Author: Buzzer Editorial

අන්තර්ජාතික හවුල්කාර පාර්ශ්වවලට ආර්ථික ප්‍රතිසංස්කරණ හා මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි පෙන්වීමට ශ්‍රී ලංකා රජය උත්සාහ දරන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා විසින් නිකුත් කර ඇති ආසන්නතම වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ මූලික නිදහසට තවදුරටත් තර්ජන ඇතැයි, පෙන්වාදී තිබෙන බවද නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වාදෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ වාර්තාව උපුටා දක්වමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වාදෙන්නේ, 2022 වසරේදී ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව දෙගුණවී ඇති බවයි. මේ වනවිට ජන ගහණයෙන් තුනෙන් එකක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව, එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛනවලින් පෙන්වාදී ඇති බවද එම සංවිධානය වැඩිදුරටත් පෙන්වාදෙයි. ශ්‍රී ලංකාවේ…

Read More

සිංගප්පූරු ජාතිකයකු විසින් මෙරට පුද්ගලයින් දෙදෙනෙකු යොදවා පවත්වාගෙන ගිය නීති විරෝධී ව්‍යාජ විදේශීය මත්පැන් ස්කාගාරයක්, යුද හමුදා බුද්ධි අංශ තොරතුරක් මත බියගම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් වටලා පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (27) දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. දිගු කලක් තිස්සේ මෙම නීති විරෝධී ව්‍යාජ මත්පැන් නිෂ්පාදන ස්කාගාරය මහර කඩවත ප්‍රදේශයේ නිවසක් තුල පවත්වාගෙන ගොස් ඇති අතර යුද හමුදා බුද්ධි අංශය මගින් මෙම තොරතුරු අනාවරණය කර ගැනිමට සමත්ව ඇත.ඒ අනුව සුරාබදු නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු මෙයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු එම ව්‍යාජ මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ හා ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. මෙහිදී එම ස්කාගාරයේ තිබී ව්‍යාජ ලෙස…

Read More

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාෂික්ගේ පුත්‍රයා වන වන නදීන් බාෂික් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (28) උදෑසන ඩුබායි සිට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපළ අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියෙකු අනතුරට ලක්කර පළායාමේ චෝදනාවට නදීන් බාෂික් කටුනායකදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. නදීන් බාෂික් සහ අංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් ගමන් කළ වාහනය වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක්සිටි නිවාස සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ දී නැවැත්වීමට සංඥා කිරීමේදී රාජකාරි නියුතු විශේෂ කාර්ය බළකා නිලධාරියෙක් අනතුරට ලක්…

Read More

ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලයේ වත්මන් ලේකම් ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත්වී තිබේ. ජේ ෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසටය. 35 හැවිරිදි ඔහු දෙසැම්බර් 01 වනදා සිට අදාළ ධුරයේ කටයුතු කිරීමට නියමිතය. මේ වන විට එම තනතුරේ කටයුතු කරනු ලබන්නේ නවසීලන්ත ජාතික Greg Barclay ය.

Read More

ඉන්දීය මුහුදු සීමාව ආසන්නයේ කච්චතිව් මුහුදේදී අද අලුයම සිදු වූ මෙම අනතුරෙන් අනතුරටපත් ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන ඇත. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ ඒ අනුව යාත්‍රාව පෙරළීමෙන් අනතුරට ලක්ව සිටි තවත් ධීවරයන් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය බවය. ශ්‍රී ලංකාවට උතුරු දෙසින්, කච්චතිව් දූපතේ සිට නාවික සැතපුම් 08 ක් පමණ (කිලෝ මීටර් 14 ක් පමණ) දුරින් වූ ඉන්දීය මුහුදු කලාපයේදී මෙම අනතුර සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින්, ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීමද සිදුකෙරිණි.

