Author: Buzzer Editorial

ශ්‍රී ලංකා නාවික හමුදාව; පොලීසි හා එක්ව 2024 සැප්තැම්බර් මස 01වන දින කල්පිටිය කුරිඤ්ඤපිඩ්ඩි සහ සින්නකොඩිරුප්පුව ප්‍රදේශයන්හි සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකක් (01) සමඟ සැකකරුවෙකු (01) සහ කැබ් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.    ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය‍, පුත්තලම පොලිස් අපරාධ අංශය හා එක්ව 2024සැප්තැම්බර් මස 01 වන දින කල්පිටිය කුරිඤ්ඤපිඩ්ඩි සහ සින්නකොඩිරුප්පුව ප්‍රදේශයන්හි සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, කුරිඤ්ඤපිඩ්ඩි ප්‍රදේශයේ තිබූ සැකකටයුතු කැබ් රථයක් පරීක්‍ෂවට ලක් කෙරිණි. එහිදී එම කැබ් රථයේ තිබී අලෙවි කිරීමට සූදානම් කළ කේරළ ගංජා ග්‍රෑම් 800 ක පමණ තොගයක්, සමඟ එම කැබ් රථය (01) සහ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි. අනතුරුව, සින්නකොඩිරුප්පුව ප්‍රදේශයේ පිහිටි එම සැකකරුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී කේරළ ගංජා ග්‍රෑම් 200 ක පමණ ප්‍රමාණයක් සහිත ඇසුරුමක්ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 01 ක ප්‍රමාණයේ දළ වටිනාකම රුපියල් ලක්‍ෂ හතරක් (04) පමණ වෙතැයි විශ්වාස කෙරේ.           තවද, නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 56 ක් වන කල්පිටිය, සින්නකොඩිරුප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01) කේරළ ගංජා සහ කැබ් රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස්…

Read More

ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 190 ක පහසු ජයක් ලැබූ එංගලන්තය, තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය. එංගලන්තය පළමු තරගය මෙන්ම දෙවැනි තරගයද ජය ගත්තේ සිවුවැනි දිනයේදී වීම කැපී පෙනුණු සිදුවීමක් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 483 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකර දින දෙකක් පුරා තමන්ගේ කඩුලු ආරක්‍ෂා කරගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් දෙවැනි ඉනිම ඇරඹූහ. එහෙත් සිවුවැනි දිනය වූ ඊයේ (1 වැනිදා) තේ පානයෙන් මඳ වේලාවකට පසුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 292 කට සීමා කිරීමට ගස්…

Read More

මස්කෙළිය ප්‍රදේශයේ දී උගුලකට හසුවූ කොටියකු තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම සිද්ධිය වාර්තා වන්නේ මස්කෙළිය ලක්කම් වතුයායේ ගෙවත්තක් ආශ්‍රිතවය. ගෙවත්ත ඌරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අටවා තිබූ මද්දකට මෙම කඳුකර කොටියා හසුව තිබිණි. මියගිය කොටියා වයස අවුරුදු 4ත් 6ත් පසුවන පිරිමි සත්වයකු බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. මෙය වසරේ මෙතෙක් වාර්තා වූ 9 වැනි කොටි මරණයයි.

Read More

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා, හෙට(02) තැපෑලට භාරදීමට නියමිතව තිබේ. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය. ඒ අනුව අඟහරුවාදා සිට නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කරන බව, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ සදහා තැපැල් සේවකයින් අටදහසක පමණ පිරිසක් යෙදවීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ ය. මේ අතර, ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ද, සියයට 95 කින් පමණ අවසන් කර තිබේ. හමුදා කඳවුරු වෙත බෙදා හැරීමට නියමිත තැපැල් ඡන්ද පත්‍රිකා කොටසක් පමණක් ඉතිරිව ඇති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ ය.…

Read More

ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. ඔවුන් මේ බව පැවසුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුවිය. ඒ අනුව ඩීසල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ, රුපියල් 10 කින් ය. එහි නව මිල රුපියල් 307 කි. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 352 ක් දක්වා පහළ ගොස් ඇත්තේ, රුපියල් 3 කින් මිල අඩු කිරීමත් සමගයි.

