මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් නීති විරෝධීව ධීවර කටයුතුවල නිරතවු ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ , නාවික හමුදාව පේදුරුතුඩුව මුහුදේ කළ වැටලීමකදී ය.
ඔවුන් සමග ධීවර යාත්‍රාවක් ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස මේ වන විට කන්කසන්තුරට වරායට රැගෙන ආ බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.


