Author: Buzzer Editorial

වෙඩිතැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී. පසුගිය අගෝස්තු 16 වන දින ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනිඅවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබුණි. එම සිදුවීම පිළිබඳ ශ්‍රී පුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර මේ වනවිට සැකකරුවෙකු හඳුනාගෙන ඇත. ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඉහත ඡායාරූපයේ සිටින සැකකරු පිළිබඳ විස්තරයක් වෙතොත් වහාම පොලීසිය දැනුවත් කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී. කන්දේ ලේකම්ලාගේ ගයාන් සුගතදාස නැමති අදාළ සැකකරු අංක 87, සමරුගම, අවිස්සාවේල්ල යන ලිපිනයේ පදිංචි ජාතික හැඳුනුම්පත් අංක 850220751V, 198502200751 දරණ අයෙකි. ඔහු ගැන තොරතුරක් වෙතොත් ස්ථානාධිපති – 071 859 1181හෝ…

Read More

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්… මන්ත්‍රී තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉවතට… බදු ක්‍රමයේ වෙනස්කම්… සියලුදෙනාට විශ්‍රාම වැටුපක්… අමාත්‍ය ධුර 25කට සීමා කිරීම… ප්‍රශස්ථ ජනමාධ්‍ය භාවිතයක්… සොරාගත් රාජ්‍ය වත්කම් අයකරගැනීමට ක්‍රමවේද… පොලීසියේ වැටුපට ලොකු වෙනසක්… ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”යනුවෙනි. එමගින් ඔවුන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීම තීරණාත්මක හා ප්‍රමුඛතම කාර්යක් ලෙස සලකා ඇති අතර, එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විද්‍යාව හා තාක්ෂණය සඳහා වැඩි ඉඩක් ලබා දී ඇත. රට තුළින් සොයාගත හැකි ස්වාභාවික සම්පත්, වෘත්තිය හා පුහුණු ශ්‍රම සම්පත්, ඛනිජ සම්පත්, තොරතුරු හා මෘදුකාංග තාක්ෂණය, සංචාරක කර්මාන්තය, කෘෂිකර්ම, සාගර සම්පත් මෙන්ම…

Read More

දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා ලංකාවේ කාන්තාවන්ටත් මේවන විට අවස්ථාව හිමිව තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, ඊයේ (25) දිනයේ දී ධීවර අංශයේ රැකියා අවස්ථාව හිමිවූ 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කොරියාව බලා පිටත්ව ගිය බවය. එම පිරිසට කාන්තාවන් තිදෙනෙකු ද ඇතුළත්ව ඇති අතර, දකුණු කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම රැකියා අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් තෝරා පත්කර ගැනීම සඳහා නාම යෝජනා භාර ගැනීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, අදාළ ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාරගැනීම අද (26) සිට සැප්තැම්බර් 11 වැනි දා මධ්‍යහන 12ක් දක්වා සිදු කෙරෙන බවයි. කෙසේ වෙතත් අගෝස්තු 31, සැප්තැම්බර් 01, 07 හා 8 යන සෙනසුරාදා හා ඉරිදා දිනවල එම කටයුතු සිදුනොවන බව ද මැතිවරණ කොමිසම පැවසීය. සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, නාම යෝජනා භාරගැනීම සැප්තැම්බර් 9 වැනි දා සිට සැප්තැම්බර් 12 වැනි දා මධ්‍යහන 12 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරෙන බවයි.

Read More

චීන යුද නෞකා තුනක් සහ ඉන්දීය යුද නෞකාවක් අද (26) කොළඹ වරායට පැමිණියේ ය . නිල සංචාරයක් සඳහා අද උදෑසන කොළඹ වරයාට පැමිණි චීන නාවුක හමුදාවට අයත් හී ෆෙයි, වූෂිෂාන් මහ ක්ලියාශාන්, යන නෞකා ත්‍රිත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්, නාවික හමුදා සම්ප්‍රදානුකූලව පිළිගනු ලැබීය. ඩිස්ට්‍රොයර් වර්ගයට අයත් හී ෆෙයි නෞකාව මීටර් 144.5 කින් යුක්තයි. දිගින් මීටර 210 ක් වන වූෂිෂාන් නෞකාව ලැන්ඩින් ෆ්ලැට්‍ෆෝම් ඩොක් වර්ගයට අයත්. ක්ලියාශාන් යුද නෞකාව ද දිගින් මීටර් 210 ක් වේ. දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා චීන නාවික කණ්ඩායම් සහභාගී වනු…

Read More

මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම තහනම් බවට මැතිවරණ කොමිෂන් සභාව සියලු අපේක්ෂකයන්ට දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායකගෙන් ලංකාදීපය කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ, රජයේ ගුවන් යානා මැතිවරණ කටයුතු සඳහා භාවිත කරන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතු බවයි. කෙසේවෙතත් මැතිවරණ නොවන වෙනත් රාජකාරී කටයුතු සඳහා ගුවන් යානා ලබාගත හැකි පුද්ගලයන්ට එවැනි කටයුතු සඳහා රජයේ ගුවන් යානා යොදාගැනීමට බාධාවක් නැති බව ද ඔහු සඳහන් කර ඇත. මේ අතර මැතිවරණ කටයුතු සඳහා ලංගම බස් රථ සහ දුම්රිය යොදා ගන්නේ නම් ඒ…

Read More

මෙවර ජනාධිපතිවරණයේදී කතෝලික ජනතාව ඡන්දය ලබා දිය යුතු ආකාරය පිළිබද දැනුවත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුලුව මගින් නිවේදනයක් නිකුත් කොට ඇත. එම නිවේදනය පහත දැක්වේ.

Read More

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් – ජාතික ජන බලවේගය 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවේ සජීවී විකාශය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ප්‍රතිවාදී අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාර දිසානායකට සජීව සංවාදයකට අභියෝග කළේය. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) නිලධාරීන් සමඟ සජීවී සාකච්ඡාවකට පැමිණ, ශ්‍රී ලංකාව IMF සමඟ අත්සන් කර ඇති ගිවිසුමට ඔවුන් යෝජනා කර ඇති සංශෝධනවලට ඔවුන් ප්‍රතිචාරය දක්වන්නේ කෙසේදැයි බලන්න යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. “ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය යන පක්ෂ දෙකම IMF සමඟ අත්සන් කළ ගිවිසුම සංශෝධනය කරන බව පවසා තිබෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සජීවී සාකච්ඡාවක් කර එම සංශෝධනවලට ප්‍රතිචාර දක්වන ආකාරය බලමු,” යැයි ජනාධිපති වික්‍රමසිංහ අද පැවැති එක්සත් ජාතික පක්ෂ සම්මේලනය අමතමින් කීවේය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කතෝලික රදගුරු සංගමය අතර හමුවක් කොළඹදී අද (25) පැවැත්වුණු අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. හැරල්ඩ් ඇන්තනි පෙරේරා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරුතුමන්,රදගුරු සම්මේලනයේ මහලේකම් දොන් ඇන්ටන් ජයකොඩි පියතුමන් ඇතුළු කතෝලික රදගුරු සම්මේලනයේ පියතුමන්ලා මෙම හමුවට සහභාගි වූහ. රටේ ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන, පාරිසරික සහ ආගමික කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. මෙහිදී රටේ ආර්ථිකය සහ ජනතාවගේ ජීවන වියදම් අභියෝගවලට මුහුණ දීම සඳහා රජය ක්‍රියාත්මක කරන සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා පියතුමන්ලා දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

Read More