Author: Buzzer Editorial

කටුනායක ගුවන්තොටුපොළෙන් කුවේට් වෙත සහ දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානා 02ක් මෙලෙස යුද්ධයට මැදිව ඇත්තේ, එම කලාපයේ පැවති යුදමය තත්ත්වය හමුවේ ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙනි. මේ නිසා එම කලාපයට ආසන්න ඉහළ අහසේ ශ්‍රීලන්කන් ගුවන්යානා පියාසර කරමින් සිට ඇති අතර, පසුව ආරක්ෂිතව ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමුවන් කටයුතු කර තිබුණි. අද (15) උදෑසන වනවිට එම ගුවන් යානා දෙක, යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය. ඊයේ (14) පස්වරු 5.10ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන ගුවන්යානය කුවේට් රාජ්‍යයේ සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතත්, රාත්‍රී 06.36ට ශ්‍රීලන්කන්…

Read More

මුහුණු පොත ඔස්සේ ප්‍රසිද්ධ කර වාහන විකුණා නැවත එම රථ මංකොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, යක්කල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙකි. රුපියල් ලක්ෂ හතලිහක් ගෙවා මිලදී ගත් වෑන් රථයක් ගිනි අවි රැගත් පිරිසක් විසින් මංකොල්ලකෑ බවට ජුලි මස පළමුවෙනිදා පොලිස්පති සහන මැදිරිය වෙතට පුද්ගලයෙකු විසින් පැමිණිල්ලක් සිදු කර තිබුණි. මේ පිළිබඳව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ විමර්ශන ආරම්භ කළහ. ඒ අනුව මෙම අපරාධයට බැලුම්මහර, මුදුන්ගොඩ ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවිසැලක හිමිකරුවෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පමණ සම්බන්ධ බවට අනාවරණය කරගෙන ඇත. එහිදී අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු…

Read More

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළ 2026 ජූලි මාසයේ දීමනා අද (15) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි. පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 1,012,812කට රුපියල් 9,357,346,250ක (රුපියල් බිලියන 9.36කට ආසන්න) මුදලක් අද බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය. එමෙන්ම, දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 211,647කට රුපියල් 2,468,250,000ක (රුපියල් බිලියන 2.47කට ආසන්න) මුදලක් ද අද දිනයේ අදාළ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව එම මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව, අද දිනයේ පමණක් අදියර දෙක යටතේ පවුල් 1,224,459කට රුපියල් 11,825,596,250ක (රුපියල් බිලියන 11.83කට ආසන්න) අස්වැසුම් ප්‍රතිලාභ මුදලක් ගෙවීමට නියමිතය.

Read More

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ. මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරක් මේ දක්වා ලැබී නොමැති අතර ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම භාරගැනීම හෝ නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සඳහනක් කර නොමැති බවද ඒ මහතා අද දෙරණ කළ විමසීමක දී පැවසීය. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, තමන් මෙසේ ඉල්ලා අස්වීමට ගත් තීරණය පෞද්ගලික හේතුවක් බවය. මහාචාර්ය සරත් අබේකෝන් මහතා පේරාදෙණිය විශ්වවිද්යාලයේ උප කුලපති වශයෙන්ද කලක් සේවය කළේය. මේ වන විට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරය ද හිස්ව පවතින අතර ඒ එම…

Read More

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 71,000ට ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව ඊයේ (14) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 71,235ක් වාර්තා වී ඇති බවත් ඩෙංගු මරණ 49ක් වාර්තා වී ඇති බවත් එම ඒකකය සඳහන් කළේය. ඊයේ (14) දිනට පමණක් රෝගීන් 1,284ක් වාර්තා වී ඇත. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 37,490ක් ලෙස සටහන් වී තිබේ. එමෙන්ම බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 14,736 ක් ලෙසද දැක්වේ. එමෙන්ම කොළඹ…

Read More

2026 පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය ගෝල 2-0කින් පරාජය කළ ස්පාඤ්ඤය, 2010 වසරෙන් පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ඩැලස් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ස්පාඤ්ඤය ආරම්භයේ සිටම පන්දුවේ පාලනය සියතට ගනිමින් ප්‍රංශයේ ප්‍රබල ප්‍රහාරක පෙළට අවස්ථා ලබා නොදුන්නේය. 22 වැනි මිනිත්තුවේදී මිකෙල් ඔයාර්සබාල් ලබාගත් දඬුවම් පහර ගෝලය ස්පාඤ්ඤයට පෙරමුණ ලබාදුන් අතර, 58 වැනි මිනිත්තුවේදී පේද්‍රෝ පෝරෝ දෙවැනි ගෝලය වාර්තා කරමින් ජයග්‍රහණය තහවුරු කළේය.

Read More

දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැණීම් කටයුතු සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අද (15) සනිටුහන් කෙරේ. දශක හයකට ආසන්න කාලයක් තිස්සේ සැලසුම් කළ මහවැලි මහ සැලැස්මේ ප්‍රධානතම අදියරක් වන උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතියේ කිලෝමීටර් 27.7ක් දිග යෝධ වාරි උමගෙහි අද ජනතා අයිතියට පත්කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදිකෙරෙන මෙම උමග දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමග ලෙස සැලකේ. නවීන Tunnel Boring Machine යන්ත්‍ර දෙකක් යොදාගෙන මහමීගස්වැව සහ කොදුරුවාව ප්‍රදේශවලින් එකවර ආරම්භ කළ කැණීම් කටයුතු අද පොළොව යටදී එකිනෙක හමුවීමත් සමඟ අවසන් වන අතර, ඉංජිනේරු ක්ෂේත්‍රයේ එය “Tunnel Breakthrough”…

Read More

ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවා තිබේ. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට ජුලි 12 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,217,956ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. මේ අතර ජුලි 01 වනදා සිටි 12 වනදා දක්වා පැමිණි සංචාරකයින් ගණන 71,383ක් බවද එම අධිකාරිය සඳහන් කර තිබේ. ජුලි මාසයේදී මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් අතුරින් වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංචාරකයින් ගණන 16,610ක් වේ. දෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එම අගය 7,296ක් ලෙසද සටහන් වී තිබේ. තෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් ඔස්ට්‍රේලියාවෙන්…

Read More

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම රජය තවදුරටත් අධ්‍යනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ඒ අනුව මේ ගැන කරුණු වාර්තා කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයට භාර දුන් බවය. ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවරයන්ට යොමුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, “ඊයේ අපි කැබිනට් මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කළා. එහිදී අපි කරුණු කීපයක් සැලකිල්ලට ගත්තා. එකක් තමයි…

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක්කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 17 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (14) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුර කරුණු දැක්වීම් සිදුකරනු ලැබීය. ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම් ලබන 17 වනදා දක්වා කල්තැබීමට ද අධිකරණය නියම කළේය.

Read More