණු පදනම් කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සකස් කර ඇති බව Travel And Tour World ආයතනය සඳහන් කරයි. ඒ අනුව යුරෝපය, ආසියා-පැසිෆික් කලාපය, අමෙරිකානු හා කැරිබියානු, අප්‍රිකාව සහ මැද පෙරදිග ඇතුළු…
ඉරානයට එරෙහිව දියත් කළ නවතම ප්‍රහාර මාලාව සාර්ථකව අවසන් කළ බව අමෙරිකානු හමුදාව පවසයි. අඛණ්ඩව තුන්වන දිනටත් එල්ල කළ ප්‍රහාරවලින් පසුව, බුෂෙහ්ර්, චා බහාර්, ජාස්ක්, කොනාරක්, අබු මූසා සහ බන්ඩර් අබ්බාස් යන ප්‍රදේශවල පිහිටි ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටී. අමෙරිකානු හමුදාව සඳහන් කර සිටින්නේ වාණිජ නැව් ගමනාගමනයට ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඇති හැකියාව තවදුරටත් දුර්වල කිරීම මෙම ප්‍රහාරවල අරමුණ වන බවය. මේ වන විට මැදපෙරදිග කලාපය පුරා 50,000කට අධික අමෙරිකානු සේවා නිලධාරීන් පිරිසක් යොදවා සිටින බව ද සඳහන්.

