Author: Buzzer Editorial

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේ බෙල්ලන්විල දී මැලේසියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණි. 24 හැවිරිදි ඇය සතුව තිබී කොකේන් කිලෝ 3ක් ද හමුවී තිබේ. එහි දළ වටිනාකම රුපියල් කෝටි 11ක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත එම කාන්තාවගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරන බව වාර්තා වේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති සහ අධ්‍යක්ෂවරයා එහි පරීක්ෂණ කටයුතු අධීක්ෂණය කරයි.

Read More

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (30 වැනිදා) එංගලන්ත කණ්ඩායම ලකුණු 427 කට දැවී ගියේය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ නමුත් එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් (143) සහ ගස් ඇට්කින්සන් (118) ශතක ලබාගනිද්දී අසිත ප්‍රනාන්දු ලකුණු 102 කට කඩුලු 5 ක් දවාගත්තේය. ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයදී කඩුලු 5 ක් දවාගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා අසිත ප්‍රනාන්දුය. එවන් දස්කමක් කළ පළමුවැනි ශ්‍රී ලාංකිකයා වූයේ 1991 දී ලකුණු 69 කට කඩුලු 5 ක් දවාගත් රුමේෂ් රත්නායකය. මිඞ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන ගස් ඇට්කින්සන් කණ්ඩායමට එක්වූයේ වේග පන්දු යවන්නකු…

Read More

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගබඩාවේ භාණ්ඩ භාරකාරවරයා ලබන 04 දින දක්වා රහස් පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (30) නියෝග කළේය. අධිකරණ භාරයේ තිබූ හෙරොයින් පාර්සල් දෙකක් අස්ථානගත කිරීම තුළින් රජයේ දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.

Read More

දෙහිඅත්තකණ්ඩිය, සේරුපිටිය ප්‍රදේශයේ තරුණයෙකුට තියුණු ආයුධයකින් පහර දී අද (30) උදෑසන ඝාතනය කර තිබේ. තරුණයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර කාන්තාවකට තුවාල සිදුකර රෝහල් ගත කර ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබුණි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 24 හැවිරිදි සේරුපිටිය, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පියා විසින් තම පුතා සහ ලේලියට තියුණු ආයුධයකින් පහරදී මෙම අපරාධය සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පොළොන්නරුව රෝහලට යොමු කර…

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය දැවැන්ත පහළ යෑමක් වාර්තා කර තිබේ. ඒ අනුව 2024 ජූලි මාසයේ දී වාර්තා වූ 2.4% සිට අගෝස්තු මාසයේ දී 0.5%ක් දක්වා පහළ වැටී ඇත. මෙහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 ජුලි මාසයේ පැවති 1.5% සිට 2024 අගෝස්තු මාසයේ දී 0.8%ක් දක්වා පහළ ගොස් තිබේ. ආහාර නොවන උද්ධමනය පූර්ව මාසයේ දී පැවති 2.8% මට්ටමේ සිට 2024 අගෝස්තු මාසයේ දී 0.4%ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් ඇත.

Read More

කාන්තා ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස ඔස්ට්‍රේලියාවේ සේවය කරන හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට එරෙහිව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් පරීක්ෂණයක් ආරම්භකර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවල සඳහන් වන්නේ සමරවීර ට එරෙහිව “ක්‍රීඩිකාවකට බරපතළ විෂමාචාරයක්” සිදුකළ බවට චෝදනා එල්ලවී තිබුණි. එය අතීතයේ සිදුවී ඇති සිද්ධියක් බවද සඳහන් ය. 1993 – 95 කාලසීමාවේදී සමරවීර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 7ක් සහ එක්දින තරග 5ක් ක්‍රීඩා කළේය. දැනට 52 හැවිරිදි වියේ පසුවන ඔහු වසර 10ක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරයි. ඔහු වික්ටෝරියා ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කළේය. ඉන්දීය කාන්තා ‘A’ කණ්ඩායම සමග පැවැත්වීමට…

Read More

කාසියේ වාසිය දිනාගත් ධනංජය ද සිල්වා ලෝඩ්ස් පිටියම මවිත කරමින් පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් පළමු හෝරාවේදීම තම අරමුණ සාක්ෂාත් කරගත්තේය. එතැනින් නොනැවතුණු ශ්‍රී ලංකා නායකයා දිවා ආහාරයට පෙර යැවුණු ඕවර 24 කදී ලකුණු 97 කට එංගලන්තයේ කඩුලු 3 ක් බිම දමාගෙන තිබුණද, සිය පිතිහරඹ සංදර්ශනය නතර නොකළ ජෝ රූට් ශ්‍රී ලංකාවට එරෙහිව පස්වැනි ටෙස්ට් ශතකයත් සම්පූර්ණ කළේය. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (29 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 358 ක් ලබා සිටියේය. එංගලන්ත ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ ජෝ රූට්, අද…

Read More

සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි දෙවැනි වෙඩික්කරු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරුව පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.මෙම පුද්ගලයින් දෙදෙනා පානදුර පිංවත්ත ප්‍රදේශයේ බස් නැවතුම්පොළක් අසල රැඳී සිටින බවට පානදුර කොට්ඨාසය භාර ජ්‍යේෂඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මත ඊයේ (28) රාත්‍රියේදී අත්අඩංගුවට ගැනුණි. ඔවුන්ගෙන් අයෙක් 32 හැවිරිදි සජිත් ශ්‍රියන්ත ද සිල්වා හෙවත් ‘පොඩි බලයා’  සහ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරු වූ 29 හැවිරිදි මදුශංඛ ද සිල්වා නොහොත් ‘බහිරවයා’නම් දෙදෙනාය.සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, පොලීසිය මාධ්‍ය හරහා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පැතීමත් සමග තමන්ට සැඟව සිටීමට තැනක් නොතිබූ බවය.ක්ලබ් වසන්ත ඝාතනයට ආසන්න දිනකදී…

Read More

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට අදහස් කර තිබෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ අද (29) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව අනාවරණය කළේය. ඒ අනුව හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක දීමනාව ලබන ජනවාරි මස සිට ඔවුන්ගේ මාසික වේතනයට එක් කිරීමට නියමිතව ඇත. එමගින් හමුදා සාමාජිකයින්ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වන බවත්, ඒ ඔස්සේ මූල්‍ය විනිවිද භාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read More

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පෙළගැස්ම ප්‍රධාන කොටස් 5ක් යටතේ කරුණු ගොනු කර තිබේ. ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන් වෙත පිළිගැන්වීය. සැප්තැම්බර් 04 වනදා ප්‍රතිපත්ති ප්‍රකාශය ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව වෙත නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතය. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු පහතින් දැක්වෙයි. ණය අර්බුදය කළමනාකරණය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල… ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම ප්‍රකාර රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කරමින් ආදායම්, ප්‍රාථමික ගිණුමේ ශේෂය සහ ණය ආශ්‍රිත ඉලක්ක සපුරාලීම සඳහා දුෂ්කර නමුත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු නොකඩවා සිදු කරන්නෙමු. කාන්තාවන් සහ ළමුන් සවිබලගැන්වීම… සෑම ග‍්‍රාම…

Read More