Author: Buzzer Editorial

ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 වැනිදාට යෙදී තිබෙන නමුත් නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකම එම කාලසීමාවේදී පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. නවසීලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකම මුහුණ දී සිටින කාර්ය බහුල තරග සමය ඊට හේතුව වූවත් ජනාධිපතිවරණය පැවැත්වෙන 21 වැනිදා පළමු ටෙස්ට් තරගය සඳහා විවේක දිනයක් ලෙසින් වෙන්කර තිබේ. මෙම තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ 2023-25 ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් තරගාවලියකි. නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඇෆ්ඝනිස්තානු පිලට එරෙහිව ටෙස්ට් තරගයකට සහභාගි වීමෙන් පසුවය. නවසීලන්ත – ඇෆ්ඝනිස්තානු ටෙස්ට් තරගය සැප්තැම්බර් මස 9 වැනිදා සිට 13 වැනිදා…

Read More

යාවත්කාලීන නොකළ සියලුම රියදුරු බලපත්‍ර අවලංගු කරන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශයට අනුව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ එම කටකතා අසත්‍ය බව තහවුරු කර තිබේ. බලපත්‍ර මිලියන 2ක් සඳහා තොරතුරු යාවත්කාලීන කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට නියමිත බවත් වසර අවසාන වනවිට සම්පූර්ණ ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසා ඇත. “ලංකාවේ පළමු රියදුරු බලපත්‍රය නිකුත් කළේ 1960 ගණන්වල. එතැන් සිට ආසන්න වශයෙන් බලපත්ර මිලියනබලපත්‍ර12.3 ක් නිකුත් කර තිබෙනවා. 1960 ගණන්වල බලපත්‍රවල කල් ඉකුත්වන දිනයක් නොමැති අතර, ඒවා අලුත් කිරීමකින් තොරව දින නියමයක් නොමැතිව භාවිතා කිරීමට ඉඩ සලසයි.සැලසෙනවා. එහි…

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවරසහ නුවරඑළියදිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් වේ. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද එහි දැක්වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Read More

ලොව මෙතෙක් සොයා ගත් දෙවන විශාලතම දියමන්තිය අප්‍රිකා රාජ්‍යයක් වන බොට්ස්වානාවේ පතලකින් සොයාගෙන ඇත. කැරට් 2,492 ක දියමන්තියක් වන මෙය බොට්ස්වානා හි කැනේඩියානු පතල් සමාගමක් වන ලුකාරා ඩයමන්ඩ් කෝපරේෂන්ට අයත් පතලකින් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එය 1905 දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් කැරට් 3,106 Cullinan දියමන්තියට පසුව සොයා ගත් දෙවන විශාලතම දියමන්තිය ලෙස සැලකේ. බොට්ස්වානා රජය පැවසුවේ එය දකුණු අප්‍රිකානු ප්‍රාන්තයෙන් මෙතෙක් සොයා ගත් විශාලතම දියමන්තිය බවයි. මෙම දියමන්තියෙහි වටිනාකම හෝ එය මැණික් වලට කපා ගත හැකිද යන්න තවමත් ප්‍රකාශ කර නොමැත. මීට පෙර බොට්ස්වානා හි විශාලතම දියමන්ති සොයා ගැනීම වූයේ 2019 දී එම පතලෙන්ම සොයා…

Read More

නවගමුවේ පුරාණ ශ්‍රී පත්තිනි දේවාලයේ මහ පෙරහැර මංගල්‍ය හේතුවෙන් හෙට (24) සහ අනිද්දා (25) අවිස්සාවේල්ල – කොළඹ 143 පරණ පාරේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. ඒ අනුව පොලීසිය පැවසුවේ, එම මාර්ගය භාවිත කරන මහජනතාවට සහ රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. විකල්ප මාර්ග ඇතුළත් පොලිස් නිවේදනය පහතින්

Read More

ඊශ්‍රායලයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනවල සිය ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වන්නැයි ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ඒ, ඉදිරි දිනවල මැදපෙරදිග කලාපයේ ගැටුම් උත්සන්න වීමට හැකියාව පැවතීම හේතුවෙන් ය. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය හමුවේ නිරන්තරයෙන් තම ආරක්ෂාව පිළිබඳව අවදානය යොමු කරන ලෙසත්, අත්‍යවශ්‍ය කරුණකට හැර සේවා ස්ථානයෙන් පිටත්ව නොයන ලෙසත් ඔවුන්ට දැනුම් දී ඇති බවයි හදිසි අවස්ථාවක දී තම සේවා ස්ථානවල ඇති ආරක්ෂක කුටි භාවිත කරන ලෙස හා දින කීපයකට අවශ්‍ය ආහාර, ඖෂධ ගබඩා කර තබා ගන්නැයි ඔවුන්ට දැනුම් දුන් බවද තානාපතිවරයා ප්‍රකාශ කළේ ය. ඊශ්‍රායල් රජය ඇතිවිය හැකි ඕනෑම අවස්ථාවකට මුහුණදීම…

Read More

ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, ඉන්දියාව,නේපාලය,බංග්ලාදේශය, පකිස්ථානය, මාලදිවයින ඇතුළු රටවල් ඒ අතර වන බවයි. ඔවුන් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇතුළු සියලු කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු වාර්තාවක් ලබාදීමට නියමිත බවද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය‍. ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මේ වනවිටත් දිවයිනට පැමිණ තිබේ. මීට අමතරව ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂකයින් හා ආසියානු මැතිවරණ නිරික්ෂණ ජාලයේ නියෝජිතයින්ද දිවයිනට පැමිණෙන බව ඔහු ප්‍රකාශ කළේ ය‍. එම සංවිධාන කළ ඉල්ලීමකට අනුව මැතිවරණය නිරික්ෂණයට අවසරය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය‍.

Read More

E-Ticketසේවාව හරහා දුම්රිය ප්‍රවේශ පත් තම ජංගම දුරකතනයෙන් වෙන් කර ගැනීමේ පහසුකම් අද (23)සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ ඉඳිපොලගේ මහතා සඳහන් www.prawesha.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් සියලු දුම්රිය ගමන්වාරවල ප්‍රවේශ පත් වෙන් කරවා ගත හැකි බවයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අංගජන් රාමනාදන් හා සාරථී දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ. කොළඹ පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී අද(23) උදෑසන ජනාධිපතිවරයා හමුවෙමින් ඔවුන් සිය සහය පළ කළේ ය. අංගජන් රාමනාදන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අතර , සාරථි දුෂ්මන්ත මිත්‍රපාල මහතා පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබේ. පසුගිය මහ මැතිවරණයෙන් අංගජන් රාමනාදන් මහතා යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර , සාරථී දුෂ්මන්ත මිත්‍රපාල මහතා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

Read More

ජල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම සංශෝධනය පසුගිය 21වැනිදා සිට ක්‍රියාත්මක වන බව සඳහන්. අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

Read More