Read More

ශ්‍රී ලංකාවේ ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීම සම්බන්ධයෙන් එවකට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව 2024-05-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලදී. එහිදී අදාළ සියලුම පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ සංකල්ප පත්‍රිකාව තවදුරටත් විශ්ලේෂණය කිරීම යෝග්‍ය බවට තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, ඉඩම්, වනජීවී හා වන සංරක්ෂණ, පරිසර සහ මුදල් යන විෂයයන් පැවරී ඇති අමාත්‍යාංශවල නිලධාරීන්, නීතිපති දෙපාර්‌තමේන්තුවේ නිලධාරීන් සහ නීති…

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. පක්ෂ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාට ලිපියක් යොමු කරමින් හෙතෙම මේ බව දැනුම් දී ඇත. වර්තමාන දේශපාලන තත්ත්වය තුළ සාකච්ඡා කළ පරිදි ඉලක්කයන් වෙත ගමන් කිරීම සඳහා කරන ලද සැලසුම් වලට වාසුදේව නානායක්කාර මහතාගේ සමකාලීන ඇතැම් පක්ෂ සාමාජිකයන් අකමැත්ත දැක්වීම සහ පසුගාමී බව මෙම තීරණය ගැනීමට හේතු සාධක වූ බව අදාළ ලිපියේ සඳහන් කර ඇත. එමෙන්ම ජනාධිපතිවරණය සඳහා ඇති කරගත් එකඟතාව පසුව වෙනස් වීම තමා දැඩි කැළඹීමට පත්වූ බවත්, පක්ෂය විසින් අවසන් තීන්දුවක් ගෙන තිබියදී භාහිර පුද්ගලයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධව සාකච්ඡා හෝ…

Read More

පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට පත්වූ ඡන්දදායකයකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි පරිදි නීති ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසම පවසයි. එහෙත් එම කැටුව යන සහායකයා වයස අවුරුදු 18 ට සම්පූර්ණ වූ අයකු වියයුතු අතර එසේම ඔහු මෙම ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් නොවන්නකු විය යුතුය. එමෙන්ම එම සහායකයා මෙම ඡන්ද විමසීමේදී යම් අපේක්ෂකයෙකුගේ බලයලත් නියෝජිතයෙකු, ප්‍රාදේශීය නියෝජිතයකු හෝ ඡන්දපොළ නියෝජිතයකු වශයෙන් කටයුතු නොකරන්නකු විය යුතු බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. යම් ඡන්ද දායකයකු සහායකයකු කැටුව යාම සඳහා ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ පනතේ පස්වන උපලේඛනයෙන් හඳුන්වා දී ඇති යෝග්‍යතා සහතිකයක් …

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඕනෑම අවස්ථාවක ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සජීවී වීඩියෝ විවාදයකට එන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය. රටේ ආර්ථික අර්බුදය හඳුනා ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතු යැයි මුලින්ම ඉල්ලීම් කලේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය බවත් මහලේකම්වරයා සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණි සෑම අවස්ථාවකදීම විපක්ෂ නායකවරයා සහ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුව මුණ ගැසී සාමාන්‍ය ජනතාවගේ ජිවිතයට බලපාන කොන්දේසි සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා ඉදිරිපත් කර…

Read More

ධීවර රාජ්‍ය අමාත්‍යවරයා යටතේ ගැසට් කොට තිබෙන ආයතන හතරක වගකීම් වලින් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඉවත් වී තිබේ. ධීවර සංස්ථාවේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් සහ ධීවර ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ක්‍රියා කිරීමෙිදී බාධා එලවීම නිසා මෙම පියවර ගත් බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ලංකාදීපයට පැවසීය. ඒ අනුව ධීවර රාජ්‍ය අමාත්‍යවරයා යටතේ තිබූ ලංකා ධීවර සංස්ථාව,නාරා ආයතනය,සීනෝර් ආයතනය, නෝර්ත් සී යන ආයතන වල වගකීම් වලින් ඉවත්වූ බව පියල් නිශාන්ත මහතා සඳහන් කළේය. තමා ඉහත ආයතන හතරේ වගකීම් වලින් ඉවත් වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ධීවර අමාත්‍යාංශයේ සෙසු වැඩ කටයුතු වලට උපරිම සහයෝගය ලබා දෙන…

Read More