Author: Buzzer Editorial

ටෙලිග්‍රාම් පණිවිඩ යැවීමේ යෙදුම අයත් ප්‍රධාන විධායක පවෙල් ඩුරොව් ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ පෞද්ගලික ජෙට් යානය පැරිසියට උතුරින් පිහිටි Le Bourget ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසු ඩුරොව් රඳවාගෙන සිටි බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේය. නිලධාරීන්ට අනුව 39 හැවිරිදි ප්‍රකෝටිපතියා ඔහුගේ යෙදුමට සම්බන්ධ වැරදි සඳහා වරෙන්තුවක් යටතේ අත්අඩංගුවට ගෙන ඇත. ඩුරෝව් රුසියාවේ උපත ලැබූ අතර ඩුබායි හි ජීවත් වේ. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ප්‍රංශයේ ද්විත්ව පුරවැසිභාවය දරයි. රුසියාව, යුක්රේනය සහ පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල ටෙලිග්‍රාම් පණිවිඩ යැවීමේ යෙදුම විශේෂයෙන් ජනප්‍රිය වේ. ඩුරොව්ව වීසින් පරිශීලක දත්ත ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව 2018 දී රුසියාවේ එම යෙදුම තහනම් කරන…

Read More

ගෙවිය යුතු බදු අයකර ගැනීම සඳහා බදු නොගෙවන්නන්ගේ බැංකු ගිණුම් අත්හිටුවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිවේදන 900ක් පමණ නිකුත් කර ඇති බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වාර්තා කර තිබේ. කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ රුපියල් බිලියන 978ක බදු නිදහස් කිරීම් සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් ආයතන විසින් රුපියල් ට්‍රිලියන 1කට අධික මුදලක් අයකර ගැනීමට නොහැකිවීම හේතුවෙන් භාණ්ඩාගාරයට දළ වශයෙන් රුපියල් ට්‍රිලියන 2ක පමණ සැළකිව යුතු පාඩුවක් සිදුවී ඇති බැවින් මෙම පියවර ගෙන ඇති බවයි. කෙසේවෙතත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යම් ප්‍රගතියක් පෙන්නුම් කර වසරේ මුල් භාගයේ දී…

Read More

ලකුණු 204 ක් ආරක්‍ෂාකර ගැනීමේ අභියෝගයකට මුහුණ දුන් නමුත් ධෛර්ය සම්පන්නව සිය අරමුණ කරා ඇදුණු ශ්‍රී ලංකා කණ්ඩායම, මැන්චෙස්ටර් නුවර ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (24 වැනිදා) තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත දෙවැනි ඉනිමේ කඩුලු 3 ක් බිම දමාගෙන තිබිණ. එහෙත් තේ පානයෙන් පසුව තරගයේ වාසිය තමන්ගෙන් ගිළිහී යාමට නොදුන් ජෝ රූට් (නොදැවී 62) සහ ජැමී ස්මිත් (39) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් එංගලන්තය කඩුලු 5 ක පහසු ජයක් කරා කැඳවාගෙන ගියහ. තරගයේ සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීම ලබාගත් මෙම ජයග්‍රහණයත් සමගින් එංගලන්තය තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ එහි ගුරුවරයකු ලෙස සේවය කළ බී.සිවලිංගම් මහතා මඩකලපුවේ අද (24) පැවති මහජන රැළියේ වේදිකාවට ගොඩවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට ආශීර්වාද කළේය. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දෙමළ මහජන විමුක්ති (ටී.එම්.වි.පි) පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය ශිවනේසර්තුරෙයි චන්ද්‍රකාන්ත් (පිල්ලෙයාන්) මහතා සංවිධානය කළ “පුලුවන් ශ්‍රී ලංකා” මහජන රැළිය ශිවානන්දා ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති අතර එහි පැමිණි සිවලිංගම් ගුරුතුමා මෙලෙස ජනාධිපතිවරයාට ආශීර්වාද කළේය. මේ වන විට විශ්‍රාම සුවයෙන් මඩකලපුව සිය නිවසේ පදිංචිව සිටින 98 වියැති බී. සිවලිංගම් මහතා සිය ශිෂ්‍යයකු වන රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවට පැමිණෙන බව සැලවීමෙන්…

