- ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
- අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
- ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
- විරෝධතා රැල්ලෙන් පසු යුක්රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
- මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
- දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
- ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ
- ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී දැනුවත් කරලා – ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා
Author: Buzzer Editorial
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනට එංගලන්තයේ පිහිටි ලෝඩ්ස් පිටියේ සීනුව නාද කිරීමේ අවස්ථාව අද (29) හිමිවුණා. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටේස්ට් තරගය ආරම්භයේදී එම අවස්ථාව මහේල ජයවර්ධනට හිමි වූ අතර එම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියා. ලෝඩ්ස් පිටියේදී එසේ සීනුව නාද කිරීමේ ඵෛතිහාසික අවස්ථාව හිමි කර ගත් 8 වැනි ශ්‍රී ලාංකිකයා ලෙසට මහේල ජයවර්ධන ඉතිහාසගතවනවා. මීට පෙර, මාවන් අතපත්තු, චමින්ද වාස්, සිදත් වෙත්තමුණි, අර්ජුන රණතුංග , කුෂි ගුණසේකර සහ කුමාර් සංගක්කාර එම අවස්ථාව හිමි කරගෙන තිබෙනවා.
2024 අගෝස්තු මස 26 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහුනෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (අගෝස්තු 29) දිවයිනෙන් පිටත්ව ගිය අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි. මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව එම අභ්‍යාසය නිමාවට පත්විය. එමෙන්ම, ‘INS Mumbai’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් සඳහා මෙන්ම දිවයිනේ වැදගත්…
ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලයිතිව් දූපත්වල ඉන්දීය මුදල් ආධාර යටතේ හබ්‍රිඩ් විදුලිබල ව්‍යාපෘති ඉදිකිරීමට නියමිත ය. ඊට අදාළ පළමු වාරිකය ඉන්දියාව විසින් නිල වශයෙන් ඊයේ (28) භාරදුනි. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ එය මෙරට සිටිං ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ෂා විසින් විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල වෙත භාරදී තිබුණි. මෙම ව්‍යාපෘති සඳහා අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2022 වසරේ මාර්තු මාසයේදී අත්සන් තැබීය. එහි කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ යූ සෝලා ක්ලීන් එනර්ජි සමාගම අතර 2024 මාර්තු 01 වනදා අත්සන් කෙරුණි. මෙම ව්‍යාපෘති…
මට අනුව නම් අනුර දිනිය යුතුය.මම 2019 දී ගෝඨාභය දිනිය යුතු බව කී අතර ඒකට හේතුව ලෙස සමස්ත සමාජයට ආවරණය කරගෙන පාලනයේ ඉන්න අය තිරය යට ගෙනියන සෙල්ලම මහා සමාජයට නිරාවරණය කළහැක්කේ ගෝඨාභය රාජපක්ෂ හෝ සරත් ෆොන්සේකා වැනි දේශපාලන අත්දැකීම් නැති, වහන්නට නොදන්නා, සිවිල් සමාජයේ සර්වයිවල් එක වන අනිකා රැවටීමේ ටෙක්නික්ස් නොදන්නා නාසිස්ටික් උද්ධච්ච මිනිහෙකුට බවත් එවැනි පාලකයෙක් රටම ගිනිතියන බවත් ඒ ගින්නෙන් අළුත් රටක් උපදින බවත් මම 2019යේම කිව්වෙමි. මේවා කෙලවුණාට පස්සේ ගහන බයිලා නොවේය. https://www.facebook.com/share/p/wtaAcfin2YWxW3aa කී පරිදිම ඒක එහෙමම උණේය. ගෝඨාභය මහත්තයා නිසා අවුරුදු ගාණක් අපෙන් වහගෙන බැලන්ස් කරගෙන උන් ආර්ථික කෝලම මහජනතාවට නිරාවරණය උනේය. මුං මේ සහන…
කතා කරමින් තර්ක කරමින් සිට රටේ අනාගතය බිඳගන්නවාද? නැතිනම් රටට අනාගතයක් ලබාදීම සඳහා වැඩ කරනවාදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුළුවන් ශ්‍රී ලංකා ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් අද පැවසීය. පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියේ මූලික අරමුණ වහා ක්‍රියාත්මක වීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයාගේ “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මීට මොහොතකට පෙර සිදු කෙරිණි. ජනාධිපතිවරයා තරුණ පරපුරේ අනාගතේ ගොඩනැගීම සංකේතවත් කරමින් මුලින්ම තරුණ පරපුර වෙත ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වූ අතර තම දේශනය කරන විටද තරුණ පරපුරට වේදිකාවට ආරාධනා කළේය. බෞද්ධ ඇතුළු සර්ව ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය පැවැත්විණි. අර්බුදයක් මැද සිටින රටේ…
මිනීමැරුම් , කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 33 හැවිරිදි විතානගේ දොන් ගීත්මාල් බිනෝයි දිල්ෂාන් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ගොස් අත් අඩංගුවට ගෙන අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි . මොහු මතුගම ශාන් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකගේ ප්‍රධානතම ගෝලයා බව සදහන් වේ . අද අලුයම 05.05 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූණි . කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් මෙම ගුවන් යානය වෙත ගොස් මෙම අපරාධ කල්ලි…
එංගලන්තය සමග ලන්ඩන් නුවර සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29)ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම්කර තිබේ. එහිදී කුසල් මෙන්ඩිස් සහ විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමින් ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට පැතුම් නිශ්ශංක සහ ලහිරු කුමාර නම් කිරීමට කටයුතු කර ඇත. ඇගිල්ලේ අබාධයකට ලක්වීම මත පිතිකරුවකු ලෙස පමණක් දිනේෂ් චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අතර කඩුලු රැකීමේ වගකීම නිෂාන් මධුෂ්කට ලබාදී තිබේ. මෙම නම්කිරීමත් සමග, 2022 ජුලි මස ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව පැතුම් නිශ්ශංකට අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසිමට අවස්ථාව හිමිව ඇත. දෙරට අතර තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළේය.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වී ඇති බව හෙළි වී ඇත. මහාධිකරණ නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු මෙම හෙරොයින් තොගය රජයේ රස පරීක්‍ෂවරයාට ඉදිරිපත් කිරීමට බව පවසා රහස් පොලිසස් නිලධාරියකු වශයෙන් පෙනී සිටි පුද්ගලයකු විසින් රැගෙන ගොස් ඇති බව හෙළි වීම නිසා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියේ අධක්‍ෂවරයාට අද නියම කළේය. රහස් පොලිසියෙන් යැයි පවසමින් අදළ හෙරොයින් තොගය රැගෙන ගිය බව කියන ‘තරිඳු යෝෂිත’ නමැත්තා…
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදැක්වීමට නියමිතව තිබේ. අද පෙරවරුවේ කොළඹ දී විශේෂ උත්සවයක් පවත්වමින් එම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතය. එම අවස්ථාව සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට එක්ව සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බව වාර්තා වේ. මේ අතර සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද අද දිනයේ එළිදැක්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පළමුව මහනායක හිමිවරුන් වෙත පිළිගැන්වීමට සැලසුම් කර ඇති බවය.
‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධියට සම්බන්ධ දෙවැනි වෙඩික්කරු සහ මෝටර් රථ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් ව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ පානදුර පින්වත්ත ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල නාගොඩ සහ අහුංගල්ල ප්‍රදේශ වල පදිංචිව 29 සහ 32 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලීසිය වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.