Read More

දෙමළ සන්ධානයේ විශාලතම දේශපාලන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට තීරණය කර ඇත. පැය පහක සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළැඹුණු බව එම පක්ෂයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසයි..එය ඒකමතික තීරණයක් බවද ඔහු සඳහන් කර තිබේ. පසුගියදා මෙරට සංචාරය කළ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, උතුරේ කළ සංචාරයේදී දෙමළ පක්ෂ නියෝජිතයන්ට ප්‍රකාශ කර තිබුණේ, දෙමළ ජනතාවගේ ඡන්ද අපතේ නොයවා, ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු සමඟ සාකච්ඡා කර, සාකච්ඡා මාර්ගයෙන් දෙමළ ජනතාවගේ අභිලාෂයන් තහවුරු කර ගැනීමට උත්සාහ කළ යුතු බවයි.

Read More

ඩුබායි බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකගේ අත්බෑගය තුළ තිබී ටී – 56 උණ්ඩයක් සොයාගැනීමට ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් විය. ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ගමන් මලු ස්කෑන් යන්ත්‍ර භාවිතයෙන් පරීක්ෂා කිරීමේදී එය සොයාගෙන ඇත. උණ්ඩය තිබූ බෑගය හිමි කාන්තාව කුරුණෑගල, නිකදළුපොත, හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකි. ඇය ඩුබායි හි වාසය කරන සිය සහෝදරිය හමුවීමට යෑම සඳහා ඊයේ (31) පස්වරුවේ ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඇය විමර්ශන නිලධාරීන් ට ප්‍රකාශ කර ඇත්තේ මෙම උණ්ඩය තම අත්බෑගය තුළට පැමිණි ආකාරය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති බවයි. කෙසේ නමුත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇයව…

Read More

මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම පවසයි. අප කළ විමසීමකදී ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කළේය. අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුකෙරු‍ණේ ජුලි මස 2 වනදා ය. ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 3,690ක් ලෙසට ය. කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස සඳහන් වෙයි. එමෙන්ම කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් වෙයි.

Read More

යුධ හමුදා අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය – 2024 හි ජයග්‍රාහකයින් වෙනුවෙන් සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ සිනෝ-ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී යුද්ධ හමුදා ‍ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (30) දින පැවැත්විණි. යුද්ධ හමුදා සුළු අවි සංගමය‍, ප්‍රගුණ හා සැඟවුනු වෙඩිකරු පුහුණු පාසල සමඟ ඒකාබද්ධව සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය 2024 අගෝසතු මස 16 සිට 25 දින දක්වා කාලය තුල දියතලාව වෙඩි පිටියේදී පැවැත්විණි. විවෘත‍, ආධුනික හා සේවා රෙඡිමේන්තු අංශ යටතේ පැවැත්වු මෙම තරඟාවලිය සදහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 23ක් නියෝජනය කරමින් කණ්ඩායම් 37 ක් සහභාගී…

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම එරඹුගොඩැල්ල සහ කප්පලඩි වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2024 අගෝස්තු මස 31 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය හතලිස් පහක (345) තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි. ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2024 අගෝස්තු මස 31 වන දින පුත්තලම එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුමකදී, වෙරළ දෙසට පාවෙමින් තිබූ උර හතරක (04) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක්සිය හැට නවයක (169) තොගයක් (තෙත බර සහිත) සහ කප්පලඩි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුමකදී වෙරළ දෙසට පාවෙමින් තිබූ උර පහක (05) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක්සිය හැත්තෑ හයක (176) තොගයක් (තෙත බර සහිත) ඇතුළුව බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය හතලිස් පහක (345) ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට…

Read More