Read More

මෙරට ප්‍රථම අගමැති ඩී.එස්.සේනානායකගේ මුණුපුරකු වන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරයකු වූ රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට රුක්මන් සේනානායක 76 වැනි වියේ පසුවිය. ඔහුගේ මාමා වන හිටපු අගමැති ඩඩ්ලි සේනානායකගේ හදිසි අභාවයෙන් පසු ඔහු සිය දේශපාලන ගමන ආරම්භ කළ අතර කුඩා කල සිටම ඔහුට දේශපාලනය කෙරෙහි දැඩි ඇල්මක් තිබු බව පැවසේ. ඔහු 1973 දී දැදිගම ආසනයෙන් තරඟ කර ජයග්‍රහණය කළ නමුත් වසර හතරකට පසු ඉල්ලා අස්වී තිබිණි. පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 1994 දී පාර්ලිමේන්තුවට පිවිසෙන තුරු දශකයකට ආසන්න කාලයක් දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටියේය. ඔහු පරිසර හා ස්වභාවික සම්පත් කැබිනට් ඇමැතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.…

Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එහි මධ්‍ය කමිටුව සඳහන් කළේ, කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවලින් එම පැමිණීලි ලැබී ඇති බවයි. බදු වර්ගවලට අදාළ බදු මුදල් රැස් කිරීමේදි දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු ගෙවන්නන් වෙත ගොස් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම්වලට පමණක් බදු මුදල් තැන්පත් කිරීමට උපදෙස් දෙන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මුදල් හෝ චෙක්පත් එකතු කිරීමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන්නේ නැහැ. ඒ අනුව වංචනික පුද්ගලයින් වෙත මුදල් ලබා නොදන ලෙසත් ඔවුන්…

Read More

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ යමින් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට මැතිවරණ කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 836කි. ඉන් 812 ක්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ලැබී තිබේ. මේ අතර, මැතිවරණ නිති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පොලිසියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 21 කි. ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 35 ක් පොලිසියට ලැබී ඇති අතර, පැමිණිලි 14 ක් ප්‍රචණ්ඩ ක්‍රියා ය. මේ අතර, මැතිවරණ නිරීක්ෂකයින් පවසන්නේ ජනාධිපතිවරණය ආශ්‍රිතව රාජ්‍ය දේපළ අවභාවිතය තවදුරටත් ඉහළ යමින් ඇති බවයි. ජනාධිපතිවරණය ආශ්‍රිතව පැෆ්රල් සංවිධායනයට පැමිණිලි 228 ක් හා ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයට පැමිණිලි 150 ක් ලැබී තිබේ. පැෆ්රල් සංවිධානයේ…

Read More

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම 2024.08.26 වන දා සිදුකරන බව එම කොමිසම පැවසීය. තැපැල් සලකුණු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා වෙන්කර ඇත්තේ සැප්තැම්බර් 4 වනදාය.

Read More

ස්වාධීන ජනාධිපති අපේක්ෂක අභාවප්‍රාප්ත මොහොමඩ් අයිදෘස් ඉල්ලියාස් මහතා වෙනුවට වෙනත් ආදේශකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ, මොහොඩ් අයිදෘස් ඉල්ලියාස් මහතා මිය ගිය බවට මරණ සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් ඉල්ලියාස් මහතා වෙනුවෙන් නාම යෝජනා පත්‍රයට අත්සන් කළ පුද්ගලයාට වෙනත් ආදේශකයෙකු නම් කිරීමට හැකියාව පවතින බවයි. ඒ සඳහා දින තුනක කාලයක් ලබා දී තිබේ. ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ, කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ මොහොඩ් අයිදෘස් ඉල්ලියාස් මහතාගේ ඡන්ද සලකුණ සහ නම මුද්‍රණය කර ඇති බැවින් එය වෙනස් නොවන බවයි. මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වැදීමට සිටි මොහොඩ් අයිදෘස් ඉල්ලියාස් මහතා පෙරේදා රාත්‍රියේ ආභාවප්‍රාප්ත…

Read More

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් නීති විරෝධීව ධීවර කටයුතුවල නිරතවු ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , නාවික හමුදාව පේදුරුතුඩුව මුහුදේ කළ වැටලීමකදී ය. ඔවුන් සමග ධීවර යාත්‍රාවක් ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස මේ වන විට කන්කසන්තුරට වරායට රැගෙන ආ බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.

Read More